
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉවත දමන ‘ප්ලාස්ටික්’ ගැටලුවට පිළියමක් ලෙස ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත දමන බෝතල් වර්ග දමා මුදල් ඉපයියහැකි ඩිජිටල් යන්ත්‍රයක් ‘මාස් හෝල්ඩින්ස්’ ආයතනය හදුන්වාදුන්නේය.
එම යන්ත්‍රයට යොමුකරන බෝතලයක් සඳහා එම අවස්ථාවේම රුපියලක මුදලක් යොමු කරන්නාට එම අවස්ථාවේදීම හිමිවීම සුවිශේෂි තත්වයකි.
මෙරට ජනතාව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට උනන්දුකිරීමේ අරමුණින් ආරම්භ කළ මෙම වැඩසටහන ‘ට්‍රෑෂ් 2 කෑෂ්’ (TRASH2CASH) ලෙස නම් කර ඇති අතර මෙම යන්ත්‍රය රත්මලාන මාස් ඉන්ටිමේට් පරිශ්‍රය ඉදිරිපිට ස්ථාපිත කර තිබේ.
එම යන්ත්‍රයට අදාල පුද්ගලයාගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කර පාවිච්චි කර අවසන් හිස් ප්ලාස්ටික් බෝතල් හෝ වෙනත් ප්ලාස්ටික් බෝතල් ඇතුළත් කළ පසු හිමිවන මුදල් ප්‍රමාණය කෙටි පණිවුඩයක් ලෙස එම අවස්ථාවේදීම දුරකථනයට ලැබේ.


COMMENTS
නියම වැඩක්! හැබැයි යන්ත්‍රය ඕවර්ලෝඩ් වෙයි දවසින්
ඉතාම හොඳ වැඩක්. සල්ලි නැතත් කමක් නැහැ. දීප ව්‍යාප්තව සවි කිරීමට කටයුතු කරන්න. ප්ලාස්ටික් බෝතල් සහ පොලිතීන් බෑග් විශාල කරදරයක් වෙලා තියෙන්නෙ.
හැම නගරයකම ප්‍රතිචක්කීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන්න මිනිස්සු ඒවාට පුරුදු වෙයි
මෙය එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ මෙය ක්‍රියාත්මක වෙනවා
මෙවැනි වැඩ අගය කරන්න වචන නෑ . ඔබගේ ආයතනය දිනෙන් දින සාර්ථක වේවා.
ඕස්ට්‍රේලියාවේ මම මේක දැක්කා, හැබැයි යන්ත්‍රය බාරගත්තේ එයාලා හඳුනන ඒවා විතරයි. ලංකාවෙන් ගෙනිච්චි පැණි බීම බොතලයක් යන්ත්‍රය ප්‍රතික්ෂේප කළා... මේ කිරි පැකට් බීම බෝතල ආපු කැඳවගන්න ක්‍රමයකට එම නිෂ්පාදන සමාගම් වලට නීති මගන් බලකල යුතුයි. එයාල ලාභ ගන්නත් අපේ ජලප්‍රභව කානු අවහිර කරගන්නත් බැරි බව දැන්විය යුතුයි... බලන්න ගිං ගඟේ වක්වැල්ල පාලම යට උණගස් අස්සේ කොපමණ බීම බෝතල් තිබේද කියා, මේවා තවදුරටත් අපි ඉවසිය යුතුද?...
ඉතාම හොඳයි.... අරාබි රටවල හැම තැනම වගේ මෙවැනි මැෂින් තියෙනවා
ඉවතලන cfl,led බල්බ් සඳහාත් මෙවැනි ක්‍රමයක් ආර්ම්භ කලොත් වටිනවා
ප්‍රදේශයේ ඉන්න යාචකයින්ව උනන්දු කරවන්න ඕන ප්ලාස්ටික් බෝතල් එකතු කරලා මේ යන්ත්‍රයට දාගන්න කියලා.එතකොට අවට පරිසරය නිකන්ම පිරිසිදු වෙනවා.යාචකයින්ට සිඟමන් ලබා දීමෙනුත් වැළකී සිටිය යුතුයි ඔවුන් මේ සඳහා උනන්දු කිරීමට
පාරෙ හැමතැනම විසිකරල තියෙන කාලෙ බෝතල් වලටත් මේ වගේ වැඩක් කරන්න බැරිද?
තේරුමක් නැති වැඩක්, අපේ රටේ ප්‍රස්නය තියෙන්නේ කොහොම කසල එකතු කලත් ඒවා ඔක්කොම එකම කුණු ගොඩට දාන එක, හරි නම් කරන්න ඕන පුළුස්සල තාප විදුලිය හදන එක, එහෙම නැතිව කෝටි ගානක් බෝතල් එකතු කරන යන්තර වලට වියදම් කරලා වැඩක් නැහැ, ෂොපින් බෑග් එකකට එකතු කළා නම් ලාබයි,