IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බිස්නස් එකක් ඇත්තෙම නැති තරම්

බොරැල්ල Magazlne Fancy & Shoe Palace 
වෙළෙඳ ආයතනයේ හිමිකරු අජිත් උඩවත්ත

මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී බොරැල්ල වෙළෙඳ නගරයේ පාවහන් ව්‍යාපාර කටයුතුවල නිරතවන Magazlne Fancy & Shoe Palace  වෙළෙඳ ආයතනයේ හිමිකරුවන අජිත් උඩවත්ත මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

Q මේ දවස්වල බිස්නස් කොහොමද?

මේ දවස්වල නම් බිස්නස් එකක් ඇත්තෙම නැති තරම්. මේ රාක්ක දිහා බැලු‍වම ඔබතුමියන්ලටම පේනවනේ බිස්නස් එකේ තත්වය කොහොමද කියලා. අවුරුදු සීසන් එකෙත් අන්තිම සති දෙකේ තමයි බිස්නස් එකක් තිබුණේ. ගිය වසරට සාපේක්ෂව ගත්තහම මේ වසරේ බිස්නස් හොඳටම කඩාවැටිලා තියෙන්නේ.

Q    බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

මෙම ව්‍යාපාරය පටන් ගත්තේ මගේ තාත්තා. තාත්තගෙන් පස්සේ මම වසර හතළිහක කාලයක ඉඳන් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යනවා. ඒ කාලේ වෙළෙඳ සහයකයන් හය හත් දෙනෙක් අපේ වෙළෙඳසැල්වල වැඩ කළා. එහෙත් දැන් මමයි පුතයි තනියම මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. මේ වෙළෙඳසැලට අමතරව අපිට තවත් වෙළෙඳසලක් තිබුණා. බිස්නස් කඩා වැටීමත් එක්ක අපිට ඒක වහන්න වුණා. මේ වෙද්දී මමයි මගේ පුතයි තමයි බිස්නස් එක කරගෙන යන්නේ. 

අපි වෙළෙඳපොළට බඩු ගෙනාවට ඒවා මිලදී ගන්න පාරිභෝගිකයෝ එන්නේ නෑ. අපි කොහොමද මේ බිස්නස් එක පවත්වාගෙන යන්නේ. මේ වෙද්දී සෑම බඩුවක මිල ඉහළ යාමත් එක්ක පාරිභෝගිකයෝ භාණ්ඩ මිලදී ගන්න එන්නේ නැහැ. ඒ දේම තමයි අපේ බිස්නස් වලටත් සිදුවෙලා තියෙන්නේ. රුපියල් 300 පාවහන් යුගලක්වත් ගන්න කෙනෙක් එන්නේ නැහැ. එහෙම භාණ්ඩයක් ගන්න ආවත් ඒ මිලත් අඩු කරන්න බැරිද කියලා පාරිභෝගිකයෝ අපෙන් අහනවා. එහෙම වුණාම පාරිභෝගිකයෝ වගේම වෙළෙඳාම් කරන අපිත් අපහසුතාවට පත්වෙනවා. පාරිභෝගිකයෝ අතේ මුදල් නැතිකම තමයි මේ බිස්නස් කඩාවැටෙන්න හේතුව. මෙහෙම ගියොත් අපිට වෙන්නේ මේ ව්‍යාපාර වහලා දාන්න.

මනීෂා වීරසිංහ


ඡායාරූප - ඉසුරු පෙරේරා



අදහස් (0)

බිස්නස් එකක් ඇත්තෙම නැති තරම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 688 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site