කොටස් වෙළෙඳ පොළ ඉකුත් සිකුරාදා ගනුදෙනු අවසන් කළ පසු (පෙබ 21) සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කළේය. පසුගිය දිනදෙකක් තුළ ගනුදෙනු අවසානයේ දී දර්ශක පහත වැටීමක් වාර්තා කළ අතර, මෙදින එම පසුබෑම ආපසු ආවරණය කරගන්නට සමත් වූයේ නැත. බැංකු හා මූල්‍ය අංශයේ කොටස් මිල දී ගැනීම සඳහා සැලකිය යුතු උනන්දුවක් තිබුණි. විදේශ විකිණීම් ප්‍රවණතාව මෙදින ද කැපී පෙනිණ. විදේශ අයෝජකයන් ඉවත්කරගත් මුදල රුලියල් මිලියන 750 ක් වූ අතර, එය රටින් බැහැර වූ ශුද්ධ අහිමිවීමකි.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,889.31 ක් දක්වා ඉහළ ගිය අතර, එය දර්ශක 30.34 ක පිබිදීමකි. ඉකුත් දින දෙකක් තුළ පමණක් දර්ශක 325 කින් කොටස් වෙළෙඳපොළ පිරිහීම වළකා ආපසු හැරෙන්නට ගත් තරමක උත්සාහයක් බව සඳහන් කළ හැකිය. එස්.ඇන්.ඩී.පී ශ්‍රී ලංකා දර්ශකය 5,063.27 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 30.33 ක වර්ධනයක් සේ දැක්විය හැකිය.
ඉකුත් සිකුරාදා දිනයේ දී ද සමාගම් හතරක් ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. හැටන් නැෂනල් කොටසකට රු.15 ක් හා එහි නිෂ්ඡන්ද කොටසක් සඳහා ද රු. 15.00 ක ලාභාංශ ගෙවන සූදානම්වේ. කැගල්ල වැවිලි කොටසකට රු. 3.50 ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත. මස්කෙලිය වැවිලි සමාගම ද කොටසකට ගෙවන ලාභාංශය රු.4.50 කි. නමුනුකුලවැවිලි සමාගම කොටසකට රු. 15.00 ක ලාභාංශ ගෙවනු ඇත. මෙම සමාගම් ලාභාංශ ගෙවීමෙන් පසු මිල දී ගැනීමේ ප්‍රවණතාව තරමක් සීමා වන අවදානමක් තිබේ.
මෙදින ගනුදෙනු 15,937 ක් වාර්තා වූ අතර, එහි දී සමාගම් 118 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 110 කි. දිනයේ පිරිවැටුම රු. බිලියන 3.51 දක්වා අඩු අගයක් වාර්තා විය. ගනුදෙනු ප්‍රමාණය හා පිරිවැටුම අඩුවීම අනුව වෙළෙඳපොළ උදාසීන වී ඇති බව දැක්වේ. කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 5,94.6 ක් විය.
සම්පත් රු. මිලියන 277 ක, කොමර්ෂල් රු. මිලියන 215 ක, එන්.ඩී.බී රු. මිලියන 208 ක, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 206 ක, ජෝන් කීල්ස් රු. මිලියන 125 ක, සී.අයි.සී නිශ්ඡන්ද රු. මිලියන 72 ක සහ නේශන් ට්‍රස්ට් බැංකුව රු. මිලියන 67 ක, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය.
නේෂන් ලංකා ෆිනෑන්ස් කොටසකමිල ශත විස්සක් දක්වා සියයට 33.033 කින්, ගෙස්ටෙට්නර් රු. 135.00 දක්වා සියයට 6.90 කින්, ඊ.බී. ක්‍රීසි රු. 20.00 දක්වා සියයට 5.94 කින්, හන්ටර්ස් රු. 689.00 දක්වා සියයට 5.10 කින් සහ අබාන්ස් ෆිනෑනස් රු. 40.10 දක්වා සියයට 4.98 කින් කොටස් මිල පහල වැටුණු සමාගම් අතර, ඉදිරියෙන්ම වූ අතර යූ. බී. ෆිනෑනස් ශත හැත්තෑව දක්වා සියයට 14.29 කින්, ලී හෙජ් රු.112.00 දක්වා සියයට 12.90 කින්, පොර්ට් ලෑන්ඩ් රු. 50.90 දක්වා සියයට 10.52 කින්, මුලර්ස් රු. 1.30 දක්වා සියයට 8.33 කින්, හා යෝක් ආකේඩ් රු. 170.25 දක්වා සියයට 8.07 කින් ප්‍රතිශතයක් ලෙස වැඩිම වශයෙන් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර තිබුණි.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බැංකු හා මුල්‍ය කොටස්වලට හොඳ ඉල්ලමක් ලැබෙන ලකුණු