යුරෝපා කොමිසම සිය නියෝජිත පිරිසක් පසුගිය දා කොළඹට එවන ලද අතර තවදුරටත් ජී’.එස්.පී. බදු සහන ශ්‍රී ලංකාව වැනි රටකට ලබාදිය යුතු ද යන්න මෙම කණ්ඩායම සිය නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැයි සැලකේ. යුරෝපා හවුලට අයත් රටවල් විසි හතකට කරන මෙරට අපනයන විදේශ විනිමය ඉපැයීමේ අංශයට ඉතා තියුණු සහායක් ලබාදෙන අතර නියෝජිත පිරිස සමග සාර්ථක සාකච්ඡාවටයක් පවත්වන ෙලස බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී තිබේ. එම පණිවුඩය පදනම් කරගෙන කොළඹ කොටස් වෙළෙඳ පොළ තවත් වටයකින් ශක්තිමත් වූ අතර කෙසේ වෙතත් විදේශික ආයෝජකයන් සතුව තිබුණ එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය ආවරණය කරන සමාගම් කිහිපයක කොටස් විකිණීම හේතු කොටගෙන එම දර්ශකය පහත වැටිණ.
ඉකුත් සිකුරාදා (මැයි 02) ගනුදෙනුවල දී විදේශික ආයෝජකයන් යුහුසුළුවීම කැපී පෙනිණ. රු. මිලියන 87 ක ශුද්ධ අවාසියක් සිදු වූ නමුත් මිල දී ගැනීම් රු. මිලියන 1,214 ක් හා විකිණීම් රු. මිලියන 1,301 ක් වශයෙන් ගනුදෙනු 357 ක් වාර්තාවීම විශේෂිතය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,851.74 ක් වු අතර එය දර්ශක 51.80 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,638.29 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 5.37 ක පිරිහීමක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 13,931 ක් වාර්තා වූ අතර සමාගම් 154 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 72 කි. ගනුදෙනු අවසන් වන විට සමාගම් 12 ක කොටස් මිල සති පනස් දෙකක් ඇතුළත ඉහළම වර්ධනයක පැවැතියේය. තවත් සමාගම් 4 ක කොටස් මිල සති පනස් දෙකක් ඇතුලත අඩුම අගය වාර්තා කරනලද බව ද දැක්විය යුතුය. දෛනික පිරිවැටුම රු. මිලියන 5,900.3 කි.
ලංකෙම් ඩිවෙලොප්මන්ට් රු. මිලියන 214 ක්, පෑන් ඒෂියා රු. මිලියන 197ක්, ලංකා දුම්කොළ රු. මිලියන 82 ක්, ජැට් හෝල්ඩිං රු. මිලියන 73ක්, ඒ.සී.එල්. කේබල් රු. මිලියන 72 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 67 ක්, සිංගර් ශ්‍රී ලංකා රු. මිලියන 57 ක්, වැලිබල් වන් රු. මිලියන 51 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 46 ක්, සම්පත් බැංකුව රු. මිලියන 45 ක්, සහ ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 44 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
නිරීක්ෂක
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පිරිවැටුම ඉහළ නංවන විදේශීය ගනුදෙනු