IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


නව ව්‍යවසාය නංවන්න රජයෙන් ශක්තිමත් රාමුවක්

  • 2030 වසර වනවිට ඩිජිටල් ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක්
  • නව සැලැස්ම එළි දැකීම ජූලි මාසයේ
  • ඩිස්රප්ට් ඒෂියා 2025 නව ව්‍යවසායට අවශ්‍ය පරිසරය සකසනවා
  • නවීන විසඳුම් සමාගම් මෙරට සිටියත් කටයුතු කරන්නෙ පසුපෙළේ

 

විමුක්ති එස් රුද්‍රිගු
ඩිජිටල් ආර්ථිකයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 ක විදේශ ආදායමක් මෙරටට ලැබෙන බවත් එම මුදල වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ඊයේ (18) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව 2016 වසරේ සිට ඩිජිටල් ආර්ථිකයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 විදේශ ආදායමක් උපයා ගැනීම පිළිබඳව කතා කරන බවත් 2030 වසර ඩිජිටල් ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් දක්වා වර්ධනය කර ගැනීම රජයේ ඉලක්කය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. ඊට හේතු ගණනාවක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
නව ව්‍යවසායන්ට සුදුසු නිසි ව්‍යාපාර පරිසරයක් නොමැති වීම ඊට එක් ප්‍රධාන හේතුවක් බව වීරරත්න මහතා පැවැසුවේය. ඒ හේතුවෙන් මෙරටට නවෝත්පාදන සහ කුසලතා හෙබි පුද්ගලයන් රැසක් අහිමිවී තිබෙන බවත් නිෂ්පාදන සමාගම්වලට මෙරට රැඳී සිටීමට නොහැකිව විදේශ රටවලට පවා සංක්‍රමණය වී තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
”‍ඩිස්රප්ට් ඒෂියා 2025”‍ වැනි වැඩසටහන් නව ව්‍යවසාය සඳහා අවශ්‍ය ව්‍යාපාරික වටපිටාව සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ආදායම් ඉල්ලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය රාමුව සකස් කරනු ඇතැයි රජයේ බලාපොරොත්තුව බවද ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාව ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් ලෙස ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන බවත් ශ්‍රී ලංකාවෙන් පිටත තිබෙන සමාගම් සඳහා අති නවීන තාක්ෂණික විසඳුම් ලබාගෙන සමාගම් මෙරට ස්ථාපිතව තිබෙන බවත් වීරරත්න මහතා ප්‍රකාශ කළේය.
එලෙස අති නවීන තාක්ෂණික විසඳුම් ලබාදෙන සමාගම් මෙරට සිටියත් එම සමාගම් කටයුතු කරන්නේ පසුපෙළ සිට බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. ශ්‍රී ලංකාව මනස වෙනස්කර ගනිමින් නව උත්පාදන සහ නිෂ්පාදන පසුපස හඹායාම අවශ්‍ය බව වීරරත්න මහතා ප්‍රකාශ කළේය. මෙරට ස්ථාපිත කර ඇති නවෝත්පාදන සමාගම් ශ්‍රී ලංකාවේ රඳවා ගැනීමකින් තොරව ඉලක්කය කරා යා නොහැකි බවද ඔහු පැවැසුවේය.
‘‘ඩිස්රප්ට් ඒෂියා 2025”‍ වැනි වැඩසටහන් ශ්‍රී ලංකාව නව ව්‍යවසාය සඳහා අවශ්‍ය ව්‍යාපාරික පරිසරය ආරම්භ කිරීමටත් තරුණයන්ට නව ව්‍යවසාය ආරම්භ කිරීමට සහාය වීමටත් උපකාරී වන බවද ඔහු ප්‍රකාශ කළේය. ‘‘ඩිස්රප්ට් ඒෂියා 2025”‍ වැනි වැඩසටහන් මෙරටට ආයෝජන ඇදගැනීමට මෙන්ම පාසල, විශ්වවිද්‍යාලය සහ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ සිටින නවොත්පාදකයන්ට සහායක් වන බවද වීරරත්න මහතා පැවැසුවේය.
ඩිජිටල්කරණය සහ දුගීභාවය තුරන් කිරීම ඉදිරි වසර 5 සඳහා වන රජයේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන මාතෘකාවන් බවත් ඩිජිටල්කරණය ගැන කතා කිරීමේදී ඩිජිටල් කර්මාන්තය පිළිබඳව අනිවාර්යයෙන්ම කතාකළ යුතු බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවැසුවේය. ජාතික ජන බලවේග රජය ඩිජිටල්කරණයට විශේෂ වැදගත්කමක් ලබා දෙන බවත් ඩිජිටල්කරණය යනු රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම පමණක් නොවන බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේය.
‘‘ඩිස්රප්ට් ඒෂියා 2025”‍ වැඩසටහන සම්බන්ධයෙන් මධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා මෙම අදහස් පැවැසුවේය.
එහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව නව ව්‍යසායන්ට අවශ්‍ය ව්‍යාපාරික පරිසරයක් තිබුණත් එම පරිසරය හා නව ව්‍යවසාය එකිනෙකට සම්බන්ධවී නොමැති බවය. ඒ හේතුවෙන් නවෝත්පාදන සහ ව්‍යසායකයන්ට මග පෙන්වීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී තිබෙන බවද ඔහු පැවැසුවේය.

 

 



අදහස් (0)

නව ව්‍යවසාය නංවන්න රජයෙන් ශක්තිමත් රාමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17797 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site