IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බිස්නස් එකක් ඇත්තෙම නැති තරම්

කිරිබත්ගොඩ Liyara Shoes  වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික රංග උදයකුමාර

මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී කිරිබත්ගොඩ වෙළෙඳ නගරයේ පාවහන් ව්‍යාපාර කටයුතුවල නියුතු Liyara Shoes වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරිකයකු වන රංග උදයකුමාර මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

Q මේ දවස්වල බිස්නස් කොහොමද?

මේ දවස්වල නම් බිස්නස් එකක් ඇත්තෙම නැති තරම්. අවුරුදු සීසන් එකේ බිස්නස් හොඳ මට්ටමකට තිබුණා. එහෙත් සීසන් එකෙන් පස්සේ සැලකිය යුතු මට්ටමකට බිස්නස් තිබුණේ නැහැ. 

Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?

ආනයනික පාවහන් වර්ග සහ දේශීය පාවහන් වර්ග අප වෙළෙඳ ආයතනයේ අලෙවි කරන්නේ. අපි 

වෙළෙඳපොළට බඩු ගෙනාවට ඒවා මිලදී ගන්න පාරිභෝගිකයෝ එන්නේ නෑ. සීසන් එකක් තිබුණොත් තමයි අපිටත් බිස්නස් තියෙන්නේ. කලින් වසරවල එහෙම නැහැ. පාරිභෝගිකයන්ගේ සිතැගියාවන් අනුව ඇවිත් මිලදී ගෙන ගියා. දැන් දැන් එහෙම තත්වයක් නැහැ. මේ කාලසීමාවේ විවාහ මංගල උත්සව සඳහා දින නියම වුණු කාලයක් වුණත් ඒ සඳහා සහභාගී වන පිරිස් මීට පෙර වසරවල නව පාවහන් මිලදී ගන්න පුරුදුවෙලා හිටියත් මේ වෙද්දී නව පාවහන් මිලදී ගන්න එන පාරිභෝගිකයන්ගේ අඩුවක් තියෙනවා. 

ඒ වගේම පාවහන් මිලදී ගන්න පාරිභෝගිකයන්ට අපේ වෙළෙඳසලටම එන්න ඕනේ නෑ දැන් අඩියෙන් අඩියට පාවහන් වෙළෙඳසල් තියෙන නිසා බිස්නස් එක තනි වෙළෙඳසලක් වටා කේන්ද්‍රගත වෙන්නේ නැහැ. මේ වෙද්දී පාවහන්වල මිලේ නම් වැඩිවීමක් වෙලා නැහැ. පසුගිය වසරවල තිබුණු මිලටමයි පවතින්නේ. එහෙම තත්වයක් තිබුණත් භාණ්ඩයක් ගන්න ආවම පවතින මිල අඩු කරන්න බැරිද කියලා පාරිභෝගිකයෝ අපෙන් අහනවා. එහෙම වුණාම පාරිභෝගිකයෝ වගේම වෙළෙඳාම් කරන අපිත් අපහසුතාවට පත්වෙනවා. පාරිභෝගිකයෝ අතේ මුදල් නැතිකම තමයි මේ බිස්නස් කඩාවැටෙන්න හේතුව. 

මනීෂා වීරසිංහ

ඡායාරූප : ඉසුරු පෙරේරා

 



අදහස් (0)

බිස්නස් එකක් ඇත්තෙම නැති තරම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site