IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පාරිභොගිකයන්ගේ පැමිණීම අඩුවෙලා

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අපි මෙවර ළඟාවූයේ කිරිබත්ගොඩ පිත්තල භාණ්ඩ වෙළෙදසලක් වූ එන්. සී. කුරේ සහ පුත්‍රයෝ වෙතය. එහි හිමිකරු වූ අශේන් ගුණවර්ධන මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

මේ බිස්නස් එක පටන් අරන් දැනට අවුරුදු 35 ක් වගේ වෙනවා. තාත්තා තමයි මේක පටන් ගත්තේ. මේ දිනවල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් සමාන්‍ය පරිදි කෙරීගෙන යනවා. එහෙත් කලින් අවුරුද්දට සපේක්ෂව බලද්දි නම් මේ අවුරුද්දේ බිස්නස් අඩුයි. පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක් තියනවා. 

Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?

බිස්නස් අඩු වෙන්න බලපාන හේතුවක් තමයි පිත්තල භාණ්ඩ මිල ඉහළ මට්ටමක පැවතීම. පිත්තල බඩු අපිමයි නිෂ්පාදනය කරන්නේ. ඒ සඳහා වෙනම කර්මාන්තයක් තියනවා. ඒකේ සේවකයොත් 10ක් වැඩ කරනවා. පිත්තල භාණ්ඩ නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍යවල මිල ගණන් වැඩියි. නිෂ්පාදන භාණ්ඩ සදහා අපිට ගණන්වලින් සහනයක් නෑ. ඒ නිසා භාණ්ඩ නිෂ්පාදනයට ලොකු වියදමක් යනවා. ඒ නිසා පිත්තල බඩු අඩු මිලට අලෙවි කරන්න බෑ. 

ගොඩක් පාරිභෝගිකයෝ මිලදී ගන්නවා වෙනුවට ගණන් අහලා හැරිලා යනවා. පිත්තල භාණ්ඩවලට අදේශක භාණ්ඩ රටින් ගෙන්නනවා. ඒවයේ මිල ගණන් අපේ පිත්තල බඩුවලට වඩා අඩුයි. ඒ නිසා ගොඩක් පාරිභෝගිකයෝ ඒවා මිලදී ගන්නවා. ඒ නිසා දේශීය පිත්තල බඩුවලට තියන ඉල්ලු‍ම ගොඩක් අඩු වෙලා තියෙන්නේ. මේක තමයි දේශීය පිත්තල කර්මාන්තය වැඩි දියුණු නොවෙන්න වගේම අපිට බිස්නස් අඩු වෙන්න හේතුව.

ශෂිකා අබේරත්න
ඡායාරූප - ඉසුරු පෙරේරා



අදහස් (0)

පාරිභොගිකයන්ගේ පැමිණීම අඩුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site