IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


බේරේ වැව පෙදෙස රන්මසුපුර වෙයි

(විනීතා එම් ගමගේ)

වාණිජ  කලාපයක් ලෙස සංවර්ධනය කෙරෙමින් පවතින බේරේ වැව ආශ‍්‍රිත ප‍්‍රදේශය රන්මසුපුර ලෙස අද (27) පෙරවරුවේ නම් කැරිණි.

සිංගප්පූරු කෝපරේෂන් එන්ටර්ප‍්‍රයිසස්, තෙමාසසෙක් පදනම සහ ලයිව්බල් සිටීස් යන ආයතනයන් හි උපදේශකත්වයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ ද දායකත්වය ඇතිව සැකසුණු රන්මසුපුර සංවර්ධන සැලැස්ම, සැලසුම් 5 ක් යටතේ කි‍්‍රයාත්මක කෙරේ.

එනම්, බේරේ වැව වටා ඇති සියළුම ඉඩම් ඉහළ ඵලදායිතාවකට දියුණු කිරීම, බේරේ වැව අපවිත‍්‍ර වන ආකාරයේ සියළු භාවිතයන් පාලනය කිරීම, ස්වභාවික පරිසරය ආරක්‍ෂා කර ගනිමින් යෝජිත සංවර්ධනය සැලසුම් කිරීම, දේශීය හා විදේශීය ජනතාවට බේරේ වැව වෙත ළඟාවීමට හැකිවන පරිදි වැව රක්ෂිතය විවෘත කර සංවර්ධනය කිරීම හා විනෝද කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් දියුණු කිරීම, විශේෂයෙන්ම දේශීය ජනතාව සඳහා තම ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමේ අවස්ථා වැඩිකිරීම හා ආර්ථික දියුණුව ඇති කිරීම සිදු කෙරේ. 

කොළඹ වරාය, වරාය නගරය, විහාර මහා දේවී උද්‍යානය සහ ගාලූමුවදොර ආවරණය වන ආකාරයට සංවර්ධන කොරිඩෝ පහක් හඳුනාගෙන ඇති අතර ඒ හරහා බේරේ වැවත් නගරයේ අනිකුත් ප‍්‍රදේශත් සංවර්ධනය කිරීමට අපේක්‍ෂා කෙරේ. 

මෙම විශේෂ සංවර්ධන කලාපය හෙක්ටයාර් 55 ක් පමණ බේරේ වැව ලෙස පවතී. එසේම හෙක්ටයාර් 30 ක පමණ රජයේ කාර්යාල පිහිටා ඇති අතර, හෙක්ටයාර් 27 ක් පමණ ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වේ. ඊට අමතරව හෙක්ටයාර් 26 ක් පමණ ගුදම් ලෙස පවතී. 

මින් වැඩි ප‍්‍රමාණයක් අයත් වනුයේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියටය. මෙහිදී විශේෂයෙන් දැකගත හැකි වනුයේ නේවාසික භාවිතයට හෙක්ටයාර් 24 ක් පමණ වෙන්වී ඇති අතර, විවෘත ප‍්‍රදේශ ලෙස හෙක්ටයාර් 20 ක් පමණ වෙන් වී ඇති බවයි.

විවෘත ප‍්‍රදේශ සහ විනෝද කටයුතු සඳහා සැලකිය යුතු භූමි ප‍්‍රදේශයක් වෙන් කිරීමටත්, එම ප‍්‍රදේශය දිවා කාලය මෙන්ම රාත‍්‍රී කාලයේ දී ද සජීවීව තබා ගැනීම උදෙසා නේවාසික භාවිතය ද තෝරාගත් කලාප තුළ ප‍්‍රවර්ධනය කිරීමටත් මෙම සැලසුම තුළින් අපේක්‍ෂා කෙරේ.
 



අදහස් (9)

බේරේ වැව පෙදෙස රන්මසුපුර වෙයි

senewi Monday, 27 November 2017 11:24 AM

ඉදි කිරීමේ කොන්තරාත්තුව ගත් අයට නං රන්මසු ලැබෙන්න ඇති ...

:       417       607

Nandalal DE SILVA - FranceMonday, 27 November 2017 07:51 PM

ඔබත් මේ ව්‍යාපාරයට මුක්කු ගැහුවා නම් රන්මසු කුට්ටියක් ලැබෙනවා නේද ? දැන් පමා උනා වැඩි නේද, කෙනෙහිලි කතා කියන්න... කොහොම උනත් මෙමගින් කොළොම්පුරට නියම ලස්සනක් ලැබෙනවා ඇත. රැකියා නැති අයටත්...."සුබ අනාගතයක්" ලැබෙනු ඇත. කෙසේ වෙතත්, වෙළඳසැල් වසා, ජරාජිර්ණවී අබලන් තත්වයට පත්වී තිබෙන, සොහොන් ස්මාරක මෙන්රාජපක්ෂ සහෝදර සංස්ථාවේ නම් පමණක් ඉතිරිවී තිබෙන, පිටකොටුව පැත්තේ තිබෙන "පාවෙන මරාකට්ටුව" වගේ තත්වයකට මේ "රන්මසුපුර" පත් නොවේවායි පතමි !!!

:       2074       1068

thejWednesday, 29 November 2017 11:17 AM

හදන ලස්සන දේවල් ඒ විදියටම නඩත්තු කරන්න වෙනවා. ඔයා කියපු පාවෙන මාකට් එකටත් තව ජරාවාස වෙලා තියෙන ගොඩක් දේවල් වලටත් එ්ක අදාලයි. එ්කට හදපු මිනිසුන්ට බැනලා වැඩක් නැහැ. දැන් කාලෙකට කලින් ලස්සනට තිබුණු ගොඩක් තැන් දැක්කම දුක හිතෙනවා.

:       135       307

Kumar (Galf) Wednesday, 29 November 2017 11:55 AM

ලස්සනට හදල තිබුණු බේරේ වැව විනාශ කරලා දාලා අායෙත් එ්ක හදන්න කොන්තරාත්තු දීලා. ඕවා ඉතින් මෙලෝ දෙයක් දන්නේ නැති පිටරට අයට නම් මැජික්. එහෙමත් නැත්තන් පිටරට අයට පේන සංවර්ධනය. ඒත් මේ රටේ ඉන්න අය නම් දන්නවා ඕකට කියන්නේ වවාගෙන කෑමයි කියලා.

:       263       292

himalThursday, 30 November 2017 03:36 AM

බේරේ වැව ලස්සනට තිබිලා තියෙනවා සුද්දො ඉන්න කාලේ. "බේරෙ වැවට හඳ පෑව්වා වාගේ මට නුඹේ හිනා" කියලා ගීතයක කියවෙන්නේ ඒක. දැන් හරි ඒක පුනරුත්ථාපනය වෙන එක හොඳ දෙයක්.

:       52       116

Athula kThursday, 30 November 2017 08:15 AM

සුද්දන්ගේ කාලෙන් පස්සේ මේක කෙතරම් ජරාවාස වෙලා තිබුනද. නමුත් පසුගිය රජයෙන් මේක සැහෙන පමණකට ගොඩ ගත්ත. මේ රජයෙන් කලේ නඩත්තු කරන එක නවත්තපු එක. දිගටම කරන්නේ නැතිව දැන් විකාර කරනවා. මේකේ උත්සවයක් තිබ්බ තරු හෝටලේක.............. අදාල ඇමති. ගෙදරින් වෙන්න ඇති ඒවාට සල්ලි ගෙන්න ඇත්තේ.

:       235       315

naatambivaru Sunday, 03 December 2017 09:03 AM

නගරයේ වැඩ කරන මිනිස්සු ඔක්කොමලා මල පහ කරන්නේ මේ වැවට... මේක සුරපුරයක් කරන්න හදන්නේ කවදාවත් නොකෙරෙන වැඩ.. ඒ මිනිස්සු එළියට පහළියට අරලියගහ මන්දිරේට යන්නද?

:       19       41

Don Sunday, 03 December 2017 01:57 PM

රන් මසුවෙක් තියා එක වැලි ගොබුවෙක්, අඟුලුවෙක්, මඩ ආඳා මාලුවෙක් ඔය වැවෙන් හොයාගන්න පුළුවන්ද? ඔහොම නෙමෙයි ඔළුවෙන් හිටගෙන සංවර්ධනය කළත් ඔය වැවට වැටෙන්න එහෙම එපා .. ගොඩවෙන්න වෙන්නේ මේ ලෝකෙත් නැති ලෙඩක් හදාගෙන තමයි .. මේ ලෝකේ තියෙන අපිරිසිදුම ජලාශයක් තමයි ලංකාවේ කොළඹ බේරේ වැව.. ඕක වටේටම බලහත්කාරයෙන් පැල්පත් හදාගෙන... අයිතිවාසිකම් කියන ඔක්කොම අය මලපහ කරන්නේ ඕකට.. ඔකේ අඩියේ තියෙන්නේ මඩ නෙමෙයි මලපහ ..

:       5       39

nalinThursday, 07 December 2017 12:38 PM

බේරේ වැවේ මාළු බලන්න වැව ගාවට එන්න. කී දෙනෙක් මේකේ මාළු අල්ලනවද? උදේට වැව ඇත්තටම ලස්සනයි. මේකේ ලොකු කොක්කු ජාතියකුත් ඉන්නවා මාළු අල්ලන්න ඇවිත්. ඉස්සර වැව නෙවෙයි දැන්.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 420 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 449 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site