
බත්තරමුල්ල වොන්ලි ෂූ ෆැෂන් හිමිකරු සාලිය වික්‍රමගේ
මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබදව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව ආදී ප්‍රදේශ වල ඇදුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු.
බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ බත්තරමුල්ල නගරයේ පිහිටි පාවහන් වෙළෙඳසලක් වූ වොන්ලි ෂූ ෆැෂන් වෙතය. එහි හිමිකරු වූ සාලිය වික්‍රමගේ මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
මේ දිනවල බිස්නස් කොහොමද?
මම මේ බිස්නස් එක පටන් අරන් මේ වනවිට වසර 8 ක් වෙනවා. පාවහන් ලංකාවේ තොග වෙළෙඳපොළෙන් මිලදී ගන්නවා වගේම විදේශ රටවලින් ආනයනය කිරීමත් සිදු කරනවා. මේ දිනවල බිස්නස් ගැන කතා කරනවා නම් තාම සැප්තැම්බර් මාසය ආරම්භ වුණා විතරයි. ඒ නිසා බිස්නස් අඩු වීම වැඩිවීම ගැන හරියට කියන්න බෑ. සාමාන්‍ය පරිදි බිස්නස් කෙරීගෙන යනවා.
ජූලි මාසේ බිස්නස් නම් හොඳටම අඩු වුණා. තිබ්බෙම නැති තරම්. ගිය අගෝස්තු මසේ බිස්නස් හොඳට තිබ්බා.
බිස්නස් අඩුවීමට හෝ වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
පාවහන් වෙළෙඳාම අඩු වැඩි වෙන්නේ එක් එක් කාලවල පවතින ඉල්ලුම අනුව. ඒ කියන්නේ සීසන් එක අනුව තමයි වෙළෙඳාම වැඩි වෙන්නේ. මැයි, අගෝස්තු වගේ මාස මංගල නැකත් වැඩි මාස නිසා බිස්නස් හොඳට තිබ්බා. අප්‍රේල් මාසේ, දෙසැම්බර් මාසේ වගේම නව පාසල් ආරම්භ කිරීමත් එක්ක බිස්නස් වැඩි වෙනවා. එහෙත් කියන්න ඕන සීසන් එකට වුණත් කලින් අවුරුදුවල තිබ්බා වගේ ලොකු වෙළෙඳාමක් කරන්න මේ වසරේ බැරි වුණා.
පාවහන් මිල ගැන කතා කරනවා නම් මිලේ වැඩි වීමක් සිදු වුණේ නෑ. කොරෝනා වසංගතය සමග අනෙක් භාණ්ඩ මෙන්ම පාවහන් මිලත් ඉහළ ගියා. එහෙත් පසු කාලීනව වැඩිවූ මුදලම අඩු නොවුණත් යම් අඩු වීමක් සිදු වුණා. අවුරුද්දක වගේ කාලයක සිට එකම වගේ මිල ගණන් මට්ටමක් තමයි තියෙන්නේ. ඒ නිසා පාවහන් වෙළෙඳාමට මිලේ ලොකු බලපෑමක් නෑ.
ශෂිකා අබේරත්න
ඡායාරූප: සුමුදු හේවාපතිරණ
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිස්නස් කෙරෙන්නේ සාමාන්‍ය මට්ටමක