ප්‍රතිපත්ති පොළී අනුපාත නොවෙනස්ව පවත්වා ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (05) නිවේදනය කළේය.
ඊයේ (4) පැවැති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.50 අගයේත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 7.50ත් දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළෙඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය එම තීරණය ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
මුදල් මණ්ඩලයේ මෙම තීරණය උද්ධමනය සියයට 4ත් 6ත් අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර මැදිකාලීන ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීමට සහාය වනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.
055
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘‘බැංකු පොළී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යනවා‘‘