
මේ දිනවල බිස්න්ස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ දෙහිවල වෙළෙඳ නගරයේ ශ්‍රී ජයන්ති මහල් (Sri JayanthiMhal) වෙළෙඳ ආයතනය වෙත ය. එම වෙළෙඳ ආයතනයේ හිමිකරුවන එම්.අයි.හනිෆර් මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
|
පසුගිය වසරවල වෙසක් සමයේ සාමාන්‍ය මට්ටමක බිස්නස් එකක් තිබුණත් මේ පාර බිස්නස් හොඳටම පහත වැටිලා තියෙන්නේ.
දෙහිවල ශ්‍රී ජයන්ති මහල් වෙළෙඳ ආයතනයේ හිමිකරු එම්. අයි. හනිෆර් |
Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
පසුගිය වසරවල වෙසක් සමයේ සාමාන්‍ය මට්ටමක බිස්නස් එකක් තිබුණත් මේ පාර බිස්නස් හොඳටම පහත වැටිලා තියෙන්නේ. වෙසක් සමය ඉලක්ක කරගෙන විවිධ සැරසිලි වර්ග සහ විදුලි බුබුළු වෙළෙඳපොළට නිකුත් කළාට බලාපොරොත්තු වුණ විදියට බිස්නස් එකක් තිබුණේ නැහැ.
Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
ගිය වසරවල වෙසක් කාලය වෙද්දී සාමාන්‍ය මට්ටමක බිස්නස් එකක් තිබිණත් මෙදා පාර සැලකිය යුතු මට්ටමකට බිස්නස් තිබුණේ නැහැ. භාණ්ඩ මිලේ වැඩිවීමක් වෙලා නැහැ. එහෙත් පාරිභෝගිකයෝ භාණ්ඩ මිලදී ගන්න වෙළෙඳපොළට එන එක අඩුවෙලා තියෙන්නේ.
අපි මේ මාසයේ අලෙවිකරන්න පාට බල්බ් 100ක් අරගත්තා. මේ මසේ අවසන් වෙන්නත් තව දින කිහිපයයි තියෙන්නේ. එහෙම අලෙවි කරන්න ගෙනාව බල්බ්වලින් අලෙවිකරගන්න පුළුවන් වූණේ පාට බල්බ් 25ක් විතරයි. වෙන අවුරුදුවල පාට බල්බ් 500ක් 600ක් වගේ විකුණනවා ඊට අමතරව බල්බ්වැල් විකුණනවා. එහෙත් මේ පාර බල්බ්වැල් 10ක් වත් මේ පාර අලෙවිකරන්න බැරිව ගියා.
වෙසක් පොහොය සහ පොසොන් පොහොයත් එක්ක කලින් වසරවල බිස්නස් තිබුණට ඒ තිබුණ වෙෙළඳපොළ අද වෙද්දී නැහැ. මේ භාණ්ඩ පමණක් නෙමෙයි පාරිභෝගිකයෝ දෛනික අවශ්‍යතාවලට වුවමනා දේවල් මිලදී ගන්න යොමුවනවා මිස සෙසු භාණ්ඩයක් මිලදී ගන්න යොමුවන ප්‍රමාණය අඩුවෙලා තියෙන්නේ. පාරිභෝගිකයාගේ ආර්ථික මට්ටම කඩාවැටීම තමයි බිස්නස් අඩුවෙන්න හේතුව.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ඉසුරු පෙරේරා
2025 දෙසැම්බර් මස 18
490
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලාපොරොත්තු වුණ විදිහට බිස්නස් නැහැ