ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.20 කින් වැඩි කිරිම නිසා පාන් ඇතුළු අනිකුත් නිෂ්පාදන මිල ඉහළ නංවන්නේ දැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ.ජයවර්ධන මහතාගෙන් විමසු විට ඔහු මෙසේ පැවසීය.
දැනට තිරිඟු පිටි කිලෝවක මිල වැඩි කර ඇත්තේ ප්‍රිමා සමාගම බැවින් යම් හෙයකින් සෙරන්ඩිබ් සමාගමත් කිලෝවක මිල වැඩි කළ හොත් පාන් මිල හා අනෙකුත් නිෂ්පාදන මිල ගණන් ඉහළ දැමීමට සළකා බැලිය යුතු බව කියයි.
පාන් මිල වැඩි කර ඇති බවට රාවයක් මතු වුවත් එහි වගකීම බේකරි සංගමයට ගත නොහැකි බව ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බෑ.(හේ)
පාන් නම් වැඩි වුනත් කමක් නැහැ. වී කිලෝව රුපියල් 16 ටත් විකුණගන්න බැරුව තියෙන කාලේ හාල් කිලෝව රුපියල් 55ත් පැනපු එකනේ වැඩේ. (බ)
දැනටමත් සමහර ප්‍රදේශවල චූන් පාන් වෑන් වලින් කිඹුලා බනිස් හරියට හූනා බනිස් වගේ තමයි දෙන්නේ (නි)
ආණ්ඩුවත් අපේ බඩටම ගහන්නයි හදන්නේ (නි)
එහෙනම් හැමෝම අද ඉඳන් කඩේට ගිහින් කියන්න "මට සෙරන්ඩිබ් පාන් ගෙඩියක් දෙන්න මුදලාලි" කියලා (හේ)
පොඩි මිනිහගේ බඩට තමයි මේකෙන් වදින්නේ.(හේ)
එහෙනම් පාන් මිල රුපියල් 10කින්වත් වැඩිවෙයි.(හේ)
දුක තමයි මොනවා කරන්නද ඉතින්.(හේ)
ඇයි ප්‍රිමා එක පාරම පිටි මිල ඉහල දැම්මේ හේතුව කුමක්ද?(හේ)
තව සතියක් යන්න කලින් බේකරි නිෂ්පාදන වල මිල වැඩි වෙනවා සිකුරුයි.(හේ)
සංගමය නෙවෙයි මිල ඉහළ දාන්නෙ. අපි දන්නවා. අපි කල්පනා කරන්නේ ඉස්සරහට සේරම බඩු මිල නගිනකොට කබලෙන් ළිපට බව දැනෙන නිසා. (නි)
මේක පොඩි තැනේ ඉදන් ලොකු තැනටම බලපායි.(හේ)
දැන් ඉතින් හැම තැනින්ම වැඩි කරයි.(හේ)
අපි ඔය බව කලින්ම දැනගෙන හිටියා.(හේ)
මේකට පිළියමක් නැද්ද?(හේ)
දැන් එතකොට අර ප්ලේන්ට්යටයි අප්පෙටයි මොකද වෙන්නේ ? දැන් අපට පාන් නෑ.පරිප්පුත් නෑ....කොත්තමල්ලිත් නෑ (හේ)
දැන් එහෙනම් කාලත් හමාරයි.(හේ)
අපේ බඩට වදින වැඩක් වුනොත් තමයි වෙන්නේ.(හේ)
දැන් අපට පාන් නෑ. පර්ප්පුත් නෑ, කොත්තමල්ලිත් නෑ. (ර)
කොහොමහරි අපිනේ ඒකට ගෙවන්න ඕන. (ර)