IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නිෂ්පාදන-සේවා අංශවල ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළට

යොහාන් භාසුර


මෙරට නිෂ්පාදන සහ සේවා අංශයේ ප්‍රධාන දර්ශකයක් වන ‘ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය’ අංශ දෙකෙන්ම පසුගිය වසරේ දෙසැම්බර් මස වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
නිෂ්පාදන අංශයේ තව දුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාද අංශයේ ‘ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය’ දෙසැම්බර් මස 57.2 ක දර්ශක අගයක් වාර්තා කළ බව මහ බැංකුව සඳහන් කළේය. 
සේවා අංශයේ ‘ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය’ හෙවත් ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකය දෙසැම්බර් මස දර්ශකාංක 71.1 ක් ලෙස ප්‍රදර්ශනය කරමින් සේවා ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන්නේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
උත්සව සමයේ විශේෂ ආහාර පාන සහ නිෂ්පාදන අංශයේ නිෂ්පාදන ඇණවුම් වැඩිවීම හේතුවෙන් නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකය දෙසැම්බර් මාසයේ තව දුරටත් ඉහළ ගිය බවත්, ශීත සෘතුවේ දීර්ඝ නිවාඩු පැවතීම හේතුවෙන් ප්‍රධාන ඇඟලු‍ම් අපනයන ගමනාත්තවලින් ලැබෙන ඇණවුම් පහත වැටීමෙන් රෙදිපිළි සහ ඇඟලු‍ම් නිෂ්පාදන අංහයේ නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක මාසය තුළදී පහළ ගිය බවත් මහ බැංකුව සඳහන් කරයි.
ව්‍යාපාර ක්‍රියාකාරකම්වල මෙම ඉහළ යෑම සඳහා බොහෝ අංශවල වූ වර්ධනයට හේතු වූ බව කියන ශ්‍රී ලංකා මහ බැංකුව, දෙසැම්බර් සමයේ පැවැති උත්සව කාලය මෙන්ම එම කාලය තුළ ඉහළ සංචාරක පැමිණීමක් වාර්තා වීම බලපෑ බව ද මහ බැංකුව සඳහන් කරයි.
තොග සහ සිල්ල වෙළෙදාමට සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් ඉහළ වර්ධනය ප්‍රදර්ශනය කිරීම ද සේවා අංශයේ වර්ධයට හේතු වී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් පැවසයි.

 



අදහස් (0)

නිෂ්පාදන-සේවා අංශවල ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site