කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


සියලු‍ පහසුකම් සහිත පිටිගල පැලවත්ත ලංකා බැංකු ශාඛාව නව පරිශ්‍රයකට ගෙනයාමේ උත්සවයක් ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකරු (සංවර්ධන සහ ශාඛා  ප්‍රධානී) බී. කේ. ගුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
2012 වසරේ 541 වැනි ලංකා බැංකු ශාඛාව ලෙස පිටිගල පැලවත්ත ලංකා බැංකු ශාකාව ආරම්භ කෙරිණ. ඒ අවම පහසුකම් යටතේය. වසර 14ක් එලෙස අවම පහසුකම් යටතේ පවත්වාගෙන ගිය පිටිගල පැලවත්ත ලංකා බැංකු ශාඛාවට නවීන තාක්ෂණය සහිත නව පරිශ්‍රයකට ගෙනයාමේ උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.
මෙහිදී පළමුවෙන් ATM යන්ත්‍ර දෙකක් සහිත කුටිය විවෘත කිරීම සිදුකළ අතර එහි පළමු තැන්පතුව ලංකා බැංකුවේ පාරිභෝගික මහතකු විසින් තැන්පත් කරන ලදී. ඉන් අනතුරුව නව බැංකු  ශාඛාව  විවෘත කිරීම සිදුවිය.
එහිදී නව පරිශ්‍රයට ගෙනගිය  පැලවත්ත ලංකා බැංකු ශාඛාවේ පළමු මුදල් තැන්පත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකරු බි. කේ. ගුරුසිංහ මහතා සහ නියෝජ්‍ය මහා කළමනාකාරිනි ප්‍රියන්ති විජේසේකර මහත්මිය විසින් බාරගන්නා ලදී. 
ඉන්පසුව රන්, නිවාස  සහ රථ  වාහන සඳහා ණය නිකුත් කිරීම සිදු කෙරිණ. කල්බදු ණය පහසුකම් මෙන්ම BOC credit card පහසුකම් ජනතාව වෙත ලබාදීමද මීට සමගාමීව  සිදු කෙරිණ.
මේ අවස්ථාවට වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති පී. කේ. එස්. අබේසිරි, ලංකා බැංකුවේ   සහකාර මහ කළමනාකරු (බස්නාහිර) අසංක බෙන්තර විතානගේ, පැලවත්ත ලංකා බැංකු ශාඛාවේ කළමනාකරු මදුසංක පීරිස්, මීගහතැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  කේ. ඒ. එස්. චානුක යන  මහත්වරුන් සහ  ලංකා බැංකු නිලධාරීන් මෙන්ම ලංකා බැංකුවේ ගිණුම් හිමියන් ඇතුළු පිරිසක් සහභාහී වූහ.