IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට GP සහතිකකරන ක්‍රමවේදය හඳුන්වා දේ

ශ්‍රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයට මහඟු‍ පිටුවහලක් ලබාදෙන නව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සහතික කිරීමේ ක්‍රමවේදයක් GP Certified  නමින්පසුගියදා කොළඹදී හඳුන්වාදෙනු ලැබීය. මෙම ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ Island Climate Initiative (ICI)  ආයතනය විසිනි.
GP Certified  යනු ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිති අනුව ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වමින් මෙරටට මුල්වරට හදුන්වා දෙන උසස් තත්ව සහතිකයකි. එහිදී ICIෂ නිලධාරීන් පැවසුවේ, ”‍ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය ජාත්‍යන්තරව පිළිගත් නිර්නායක අනුව ක්‍රියාත්මක කිරීමට මෙය උපකාරී වේ,”‍යන්නයි.
වසරකට ටොන් ගණනින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ පරිසරයට මුදාහැරෙයි. එයින් ප්‍රතිචක්‍රීකරණයට කරනු ලබන්නේ සියයට 4ක්පමණි. ඉතිරි සියයට 96 බොහෝවිට දහනය කිරීම, කසළ ලෙස බැහැර කිරීම හෝ ජල මාර්ගවලට මුදා හැරීම හේතුවෙන් විශාල ලෙස පරිසරික හා සාගර /ජලදූෂණයට මඟ පාදයි. GP Certified ක්‍රමවේදය මෙම ගැටලු‍වට විසඳුමක් වශයෙන් හඳුන්වාදී ඇති අතර, එය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය නවීකරණය කරමින් ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින FMCG (Fast-Moving Consumer Goods)  වෙළෙඳපොළට නව මගක් සපයයි. 
ඒ අනුව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සහතික කරමින්, ප්ලාස්ටික් භාවිතය සඳහා වගකීමක් සහිත ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට මෙය උපකාරී වේ.
GP Certified  සහතිකය හිමිවූ ප්ලාස්ටික් නැවත භාවිතයට ගතහැකි, ආරක්ෂිත සහ පාරිසරික වගකීමක් සහිත බව සනාථ කරයි. මෙය  FMCG  සමාගම්වලට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය ආරක්ෂිතව භාවිත කිරීමට සහාය වීම අරමුණු කරයි.
Island Climate Initiative හි කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද රාජපක්ෂ මෙසේ පැවසීය.
“GP Certified  සහතිකය ලද විට, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වාසිදායක සම්පතක් බවට පත්වන අතර, දේශීය ව්‍යාපාර ශක්තිමත් කරමින්, විදේශ විනිමය ඉතිරි කිරීමට සහ ශ්‍රි ලංකාවේ පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කිරීමට මෙය මහත් උපකාරයක්.”‍
Ecopoly (Pvt) Ltd  හි කළමනාකාර අධ්‍යක්ෂ චුල්ලක හපුආරච්චි මෙසේ පැවසුවේය.
GP Certified  වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය සුවිශාල පෙරළියකට ලක් කරන නව අදියරකි. මෙය අපගේ නිෂ්පාදන ආරක්ෂාව හා ගුණාත්මකභාවය තහවුරු කරමින්, පාරිභෝගික විශ්වාසය වර්ධනය කරනු ඇති බවයි.”‍
මෙම වැඩසටහනට  PLEASE  ව්‍යාපෘතිය මඟින් මූල්‍ය සහය ලබාදෙන අතර, එය ලෝක බැංකුව සහ UNOPS ආයතනවල සහය යටතේ, දකුණු ආසියානු සහකාර පාරිසරික වැඩසටහන  (SACEP)  මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. GP Certified වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය නව මානයකට ගෙනයාමට සහාය වන අතර, තිරසාර චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට මෙය වැදගත් වේ. 



අදහස් (0)

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට GP සහතිකකරන ක්‍රමවේදය හඳුන්වා දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site