
සඳලංකාව හේමලතා ඩී. හේවගේ
දේශීය ආහාර ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම සඳහා සිදු කළ ව්‍යාපෘතියක් යටතේ ආරම්භ කළ හෙළ බොජුන් හල පන්නල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා නගරයට ආසන්නයේදී විවෘත කරනු ලැබීය.
පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පන්නල ප්‍රාදේශීය සභාවේ සහයෝගය ඇතිව ආරම්භ කළ මෙම හෙළ බොජුන් හල් ව්‍යාපෘතයෙන් කාන්තා ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම හා දේශීය ආහාර වර්ග පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අරමුණ වී ඇත.
දේශීය ආහාර වර්ග ජපන් රාජ්‍යය තුළ ප්‍රචලිත කිරීම මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී කාර්යයක් වන බව ඒ සඳහා ජපන් සම්බන්ධීකාරක සේ සන් මහත්මිය හා සමෘද්ධි සංවර්ධන, ආර්ථික සංවර්ධන, ඇතුළු කාන්තා ව්‍යවසායකත්ව සම්බන්ධ සියලු නිලධාරීන් මෙම ව්‍යාපෘතියට විශාල ශක්තියක් වූ බවත් පන්නල කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී හා මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන සම්බන්ධීකාරක සංජයේ සේනානායක මහතා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පන්නල ප්‍රාදේශීය ලේකම් නීතිඥ සමන්ත වික්‍රමරත්න බණ්ඩාර, පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති නන්දසිරි පරාක්‍රම, සභාවේ ලේකම් ජේ.ඒ. සුජීවනී ජයසිංහ යන මහත්ම මහත්මීන් සහ පන්නල නගරයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු නියෝජිතවරුන්, රාජ්‍ය නිලධාරීන්, කාන්තා ව්‍යවසායිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

2025 ඔක්තෝබර් මස 08
1880
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පන්නල හෙළ බොජුන් හල විවෘත කෙරේ