
LOLC සමූහ ව්යාපාරයේ විද්යුත් වාහන (EV) අංශය වන බ්රවුන්ස් EV, ශ්රී ලංකාව විදුලි වාහන භාවිතය වෙත යොමු කිරීමේ ක්රියාවලිය වේගවත් කිරීම සඳහා වූ කැපවීම තවදුරටත් තහවුරු කරමින්, දකුණු පළාතේ සිය ප්රථම ප්රදර්ශනාගාරය මාතරදී විවෘත කළේය. බ්රවුන්ස් EV අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී විජිත බණ්ඩාර මහතා විසින් මෙම නව ප්රදර්ශනාගාරය උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.
මාතර පඹුරණ, කුමාරතුංග මාවතේ, අංක 401 දරන ස්ථානයේ පර්චස් 80ක භූමි භාගයක පැතිරුණු මෙම නව ප්රදර්ශනාගාරයෙන් දකුණු පළාතේ පාරිභෝගිකයන්ට BAW සහ Wuling විද්යුත් වාහන වෙත පහසුවෙන් ප්රවේශ වීමේ අවස්ථාව උදාවේ. මෙහිදී වාහන ප්රදර්ශනය සහ පරීක්ෂණ ධාවනවල සිට, මූල්යමය උපදෙස් සහ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවා සැපයීම දක්වා වූ සියලුම සේවා එකම ස්ථානයකින් ලබා ගත හැකිවේ.
බ්රවුන්ස් EV ගමන් මගේ මෙම නව සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් එහි අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී විජිත බණ්ඩාර මහතා මෙසේ පැවසීය. “බ්රවුන්ස් EV ඔස්සේ අපගේ අරමුණ වන්නේ හුදෙක් විද්යුත් වාහන එකතුවක් පිරිනැමීම පමණක් නොවේ. පාරිභෝගිකයන්ට විද්යුත් වාහන භාවිතයට මාරුවීම සඳහා පූර්ණ විශ්වාසයක් ඇතිකරන වටපිටාවක් ගොඩනැගීම අපගේ අපේක්ෂාවයි. අපගේ ප්රදර්ශනාගාර ජාලය, වාහන ආරෝපණ (චාජින්) පහසුකම්, මූල්ය සහාය සහ අලෙවියෙන් පසු සේවා පුළුල් කිරීමෙන්, ශ්රී ලංකාව පුරා විසිරී සිටින පාරිභෝගිකයන්ට විද්යුත් වාහනයක් හිමිකර ගැනීම වඩාත් පහසු, ප්රවේශ විය හැකි සහ තිරසාර අත්දැකීමක් බවට පත් කිරීමට අපි අවධානය යොමු කරමු.”
LOLC සමූහ ව්යාපාරයට අයත් බ්රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී හි විද්යුත් වාහන හස්තය ලෙස, බ්රවූන්ස් EV, 2025 වසරේදී ශ්රී ලංකාවේ විද්යුත් වාහන වෙළෙඳපොළට පිවිසුණේ, ජාත්යන්තර නිෂ්පාදකයන් සමග හවුල් වෙමින්, ගෝලීය වශයෙන් පිළිගත් විද්යුත් වාහන විසඳුම් මෙරටට හඳුන්වා දීමේ අරමුණෙනි. මෙහිදී BAW E7 මාදිලිය වෙළෙඳපොළට හඳුන්වාදීමටත් පෙර ඒ සඳහා පෙර ඇණවුම් 2,000කට වඩා ලැබුණු අතර, 2026 වසරේ මුල් භාගය වන විට සමාගම විසින් බෙදා හරින ලද විද්යුත් වාහන සංඛ්යාව 1,500 ඉක්මවීය. එතැන් පටන්, බ්රවුන්ස් EV තම BAW සහ Wuling වාහන පරාසය, BAW E7 Pro, BAW M8, Wuling Eksion, Wuling Darion සහ Wuling Mitra වැනි මාදිලි ද එක්කරමින් පුළුල් කර ඇත. 2026 සැප්තැම්බර් මාසය වන විට, BAW වාහන 2,250කට අධික සංඛ්යාවක් ද ඇතුළුව විද්යුත් වාහන 3,000කට වඩා වැඩි සංඛ්යාවක් පාරිභෝගිකයන් වෙත භාරදීමට සමාගම සමත් විය. එමගින් සමාගමේ වේගවත් වර්ධනය මෙන්ම ශ්රී ලංකාව තුළ විද්යුත් ප්රවාහන ක්රම භාවිතය ඉහළ යමින් පවතින බව පිළිබිඹු කරයි.
දිවයින පුරා ආරෝපණ පහසුකම් පුළුල් කිරීම සඳහා TELD සමඟ ඇතිකරගත් හවුල්කාරිත්වය ඇතුළුව මූල්යකරණය, රක්ෂණය, අලෙවියෙන් පසු සේවා සහ ආරෝපණ යටිතල පහසුකම් හරහා ශ්රී ලංකාවේ විද්යුත් වාහන පරිසරය ශක්තිමත් කිරීමට බ්රවුන්ස් EV අඛණ්ඩව පියවර ගනිමින් සිටී. එහි “ හිමිකාරිත්වය සඳහා පැදයන්න” (Drive to Own) වැඩ පිළිවෙළ විද්යුත් වාහන සඳහා ප්රවේශය තවදුරටත් ඉහළ නැංවීමට සහායක් වී තිබේ. නිෂ්පාදන විවිධාංගීකරණයට සමගාමීව බ්රවුන්ස් EV, කුරුණෑගල සහ කිරුළපන ප්රදර්ශනාගාර සැලසුම් කරමින් එහි පියසටහන පුළුල් කිරිමට අදහස් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd