භානුක අමරසිංහ
මේ වසරේ දෙවැනි කාර්තුව වන විට බැංකු අංශයේ වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 23.8ක් බවට පත්ව ඇතැයි මහ බැංකුව නිකුත් කළ මූල්‍ය සාධනීය දර්ශකය තුළ සටහන්ව තිබේ. මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ රුපියල් ට්‍රිලියන 20.7ක වත්කම් ප්‍රමාණය හා සැසඳීමේදී සියයට 14.9ක වර්ධනයකි.
එහිදී ආයෝජන, ණය සහ අත්තිකාරම්හි සිදු වූ ඉහළ යාම මෙම වර්ධනය සඳහා හේතුව වී ඇතැයි මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව බැංකු අංශයට ලැබුණු ආයෝජන පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී වාර්තා කළ රුපියල් ට්‍රිලියන 7.8 හා සැසඳීමේදී මේ වසරේ දෙවැනි කාර්තුවේදී රුපියල් ට්‍රිලියන 9.9ක් දක්වා සියයට 26.2කින් ඉහළ නැග තිබේ. එසේම දළ ණය සහ ලැබීම් පසුගිය වසරේ වාර්තා කළ රුපියල් ට්‍රිලියන 11 හා සැසඳීමේදී මේ වසරේදී රුපියල් ට්‍රිලියන 12.3 ක් දක්වා සියයට 11.4කින් ඉහළ නැග තිබේ.
මේ අතර බැංකු අංශය සතු ණයබරතාව 2024 දෙවැනි කාර්තුවේ පැවැති රුපියල් ට්‍රිලියන 18.9 ට සාපේක්ෂව මේ වසරේ දෙවැනි කාර්තුවේදී ට්‍රිලියන 21.6 ක් දක්වා සියයට 14.4කින් ඉහළ ගොස් තිබේ. එසේම සමස්ත තැන්පතුද රුපියල් ට්‍රිලියන 17 සිට රුපියල් ට්‍රිලියන 19.2ක් දක්වා සියයට 12.9කින් ඉහළ ගොස් තිබේ. බැංකු අංශය මගින් ලබා ගත් ණයද මේ වසරේ දෙවැනි කාර්තුවේදී රුපියල් ට්‍රිලියන 1.27 සිට රුපියල් ට්‍රිලියන 1.48ක් දක්වා සියයට 16.6කික් ඉහළ ගොස් තිබේ.
එසේම කොටස් ප්‍රාග්ධන සහ සංචිතයද රුපියල් ට්‍රිලියන 1.82 සිට ට්‍රිලියන 2.2ක් දක්වා සියයට 20.4කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර බැංකු සතු සමස්ත ණය ප්‍රමාණයට පවතින අක්‍රිය ණය අනුපාතයද පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී වාර්තා කළ සියයට 12.8 සිට සියයට 12ක් දක්වා අඩු වී තිබේ. ඒ අනුව මෙය බැංකු අංශය තුළ පවතින අවදානම යම් තරමකින් පහත වැටීමක් පෙන්නුම් කරන අවස්ථාවක් වී තිබේ. කෙසේ වෙතත් දළ අක්‍රිය ණය ප්‍රමාණය පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී වාර්තා කළ රුපියල් ට්‍රිලියන 1.4 සාපේක්ෂව මේ වසරේ දෙවැනි කාර්තුවේදී රුපියල් ට්‍රිලියන 1.46 ක් දක්වා සියයට 4.4කින් ඉහළ නැග තිබේ.
මෙම වාර්තාව පෙන්වා දෙන ආකාරයට 2025 දෙවැනි කාර්තුවේදී බැංකු අංශය වාර්තා කර ඇති බදු පසු ලාබය රුපියල් බිලියන 187.8 කි. එය 2024 දෙවැනි කාර්තුවේ වාර්තා කළ රුපියල් බිලියන 111.8 හා සැසඳීමේදී සියයට 68 ක ඉහළ යාමකි. එහිදී ශුද්ධ පොලී ආදායම් ප්‍රමාණය මේ වසරේ දෙවැනි කාර්තුවේදී රුපියල් බිලියන 501.1 ක් දක්වා සියයට 26.8කින් ඉහළ යාමට හේතුව වී ඇතැයිද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
581
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
499
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
424
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බැංකු අංශයේ වත්කම් ට්‍රිලියන 23.8ක් දක්වා ඉහළට