IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බිස්නස් අන්තිම සවුත්තුයි

බොරැල්ල වසන්තා ලේඩිස් සෙන්ටර් හිමිකරු වසන්ති අතුකෝරළ


මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල ආදී ප්‍රදේශයන් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ බොරැල්ල නගරයටය. බොරැල්ල නගර මධ්‍යයේ පිහිටි කාන්තා ඇඳුම් අලෙවිසැලක් වූ වසන්තා ලේඩිස් සෙන්ටර් වෙත අපි ගොඩ වූයෙමු. එහි හිමිකරු වූ වසන්ති අතුකෝරළ මහත්මිය මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

Q: මේ දිනවල බිස්නස් කොහොමද?
මම බිස්නස් කරන්න පටන් අරන් අවුරුදු 28 ක්. මම විකුණන්නේ කාන්තා ඇඳුම් පැළදුම්. පිටකොවුව, මහරගම පමුණුව ආදී තොග වෙළෙඳපොළවලින් රෙදි ගෙනවිත් තමයි බිස්නස් කරන්නේ. මේ දිනවල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අන්තිම සවුත්තුයි. බිස්නස් ඇත්තෙම නෑ. අප්‍රේල් මාසේ එහෙම සීසන් එක වුණාට ඒ දවස්වලත් හරියට බිස්නස් එකක් තිබ්බෙ නෑ. දැන් කොහොමත්ම නෑ.


Q: බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න හේතු කීපයක්ම බලපානවා. එකක් තමයි මිනිසුන්ට සල්ලි නෑ. අවුරුදු කාලේ එහෙම වියදම් වැඩි නිසා මේ වෙද්දි මිනිසුන්ගේ අතේ සල්ලි නෑ. ඒ නිසා අත්‍යාවශ්‍ය දේවල් මිලදී ගන්න්වා ඇරෙන්න රෙදිපිළි වගේ දේවල් වලට වියදම් කරන්නේ නෑ. අනිත් හේතුව තමයි රෙදි මිල වැඩිවීමත් බිස්නස් අඩු වෙන්න බලපානවා. 

අපි තොග කඩවලින් ගෙනල්ලා අපිටත් ලාබයක් තියාගෙනනේ විකුණන්නේ. තවත් හේතුවක් තමයි නමගිය ලොකු ලොකු රෙදි කඩවල් නිසා අපි වගේ පොඩි වෙළඳුන්ට බිස්නස් අඩු වෙනවා. ගොඩක් පාරිභෝගිකයෝ ලොකු කඩවල්වලට තමයි යන්නේ. ඉස්සර අපි හැමදේම කරගත්තේ මේ කඩෙන් එන ආදායමෙන්. දැන් එහෙම වියදම් කරන්න තරම් බිස්නස් එකක් නෑ. මගේ කඩේ එහා පැත්තේ තිබ්බ කඩවල් දෙකම දැන් වහලා. ඉස්සර හොඳට බිස්නස් කරපු කඩවල්. දැන් බිස්නස් අඩු නිසා කඩ වහලා අයින් කරගෙන. දැන් ඒ කඩ කාමර අතුගාන්නවත් කෙනෙක් නෑ ජරාවාස වෙලා තියෙන්නේ. ඕක තමයි අද බිස්නස්වල තත්වය.

ශෂිකා අබේරත්න
ඡායාරූප - ඉසුරු පෙරේරා

 



අදහස් (0)

බිස්නස් අන්තිම සවුත්තුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site