IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පහත වැටුණු දර්ශක නැවත පිබිදෙන උත්සාහයක

අද ගනුදෙනුවල දී කොළඹ කොටස් වෙළෙදපොළ දර්ශක නැවත වාරයක් ශක්තිමත්වීමට උත්සාහ කරනු ඇත. ඉකුත් සිකුරාදා (ජුනි 06) ගනුදෙනු තියුණු රටාවකට අවතීර්ණ වී තිබුණ අතර අවසන් පැය දෙක තුළ විකිණීමේ ප්‍රවණතාවක් සනිටුහන් කෙරිණ. එහි ප්‍රතිළුලයක් වශයෙන් දර්ශක සුළු වශයෙන් පහත වැටුණි. 
ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,394.54 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 40.49 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,175.95 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 10.83 අඩුවීම ක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 32,250 ක් වාර්තා වූ අතර සමාගම් 123 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 125 කි. දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,220.77 ක් විය. කොටස් මිලියන 189.2 ක් හුවමාරු වූ බව දැක්වේ. 
ලංකා හොස්පිටල් රුපියල් 1.50ක ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇති අතර ටී. ජේ. ලංකා රුපියල් 1.60 ක, ඇලයන්ස් ෆිනෑන්ස් රුපියල් 9.60 ක සහ විදුල්ලංකා ශත තිස්පහක් වශයෙන් ද ලාභාංශ නිවේදනය කර තිබේ. විදේශ සහභාගීත්වය සලකා බලන පසු පසුගිය සතිය හා සමාන තත්වයක් ඉදිරි දිනවල ද අපේක්ෂා කළ හැකිය. ඉකුත් (06) ගනුදෙනුවල දී විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 115.6 ක කොටස් මිල දී ගත් අතර විකිණීම් රුපියල්මිලියන 171.8 කි. රටට සිදුවූ ශුද්ධ අවාසිය රුපියල් මිලියන 56.2 කි.
ලංකා මිල්ක් ෆුඞ් රුපියල් මිලියන 204 ක්, ජෝන් කීල්ස් රුපියල් මිලියන 194 ක්, පෑන් ඒෂියා රුපියල් මිලියන 141 ක්, පීපල්ස් ලීසිං රුපියල් මිලියන 121 ක්, ඩිප් ප්‍රඩක්ට් රුපියල් මිලියන 109 ක් පෑන් ඒෂියා පවර් රුපියල් මිලියන 107 ක්, හේලීස් පැබ්රික් රුපියල් මිලියන 101 ක්, හේමාස් හෝල්ඩිං රුපියල් මිලියන 100 ක්, ලංකා ඇලුමිනියම් රුපියල් මිලියන 96 ක්, එල්.වී.එල්. එන්ජි ෆන්ඩ් රුපියල් මිලියන 91 ක්, බ්‍රවුන්ස් රුපියල් මිලියන 87 ක්, සම්පත් බැංකුව රුපියල් මිලියන 87 ක්, සහ වැලිබල් වන් රුපියල් මිලියන 83 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වූ අවස්ථා දැක්විය හැකිය.
නිරීක්ෂක



අදහස් (0)

පහත වැටුණු දර්ශක නැවත පිබිදෙන උත්සාහයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site