IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොල් වගාකරුවන් සවිබල ගැන්වීමට NDB බැංකුවෙන් ‘කප්රුක ආයෝජන’

ලංකාව පුරා පොල් වගාව සහ ඒකාබද්ධ ගොවිතැන් ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති මූල්‍ය විසඳුමක් වන කප්රුක අයෝජන ණය යෝජනා ක්‍රමය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය (CCB) සමග සම්බන්ධ වූ බව NDB බැංකුව සඳහන් කරයි. මෙම උපායමාර්ගික මුලපිරීමෙන් ජාතියේ කෘෂිකාර්මික අංශයට සහාය වීමට සහ ජාතික ආර්ථික වර්ධනයට දායක වීමට දේශීය ගොවීන් සවිබල ගැන්වීමට NDB බැංකුව කැපවී සිටියි.
ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය දේශීය වශයෙන් ජීවනෝපායක් ලෙස සහ අපනයන ආදායම් උත්පාදනය යන දෙකෙහිම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම අංශයේ නිෂ්පාදනය වැඩි කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා ඉහළ යන අවශ්‍යතාවට සරිලන සැපයුමක් සහතික කිරීම සඳහා නව පොල් වගා ඇති කිරීම, පවතින පොල් ඉඩම් සංවර්ධනය කිරීම සහ නවීන, ඵලදායී කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම සඳහා කප්රුක අයෝජන ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත.
මෙම යෝජනා ක්‍රමය යටතේ, සුදුසුකම් සපුරන ගොවීන් සඳහා සියයට 8 ක ඉතා සහනදායී වාර්ෂික පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 7 ක් දක්වා ණය පහසුකම් ලබා ගත හැකි අතර, මාස 12 ක් දක්වා සහන කාලයක් ඇතුළුව වසර 5 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක්ද හිමිවේ. මෙම නවතම මූල්‍ය යෝජනා ක්‍රමය හුදෙක් ණය පහසුකමක් පමණක් නොව එය කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ, ග්‍රාමීය සංවර්ධනයේ සහ ආර්ථික ස්ථාවරත්වයේ අනාගතය සඳහා සිදු කරනු ලබන දිගුකාලීන ආයෝජනයකි.
කප්රුක අයෝජන ණය යෝජනා ක්‍රමයෙන් ගොවීන් සඳහා පොල් වගාවේ විවිධ අංශ සඳහා මූල්‍ය පහසුකම් ලබා දෙයි,
මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, මධ්‍යම වෙළෙඳපොළ සහ ව්‍යාපාර බැංකුකරණ අංශ ප්‍රධානී, උප සභාපති ඉන්දික රණවීර මහතා මෙසේ පැවසීය. අපගේ ජාතියේ ශක්තිය අපගේ ගොවි ප්‍රජාවගේ සමෘද්ධිය තුළ පවතින බව NDB බැංකුවේ අපි විශ්වාස කරමු. කප්රුක ආයෝජන ණය යෝජනා ක
ශ්‍රමය තිරසාර කෘෂිකාර්මික සංවර්ධන ඵලදායිතාව ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වටිනා දායකත්වයක් ලබා දීමට අපගේ පොරොන්දුව පිළිබිඹු කරනවා. සියලු‍ දෙනාට ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මූල්‍යකරණ පහසුකම්වලින්, අපගේ පොල් වගාකරුවන්ගේ හැකියාව සඳහා සහාය දීම අපගේ අරමුණයි.’’



අදහස් (0)

පොල් වගාකරුවන් සවිබල ගැන්වීමට NDB බැංකුවෙන් ‘කප්රුක ආයෝජන’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site