වාහන සඳහා ආනයනික බදු වැඩිවීමට පෙර පෞද්ගලිකව වාහනයක් ගෙන්වීමට ණයවර ලිපි විවෘත කල අයගෙන් වැඩි කළ බද්ද අය නොකරන්නැයි පෞද්ගලිකව වාහන ආනයනය කර බදු වැඩිවීම නිසා අගතියට පත්වූවන් ගේ එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරයි.
තම එකමුතුවේ සාමාජිකයන් ආනයනය කර ඇති සමහර වාහනවල බදු රුපියල් ලක්ෂ 35-40 කින් පමණ වැඩිවී ඇතැයි පෞද්ගලිකව වාහන ආනයනය කර බදු වැඩිවීම නිසා අගතියට පත්වූවන් ගේ එකමුතුවේ කැඳවුම්කරු අමර විජේගුණසේකර මහතා සමාජ හා සාමූහික කේන්ද්‍රයේ අද (24) පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කලේය.
ණයවර ලිපි විවෘත කොට මෙසේ අසාධාරණයට ලක්වූ වාහන 200 පමණ ඇතැයි විස්වාස කරන බවත් මේ වනවිට එයින් 70 දෙනෙකු තම එකමුතුවට සම්බන්ධ වි ඇති බවත් විජේගූණසේකර මහතා පැවැසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2015 පෙබරවාරි වලත් ඔය සෙල්ලම කළා. මගේ 660 සිසි බඩියටත් 188,000.00 ක් වැඩිපුර ටැක්ස් ගෙව්වේ ණයවෙලා. 80% ක ලීස් හා ණය වුණා. ඒ පව තවම ගෙවනවා 2020 වෙනකම්. ආර්ථික සැළසුම් අතීතයට බලපාන්න හොඳ නැහැ. මොකද ඒවා සැළසුම් කරලා අවසන් නිසා. දුෂණ තියෙනවා නම් කළාට කමක් නැහැ. අපේ පවුල් 3 ක කතිරය අනෙක් පැත්ත හැරිලා තියෙන්නේ මේක හින්දා. (නි)
මමත් මෙය ලැබෙනකන් බලන් ඉන්න කෙනෙක්. (ර)
මේ ආණ්ඩුව පත්වීමෙන් අපට ලැබුණු සහනයක් තියෙනවා නම් ඉන්ධන මිල අඩුකිරීමයි. නමුත් වාහන ගන්න කෙනෙක් කොතරම් මුදලක් වැඩියෙන් ගෙවන්න ඕනෑද? අඩු කරපු ඉන්ධන මුදල වාහන ගන්න අයගෙන්ම අය කරගන්නවා (නි)
රජයෙන් මෙම සහන ලබාගැනීමේ මේ සියලු උත්සාහයන් අපි විසින් ගනිමින් සිටිමු
කරුණාකරලා මෙම සහනය කලින් ණයවර ලිපි විවෘත කළ අයට ලබාදෙන්න. එකපාරටම ලක්ෂ 25-30 බදු වැඩිවුණාම කොහොමද ඒ මිනිස්සු ගෙවන්නේ? ගේ දොර උකස් තියලද? (නි)
මමත් ප්‍රියස්ර් කාර් එකක් ගෙනාවා. ක්ලියර් කරන්න බැරුව ඉන්නේ, මමත් කැමති ඔයාලගේ කණ්ඩායමට එකතුවෙන්න. (බ)
මේ අයට සහනයක් ලබා දෙන්න.(හේ)
සහනයක් ලබා දිය යුතුයි.(හේ)
සහනය ලබාගෙන ඊටපස්සේ වැඩි ගානට වාහනේ විකුණගන්නත් පුළුවන් නේද? (නි)
කවුරු කවුරුත් එකතුවෙලා කියන්නකෝ අධ්‍යාපනයට හා සෞඛ්‍යයට මුදල් වැඩිකරන්නේ කොහොමද කියලා. තවත් ණයට ගන්නද කියන්නේ (නි)