IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පන්විල පාත්තර කර්මාන්තයට කණකොකා හඬලා

  • වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ අටපිරිකර පූජා සඳහා පාත්තර හදන එකම ගම්මානය
  • එදා සිටි පිරිසෙන් ඉතිරිව ඇත්තේ එක් අයෙක් පමණයි
  • පිටරටින් ඇලු‍මිනියම් පාත්තර ගෙන්වීම කර්මාන්තයට මරු පහරක්
  • අමුද්‍රව්‍යවලට අධික මුදලක් ගෙවීමට සිදුවීම තවත් ප්‍රශ්නයක් 
  • දිනකට පාත්තර 5ක් පමණ හදන්න පුළුවන්
  • කර්මාන්තය කරන්න අලු‍ත් පරම්පරාවක් එන්නෙත් නැහැ

ගෝනපීනුවල දයාසිරිල් ධම්මික

වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ අට පිරිකර පූජා සඳහා පාත්තර හදන එකම ගම්මානය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ හික්කඩුව පන්විල ගම් ප්‍රදේශයයි. අවුරුදු 100කට වඩා දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම පන්විල ගම්මානය අට පිරිකර සඳහා අවශ්‍ය පාත්තර නිෂ්පාදනය කරන පාත්තර කර්මාන්ත පුරයක් ලෙස හැදින්විය හැක.

එදා එලෙසින් නම් දරා තිබූ පන්විල පාත්තර කර්මාන්තයට අවාසනාවකට අද කණකොකා   හඬා ඇතැයි එම කර්මාන්තයේ යෙදී සිටින අය පවසති. මේ වනවිට එම පිරිසෙන් ඉතිරිව ඇත්තේ එක් අයකු පමණක් වීමද කණගාටුවට කරුණකි. එම කර්මාන්තයේ යෙදුණු බොහෝ පිරිස් අද එම ගම් ප්‍රදේශයේත් නැත. පාත්තර හැදීම අතහැර දමා වෙනතක් බලා සිටින්නට ඔවුන්ට සිදුවී ඇත.

මේ පිළිබදව සොයා බැලීමේදී ඔවුන් පැවසුවේ ඉතා දුක්බර කතාවකි. පිටරටින් ඇලු‍මිනියම් පාත්තර ගෙන්වීම නිසා එම ඇලු‍මිනියම් පාත්තර අඩු මුදලකට ලංකාවේ විකිණෙන බැවින් හා පාත්තර හැදීමට ගන්නා අමුද්‍රව්‍යවලට අධික මුදලක් ගෙවීමට සිදුවීම මෙයට ප්‍රධාන හේතුවක් බව ඔවුහු පවසති.

අටපිරිකරවලට එක පිරිකරක් ලෙස අයත් වන පාත්තරය යකඩෙන් හදන පාත්තරයයි. ඇලු‍මිනියම් පාත්තරය එයට සුදුසු නැත. එය සම්ප්‍රදායික නැත. අටපිරිකරක වටිනාකම තියෙන්නේ යකඩ තහඩුවෙන් හදන පාත්තරය නිසා බව ඔවුහු පවසති. ඇලු‍මිනියම් පාත්තරය නිසා අද ඔවුන්ගේ පාත්තර නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අභාවයට ගොස් ඇත.

ආරණ්‍ය සේනාසනවලට හදන පාත්තර තලතෙල් ගා වාෂ්පයෙන් තම්බා ගැනීම සිදු කරයි.

වසර 50ක පමණ කාලයක සිට මෙම කර්මාන්තයේ නියැළී සිටින ටී.බී.සරත් මහතා මෙසේ පැවසීය. ‘‘මගේ තාත්තා තාත්තගේ තාත්තාගේ ඉඳලා අවුරුදු 100ක පමණ කාලයක් පරම්පරාවෙන් පරම්පරාවට මෙම කර්මාන්තය කරගෙන ආවා. අද අපේ ගමටම ඉතිරිව ඇත්තේ මා පමණයි. අටපිරිකරට අවශ්‍ය නියම සාම්ප්‍රදායික පාත්තරය හදන්නේ අපි. ඇලු‍මිනියම් පාත්තරය අටපිරිකරට කැප නැහැ. අද වන විට මේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම අභාවයට ගිහිල්ලා. 45 ලොකු බැරල් එකක් අරගෙන රවුම් කපලා තහඩු දිග හැර පාත්තරය හදා ගැනීම කරනවා. වීදුරු කටු කුඩු කර දියකර දියරයක් සාදා ඒවා පෙරාගෙන පෑස්සීමට පෙර පාත්තරයේ ඇතුළත හා පිටත ගාල රත්කර තඹ කෑලිවලින් පෑස්සීම කරනවා. දිනකට පාත්තර 5ක් වගේ තමයි හදන්න පුළුවන් වෙන්නේ. අපේ ගමේ මෙම කර්මාන්තය කරන්න අලු‍ත් පරම්පරාවක් එන්නෙත් නැහැ. කරපු අය අතහැර දාල ගිහිල්ලා. ලංකාවේ පාත්තර හදන එකම ගම පන්විල ගමයි. එහෙත් වැඩි කාලයක් යාමට පෙර මෙම කර්මාන්තය අභාවයට යන බවයි කියන්නට තියෙන්නේ. ඇලු‍මිනියම් පාත්තර නිසා අපේ ගමේ පාත්තර කර්මාන්තය නැතිවන තැනට පත්වෙලා තියෙනවා. එවිට ලංකාවේ පාත්තර කර්මාන්තය ගැන අහන්නට වෙන්නේ නැහැ. එය හරිම කණගාටුවට කාරණයක්. 

පන්විල ප්‍රදේශවාසීන් පවසන්නේ පාත්තර නිෂ්පාදනය කිරීමේ පුරවරයක් ලෙස පැවති පන්විල ගම්මානයේ පාරම්පරික මෙම පාත්තර නිෂ්පාදනය කෙරේ බලධාරින්ගෙ අවධානය යොමු කිරීමට කාලය පැමිණ ඇති බවයි.



අදහස් (0)

පන්විල පාත්තර කර්මාන්තයට කණකොකා හඬලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site