(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
නුවරඑළිය වෙළදපොලේ උඳු කිලෝවක් රුපියල් 1500ක් වැනි ඉහල මිලකට අලෙවි වීම නිසා දමිල හින්දු ජනතාවගේ සාම්ප්‍රදායක ආහාර වශයෙන් සැලකෙන තෝසේ, ඉට්ලි, වඩේ, උඳුකැඳ වැනි ආහාර සකසා ගැනීමට නොහැකි වී ඇති බව ඔවුහු සදහන් කරති.
දමිල හින්දු ජනතාවගේ සාම්ප්‍රදායක උත්සව වලදී බොහෝ විට උඳු මිශ්‍ර ආහාර භාවිතා කරන අතර රු 400, 500 වැනි මිලකට අලෙවි වූ උඳු කිලෝවක් අද රුපියල් 1500ක් වැනි ඉහල මිලකට පැවතීම හේතුවෙන් පෝෂ්‍යදායක ආහාරයක් ලෙස උදු පාවිච්චි කිරීමට තමන්ට නොහැකි වි ඇති බව ඔවුන්ගේ මතයයි.
මේ දින වල නුවරඑළියේ හින්දු හෝටල්වල උඳුවඩේ නිෂ්පාදනයක් නොකරන අතර ප්‍රමිතියෙන් තොර උඳුවඩයක් රු 60ක් පමණ මිලකට අලෙවි කරනු දැකිය හැකිය. මින් පෙර උඳුවඩයක් රු 35 ක්ව පැවතිණ. විදේශයෙන් උඳු ආනායනය සිමා කිරීම ඊට හේතු වී ඇතිබව වෙළෙඳ මහතුන් සදහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නැතිව බඩගින්නේ හරි ගිහින් තොණ්ඩමන් වන්දනාමාන කර ලබන පාරත් තොණ්ඩමන්ට ඡන්දෙ දෙන්න.
තොණ්ඩමන් ඇමැතිතුමාට බැරිද මේ ප්‍රශ්නේ විසඳන්න..?