(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ප්රහාරයෙන් පසු මෙරට හෝටල් කර්මාන්තය බරපතල අර්බුදකාරී තතත්වයකට පත්කරමින් රටපුරා හෝටල් කාමර 90%ක් පමණ හිස්ව පවතින බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා ලංකාදීපයට පැවැසීය.
සංචාරකයින් විසින් වෙන්කර තිබූ හෝටල් කාමර මේ වනවිට අවලංගු කරමින් පවතින බව සඳහන් කළ ඒ මහතා හෝටල් කර්මාන්තය ඉදිරියට පවත්වා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද පැවසීය.
මේ වනවිට රටවල් ගණනක රජයන් විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති බැවින් ඉදිරි කාලයේදී සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බව සභාපතිවරයා පැවැසීය.
රටේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ මේවනවිට ගෙන ඇති ක‍්‍රියාමාර්ග සහ ශ්‍රී ලංකවේ සුරක්ෂිත බව සම්බන්ධයෙන් පරිපූර්ණ වාර්තාවක් දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිකුත් කරන ලෙසට තම සංගමය රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
හෝටල් කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් වාර්තාවක් ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය විසින් රජයට ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා පැවැසීය.
හෝටල් කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් රජය මගින් ක‍්‍රියාත්මක කරනු ඇතැයි තම සංගමය විශ්වාස කරන බවද සනත් උක්වත්ත මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදීන්ගේ එක උපාය මාර්ගයක් තමයි ආර්ථිකය වැට්ටවීම. මේ සඳහා වෙනත් වැඩපිළිවෙලවල් සොයාගත යුතුයි.
විදේශ විනිමය උපයන හොදම දෙයක් තමයි සංචාරක ව්‍යාපාරය , දැන් එක තාවකාලික පසුබෑමකට පත්වෙලා. ලෝකයේම මේ ව්‍යාපාරයේ හැටි එහෙමයි. අපි විදේශ විනිමය උපයන දේ වගේ ම විදේශ විනිමය එලියට යන අංශ ගැන දැන්වත් අවධානය යොමුකරන්න ඕන. ප්‍රධාන වශයෙන් ඉන්ධන සහ ගල් අගුරු යන වියදම අඩු කරගත හැකි ක්‍රම ඇතිතරම් තියෙනවා මේ ලෝකය තුල. අපේ කුණු කළමනාකරණය කලොත් එක දිනකට ටොන් විසිදාහක් විත්තරවත් වේවි. එමගින් ඉන්ධන නිපදවීමට පුළුවන් දිනකට ටොන් අටදාහක් විතර , ගැස් ටොන් දහදාහක් විතර .. මේවා කරන්න රජයේ වියදමක් නැතිව තාක්ෂනය සහ ආයෝජනය ගෙන එන්නටත් පුළුවන්. නමුත් යෝජනාවලියක් ඉදිරිපත් කලොත් මුලින් අතිවිශාල මුදලක් සන්තෝෂම් දීමට සිදුවෙනවා එයනම් කල නොහැකි වෙනවා. අපි මෙය කලොත් රටට වාර්ෂිකව USD බිලියනයකට වැඩ ඉතුරු වෙනවා. කුණු එකතු කිරීමට සම්බන්ද වන අතිවිශාල පිරිසකට ගම් මට්ටමින් විශාල මුදලක් ලැබෙනවා. ඉතින් මේවා කාට කියන්නද.