ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත විය ගැකි නවීන තාක්‍ෂණයෙන් යුත් ශ්‍රී ලංකාව වෙනුවෙන්ම නිර්මාණය කර නිපදවන ලද ප්‍රථම යාත්‍රා දෙක දික්ඕවිට ධීවර වරායට ළඟාවිය.
සාගර සම්පතින් උපරිම ඵල රටට හිමි කර දීමත් , ධීවර කර්මාන්තයේ නව රැකියා හා අදායම් උත්පාධන ක්ෂේත්‍ර විවර කරගැනීම උදෙසා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ධීවර කර්මාන්තය ආශ්‍රිතව හදුන්වා දී ක්‍රියාත්මක කරමින් තිබෙන “ නිල් ආර්ථික ” වැඩපිළිවෙළ යටතේ මෙම නවීන යාත්‍රා දෙක ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු සඳහා ගෙන්වනු ලැබ ඇත .
උසස් ධීවර මෙහෙයුම් ක්‍රියාවලියක් සදහා මෙවැනි නවීන තාක්‍ෂණයෙන් සමන්විත උපරිම ඵලදායිතාවක් සහිත යාත්‍රා එක්කරගැනීම පිළිබඳව වසර කීපයක සිට සාකච්ජාවට බඳුන්වී තිබිණි .
කලක් ධීවර කාර්මිකයකු ලෙස කටයුතු කළ මාදැල් ධීවර ව්‍යාපාරිකයකු විසින් මෙම යාත්‍රා දෙක මෙරටට ගෙන්වා තිබේ.්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප අගය කලයුතු වැඩක්. නව තාක්ෂණය සමග මෙම කර්මාන්තය ඉදිරියට යා යුතුමය.
රජය මසුන් මරණ නැවු 1ක් වත් මිලට ගෙන ධීවර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කල යුතුය.
ධීවර වරායවල් සේරම පිටරට කොම්පැනි වලට විකුණන්න කැබිනට් අනුමැතිය දීලත් ඉවරයි කියලා බස් කොන්දොස්තර අද උදේ බස් එකේදි කිව්වා මට ඇහුණා. ඉතින් මේ ධීවර බෝට්ටු සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දුන්න නම් වැඩක් වත් ගනියි. පාවෙන රෝහල් හදලා...