හාලිඇල- විජේරත්න රත්නායක
කිතුල් පැණි හකුරු කර්මාන්තය අතීතයේ සිටම බොහෝ දෙනකුගේ ජීවනෝපායයක් ලෙස ගම්බදව පැවැති කර්මාන්තයක් වුවත් මේ වන විට එම කර්මාන්තයට බලපා ඇති ගැටලු රැසකි. ඒ හේතුවෙන් එම කර්මාන්තය තව දුරටත් කරගෙන යා නොහැකි ජීවනෝපායයක් බවට පත්වෙමින් ඇති බවට කන්දකැටිය උදේනිගම ප්‍රදේශයේ කිතුල් කර්මාන්තකරුවෝ පවසති.
මෙම කිතුල් මල් මදින්නන් ඇතැමෙක් තම පාවිච්චිය සඳහා කිතුල් රා යම් ප්‍රමාණයක් සාදාගන්නා නමුත් බහුතරයක් මල් මදින්නන් කිතුල් තෙලිදිය යොදාගන්නේ සිය නිවසේ භාවිතයට හා පවුලේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම උදෙසා පැණි හකුරු සෑදීමටයි. එහෙත් පෙර නොවූ අයුරින් මේ වන විට සෑම ප්‍රදේශයකම පාහේ ව්‍යාප්තව ඇති වන සත්ව උවදුර හා නීතිමය බාධා හේතුවෙන් මෙම කර්මාන්තය අත්හැර දැමීමට සිදුව ඇති බව ඔවුහු පවසති.
එසේම කිසිදු වෙහෙස මහන්සියකින් හෝ බෙහෙත් පොහොර යෙදීමකින් තොරව ඉබේ වැවෙන කිතුල් ගස් සිය ගණනින් ගම්වල ඇති අතර එමගින් පෝෂණීය ඖෂධීය මෙන්ම කිතුල් පැණි හකුරු හා කිතුල් පිටිද විවිධ කෑම හා රසකැවිලි වර්ගද සාදයි. ප්‍රයෝජන ගෙන අවසන් වූ ගසේ කඳෙන් ඉතා ශක්තිමත් කිතුල් ලී ද වශයෙන් ප්‍රයෝජන රැසක් ගත හැකිව තිබියදී එම කිතුල් ගස් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මෝරා දිරාපත්වී යාමට ඉඩ හැරීම අපරාධයක් බවද ඔවුහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කිහිප දෙනෙක් මෙසේ පැවසූහ.
එස්.එම්. විජේරත්න මහතා:-
මම කාලයක් තිස්සේම කරන්නේ කිතුල් මල් මැදීම. ඒ ගන්න ඇල් තෙලිජ්ජ ටික උණු කරලා පැණි හකුරු ටිකක් හදලා විකිණීම තමයි මගේ ආදායම් මාර්ගය. පාසල් යන ළමයි තුන්දෙනෙක් මට ඉන්නවා. ඒ අයගේ වියදම් එක්ක ගෙදර සියලු වියදම් හොයාගන්නේ මේ පැණි හකුරු අලෙවියෙන් ලැබෙන ආදායමෙන්. ඊට අමතරව ලැබුණු වෙලාවක කුලී වැඩක් කරනවා. නැතුව මේකෙන් විතරක් ජීවත් වෙන්න බෑ. ඒත් ඉතින් සමහර දවස්වල පොලිසියෙන් හරි සුරාබදු එකෙන් හරි ඇවිත් ගහේ තියෙන ඇල් තෙලිජ්ජ ටික හරි බාවගෙන අරන් යනවා රා හදනවා කියලා. ඉතින් කොහොමද අපි ජීවත් වෙන්නේ.
කේ.ඩී. ප්‍රේමරත්න මහතා:-
මතක ඇති කාලෙ සිටම මගේ රස්සාව මේ මල් මැදිල්ල. වැඩිපුරම කරන්නේ පැණි හකුරු හැදීම. ගෙදරට ඕන බඩුමුට්ටු ටිකක් ගන්නේ ඒකෙන් තමයි. ඒ කාලෙ ගමේ ගෙවල්වලට කඩෙන් සීනි ගෙනාවෙ නෑ. කෑම ජාති රස කැවිලි හදන්න ගත්තේ කිතුල් පැණි. හොඳ කිතුල් හකුරු කියන්නේ තේ බොන්න සීනි වෙනුවට කන දෙයක් විතරක් නෙවෙයි. හොඳ ඖෂධයක්. හැබැයි ඉතින් සමහරු සීනි පිටි කවලම් කරලා හදල ලාබෙට කඩවලට දාන බාල හකුරු නිසා අපටත් හරි මිලකට දෙන්න අමාරුයි.
එම්.එම්. චමිල ඉන්දික මහතා:-
දැනට අවුරුදු විසිපහකට වැඩි කාලයක් තිස්සේ මාත් කිතුල් රස්සාව කරනවා. ඒකෙන් පැණි හකුරු ටිකක් හදල විකුණලයි අපි ජීවත් වෙන්නේ. ඒත් ඒ රස්සාවට හතුරො ගොඩක් ඉන්නවා. අපි අමාරුවෙන් මලක් කපලා මුට්ටියක් එල්ලුවාම මුට්ටිය පිටින්ම තෙලිජ්ජ ටික හොරු ගෙනියනවා. නැතිනම් දඬු ලේනුන් මල කාල විනාශ කරනවා. රිළව් රංචු පිටින් ඇවිත් තෙලිජ්ජ ටික බීලා මුට්ටියත් බිමට දාලා මලත් කඩාදානවා. හැම එකෙන්ම බේරගත්තත් නීති විරෝධී මත්පැන් වැටලීම්වලට එන සමහර පොලිස් හා සුරාබදු නිලධාරීන් මත්පැන් සොයාගන්න බැරිවුණාම අපේ ඇල් තෙලිජ්ජ ටික හරි අරන් ගිහින් නඩු දානවා. ඒ නිසා දැන්නම් කිතුල් රස්සාව කරල ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නේ.
ප්‍රදේශවාසියකු මෙන්ම කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන එස්.එම්. සෙනෙවිරත්න මහතා:-
අපේ ගම් ප්‍රදේශවල විශාල පිරිසක් අතීතයේ සිටම මේ කිතුල් මල් මැදීම කළා. ඒ ඇල් ටික අරන් පැණි හකුරු හැදීම තමයි හැම ගෙදරකම කළේ. ඒ කාලයේ තරමට නැතත් අදටත් මේ කිතුල් කර්මාන්තයෙන් ජීවනෝපාය සලසාගන්නා අය බොහෝ පිරිසක් අපේ ගම්වල ඉන්නවා. ඒත් අද වන විට මේ කර්මාන්තය කරගෙන යාමට බාධා රැසක් තිබෙනවා. වන සත්ව හානිය ප්‍රධානයි. ආරක්ෂක අංශවලින් එන බාධාත් එහෙමයි. ඇත්තටම නීති විරෝධී මත්පැන් හදන අයට විරුද්ධව පියවර ගන්න ඕනෑ. ඒත් මේ ගම්මානවල කිසිදු වෙහෙසක් වියදමක් නැතිව ඉබේ වැවෙන කිතුල් ගස් ඕනෑ තරම් තිබියදී ඒ ගහෙන් මේ තරම් වටිනා නිෂ්පාදන කරන්න හැකියාව තිබියදී ඒ මල් පුපුරා විනාශ වෙන්න ඉඩහැර පැණි හකුරු වෙනුවට වෙනත් විකල්ප සෙවීම අපරාධයක් නෙවෙයිද ? ඒ නිසා ඇත්තටම පැණි හකුරු හැදීම කරන අය හරියට හඳුනාගෙන ඒ අයට අවශ්‍ය සහාය ලබාදී ඒ අයගේ නිෂ්පාදනවලට හොඳ වෙළෙඳපොළක් සකසා දෙන්න අදාළ රාජ්‍ය අංශ මැදිහත් වුණොත් ගම්වල රැකියා ප්‍රශ්නය යම් තරමකට විසඳෙනවා වගේම නිවෙස්වල ආදායමත් වැඩිවෙනවා. එතකොට රජයේ සහනාධාර අවශ්‍ය වෙන්නේ නෑ. ඒ නිසා මේ කිතුල් කර්මාන්තකරුවන්ට පවතින බාධා ඉවත් කර එම කර්මාන්තය දියුණු කරන්න මැදිහත් වන ලෙසයි අපි රජයෙන් ඉල්ලා සිටින්නේ.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පැණි හකුරු තරම් රහ නැති කිතුල් පැණි හකුරු කර්මාන්තය