IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


පෙබරවාරියේදී ජංගම ගිණුමේ ඩො.මි. 359 ක අතිරික්තයක්

  • ප්‍රතිශතයක් ලෙස සියයට 176 ක ඉහළ යාමක්
  • වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය පෙබරවාරි මාසයේදී ඩො.මි. 411.3 ක් දක්වා පහළ ගිහින්
  • අපනයන ආදායම ඩො.බි.1.053 ක්. ප්‍රතිශතයක් ලෙස සෘණ සියයට 0.6ක්
  • ආනයන වියදම ඩො. බි.1.464 ක්. ප්‍රතිශතයක් ලෙස සියයට 6.2 ක්
  • පෙබරවාරි මාසයේ සංචාරක ඉපැයීම් ඩො.මි. 368 ක්
  • විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩො. මි. 548 දක්වා ඉහළ ගිහින්
  • සේවා අංශයේ ඉපැයීම් ඩො. මි. 408 ක්

 

විමුක්ති එස් රුද්‍රිගු

මෙරට ජංගම ගිණුම පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 ක ඉහළ අතිරික්තයක් වාර්තා කර ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 176 ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

පසුගිය ජනවාරි මාසයේ මෙරට ජංගම ගිණුමේ අතිරික්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 130.2 ක් ලෙස සටහන් විය. එයට ප්‍රධාන වශයෙන් වෙළෙඳ හිඟය හේතුවී ඇතැයි එම දත්ත වාර්තා පෙන්වා දෙයි. කෙසේ නමුත් 2024 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී ජංගම ගිණුමේ අතිරික්තය පහළ ගොස් ඇත. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ජංගම ගිණුමේ අතිරික්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 395 ක් ලෙස වාර්තා විය.

මෙරට වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. පසුගිය ජනවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 732.7 ක් ලෙස සටහන් වූ මෙරට වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 411.3 දක්වා පහළ ගොස් ඇත. කෙසේ නමුත් පසුගිය වසරේ පෙබරවාරි මාසය සමග සංසන්දනය කරන විට මෙම වසරේ පෙබරවාරි මාසයේදී වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 319 ක් ලෙස සටහන් විය.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.053 ලෙස සටහන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සෘණ සියයට 0.6කි. එසේම මෙම වසරේ පෙබරවාරි මාසයේදී මෙරට ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.464 ක් ලෙස සටහන් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 6.2 කි.

පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී අපනයන මිල ගණන් පහළ යෑම ඉක්මවා ආනයන මිල ගණන් පහළ ගිය බැවින් වෙළෙඳ මිල අනුපාතය අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. එනමුත් අපනයන සහ ආනයන යන දෙකෙහිම ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.

මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ සංචාරකයන් 492,978 ක් මෙරටට පැමිණ තිබෙන බවත් පසුගිය වසරේ පළමු මාස දෙකට සාපේක්ෂව එය සියයට 15.6 ක වර්ධනයක් බවත් එම දත්ත වාර්තාවල සටහන් වේ. මෙම වසරේ පෙබරවාරි මාසයේ සංචාරක ඉපැයීම්, පෙර මාසයේ ඇස්තමේන්තුගත ඇමෙරිකානු ඩොලර් මිලියන 401 ට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 368 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙම පහත වැටීම වසරක් තුළදී ඇති සාමාන්‍ය සෘතුමය සංචාරක පැමිණීමේ රටාවට අනුකූල වන බවද පැවැසෙයි.

විදේශයන්හි රැකියා සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 548 දක්වා ඉහළ ගොස් ඇත. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ඇමෙරිකානු මිලියන 476 ක් මෙරටට එවා තිබිණ. එසේම මෙම වසරේ ජනවාරි මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 573 ක් වේ.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී සේවා අංශයේ ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 408 ක් ලෙස සටහන් වන අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී සේවා අංශයේ ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 384 ක් ලෙස සටහන් විය. එහිදී සංචාරක සේවා සියයට 6.3 කින් වර්ධනය වී ඇති අතර ප්‍රවාහන සේවා සියයට 29.9 කින් වර්ධනය වී ඇත.

එසේම රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශ ආයෝජන මෙම වසරේ පෙබරවාරි මාසයේදී සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශ ආයෝජන සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

මහ බැංකු දත්ත වාර්තාවලට අනුව මෙරට දළ නිල සංචිත මෙම වසරේ පෙබරවාරි මාසය අවසන් වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.1 ක් ලෙස සටහන් වන මාර්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකා රුපියල සියයට 1.3 කින් අවප්‍රමාණය වී ඇත.



අදහස් (0)

පෙබරවාරියේදී ජංගම ගිණුමේ ඩො.මි. 359 ක අතිරික්තයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 274 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1215 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site