IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බැඳුම්කර වෙළෙඳපොළට නව මෘදුකාංගයක්

සුජිත් හේවාජුලිගේ


ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ඒකාබද්ධ සමාගමක් වන Techscrolll  ආයතනය ශ්‍රී ලංකාවේ බැඳුම්කර වෙළෙඳපොළ කාර්යක්ෂම කිරීමට iBond නමින් වැඩි දියුණු කළ නව මෘදුකාංගයක් හඳුන්වා දී ඇත.

භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් ඇතුළු රජයට නව මූල්‍ය ආයෝජන ගැනීමට හැකි වැඩපිළිවෙළ සඳහා වඩාත් කාර්යක්ෂම සහ ඉක්මනින් තීන්දු තීරණ ගත හැකි, වඩාත් ආරක්ෂාකාරී විනිවිදභාවයෙන් යුතු මෙහෙයුම් ක්‍රමවේදයක් මෙම iBond මත පදනම් වූ මෘදුකාංග පද්ධතියේ සහාය ගනිමින් ඇති කර ගත හැකිවීම විශේෂ කරුණක් බව සඳහන්වේ.

රජයේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන අතර පවතින මනාව සම්බන්ධීකරණය නොවීමේ දුර්ගුණය නැති කිරීමට, රජයේ ආයතනවල සේවා කාර්යක්ෂම කිරීමට, සන්නිවේදන බාධා සහ හිඩැස් අවම කිරීමට, ප්‍රමාදය දුරු කිරීමට මෙම නවෝත්පාදන මෙහෙයුම් පද්ධතිය භාවිතයට ගැනීමෙන් හැකියාව ලැබෙනු ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ආරම්භවී ඇති රට ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන මොහොතක එම කටයුතු වඩාත් වේගවත් කිරීමට මෙම මධ්‍යගත ඒකාබද්ධ තාක්ෂණික නවෝත්පාදනය සොයා ගැනීම ඉතා වැදගත් බවත් රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ Techscrolll පෞද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ප්‍රභාත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට බැඳුම්කර වෙළෙඳපොළට පහසුවෙන් පිවිසීමට හැකි නව මෘදුකාංගය හඳුන්වා දීමෙන් රජයට එක්සත් ජනපද ඩොලර් බිලියනයක ආයෝජනයක් පවා ඉතා පහසුවෙන් සපයා ගැනීමට හැකියාව ලැබෙන බවත් රජයේ තාක්ෂණික වෙළෙඳපොළේ වටිනාකමද එමගින් ඩොලර් බිලියනයකින් ඉහළ යන බවත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.



අදහස් (0)

බැඳුම්කර වෙළෙඳපොළට නව මෘදුකාංගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site