IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 6.51 ක්

විමුක්ති එස්. රුද්‍රිගු

පසුගිය මාර්තු මාසයේදී මෙරට නිල විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.51 ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

මෙරට විදේශ සංචිත ප්‍රමාණය පසුගිය පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.08 ක් ලෙස සටහන් වී තිබූ අතර, ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී මෙරට විදේශ සංචිත සියයට 7.1 කින් වර්ධනය වී ඇත. මෙම වර්ධනයට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් පසුගිය මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 401.9 ක් මිලදී ගෙන තිබීමද ප්‍රධාන හේතුවක් වී තිබේ.

පසුගිය මාස කීපයේදී මෙරට විදේශ සංචිත ඉතාමත් සුළු වශයෙන් පහත වැටීමෙන් පසුව නැවත වරක් පසුගිය මාර්තු මාසයේදී මෙලෙස විදේශ සංචිත ඉහළ ගොස් ඇත. පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසුව ශ්‍රී ලංකාව වාර්තා කළ ඉහළම විදේශ සංචිත ප්‍රමාණයද මෙය වේ. ශ්‍රී ලංකාව පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.47 ක සංචිතයකට හිමිකම් කීය. 

 



අදහස් (0)

නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 6.51 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 171 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2059 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site