ශ්රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බැලීම සඳහා නෙදර්ලන්තයේ ඉහළ පෙළේ ආයෝජකයින් කණ්ඩායමක් සිව්දින සංචාරයක් සඳහා අද කටුනායක ජාතයන්තර ගුවන්තොටුපොළෙක් දිවයිනට පැමිණියහ.
නෙදර්ලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද මහතාගේ මැදිහත්වීම මත එරට වානිජ අමාත්‍යංශය හා සම්බන්දතාවයෙන් මෙම පිරිස මෙරටට පැමිණ ඇත.
බස්නාහිර පළාත් සභාවේ සංචාරක මන්ඩලයේ සභාපති ක්ලෝඞ් තෝමස් මහතා ඇතුළු නිලධාරීන් විසින් දිවයිනට පැමිණි මෙම පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
මෙම පිරිස මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන යන මහත්වරුන් හමුවී මෙරට ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
මෙරට කොටස් වෙළඳ පොළ, ආයෝජන මණඩලයේ, අපනයන සංවර්ධන මණ්ඩලය, මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තය, කෘෂිකාර්මික, සංචාරක හා සෞඛ්‍ය යන ක්ෂේත‍්‍ර වල ආයෝජන අවස්ථා සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ ආයෝජකයන්?මොනවද ඒගොල්ලෝ නෙදර්ලන්තයේ කරන ව්‍යාපාර? ඒගොල්ලන්ගේ වත්කම් එහෙම කොහොමද? (නි)
සල්ලි ගෙනැල්ලා බීලා අමාරුවේ වැටෙයිද? (නි)
ලංකාවේ කළ ලොකුම මෝඩ වැඩේ, මත්තල ගුවන් තොටුපළ තැනීම.ලංකාවේ කළ ලොකුම හොද වැඩේ අධිවේගේ තැනීමයි (නි)
ක්‍රිස්තු වර්ෂ 1658 සිට 1796 දක්වා මේ රට පාලනය කරපු මේ කට්ටියට ආයෝජන ගැන අමුතුවෙන් දැනගන්න දෙයක් තියනවද?(අ)
කෝටිගණන් වියදම් කරමින් පාරවල් හැදුවට සංචාරකයන්ගේ ගමන්බිමන් වලට යොදාගන්න වාහන වලට , වාහන අමතර කොටස් වලට සහ ඉන්ධන මිල ගණනය කළහම අපේ ප්‍රවාහන වියදම තායිලන්තය සමග සංසන්දනය කළවිට 100% විතර වැඩියි. හෝටල් වලට අවශ්‍ය කරන විදුලි උපකරණ විදුලි බිල් ගොඩනැගිලි ද්‍රව්‍ය වල මිලත් එසේමයි. (නි)
ඔයාල සියල්ලෝම පඹගාලේ පැටලිලා. (නි)
රෙඩ් ලයිට් දිස්ත්‍රික්කයක් ඇතිකරයි ද දන්නෙ දන්නෑ.(නදී)
ද සිල්වා බෙර්ලින්, ඔබ හරියටම හරි. සිංගප්පූරුව, තායිලන්තය, මලේසියාව, මාලදිවයින වැනි රටවල සංචාරකයන්ට ලැබෙන පහසුකම් බලපුවාම අපි ඉන්නේ හුගක් පසුපසින්. (ස)
ජයනි, ඔයාට පිස්සුද? ඔයා ඔවුන් ගැන හරියට දන්නේ නැතුව ඇති (නි)
නෙදර්ලන්තයේ ඉන්නේ අවස්ථා වාදියෝ. මේ අයව රටට ගෙන්න ගත්තොත් ලංකාවට ඉස්සර ආපු මුහුදු මංකොල්ලකාරයින්ට වැඩිය හපන්. පරිස්සමින් මෙයාලා තමයි රටවල් කන්නේ. කොටින්ට හිතවාදියෝ. (නදී)
එන පොට හොද නැහැ පරිස්සම් වන්න ඔන්න කියුවා (දී)
තිෙයන ටිකත් අරෙගන යයිද දන්නෑ (දී)
මේ වගේ රටකින් අපේ ලංකාවට ආයෝජන අවස්ථා සොයා බලන්න එන එක අපි අගය කළ යුතු දෙයක්.නෙදර්ලන්ත මිනිස්සු හරිම සාමකාමී පිරිසක් (නි)
ඔබව සාදරයෙන් පිලි ගනිමු. කිරි නිෂ්පාදන අතින් ඔබ ලෝකයේ ඉහලම තැනක සිටින නිසා, අප රටේ එළ කිරි නිෂ්පාදනයටද ඔබගේ සහයෝගය ලැබෙන්නේ නම් අගය කරමු. (දී)
උත්සාහය නම් හොදයි, ප්‍රයෝජනයකුත් වේවා! (නි)
නෙදෙර්ලන්තයෙන් එනවා කියන්නේ ආයෝජන කෙසේ වෙතත් අපේ තරුණ කොල්ලෝ ටිකට මොනවා වෙඉද දන්නේ නැහැ (දී)
ලංකාවට එන සංචාරකයන් නව ක්‍රමය මත ඩොලර් 30 ක් ගෙවා වීසා අයදුම් කලයුතුය. ඉස්සර යුරෝපා සංගමය ඇතුළු රටවල් කීපයක සංචාරකයන්ට නොමිලයේම ගුවන්තොටුපලේදී විසා දුන්නා. තායිලන්තය, මාලදිවයින වැනි රටවල් තවම පැරණි ක්‍රමයට සංචාරක විසා දෙනවා. අපේ රටේ සිගිරිය වැනි ස්ථාන නරඹන්න සංචාරකයකුගෙන් ඩොලර් 25 ක් අයකරනවා. නමුත් ජර්මනියේ තිබෙන නොඉස්ච්වන්ස්ටඉන් කියන මාලිගය බලන්න අයකරන්නේ ඩොලර් 12 යි. නමුත් එතන සංචාරකයන්ට අවශය සියලු පහසුකම් තිබෙනවා. සංචාරක මගපෙන්වන්නන්ගේ ගාස්තුවත් මේ ඩොලර් 12 ට ඇතුලත්. අපේ සංචාරක ව්‍යාපාරිකයන්ට නොයෙකුත් ප්‍රශ්න තිබෙනවා. හෝටල් වලට මත්පැන් බලපත්‍ර ගැනීමේදී තිබෙන ක්‍රියා පටිපාටිය හරිම සංකිර්නයි. රාජ්‍ය බැංකුවකින් දේපලක් ඇපයට තබා නයක් ගන්න හරිම අමාරුයි. ව්‍යාපාරික බැංකු නය සඳහා පොලි අනුපාතය හරිම ඉහළයි. සුළු පරිමාණ විදේශික ආයෝජකයන්ට ඉඩම් ගැනිමේදී මේ වසරේදී පනවපු නීති නිසා ඒ යෝජනා අඩුවෙලා , දේශපාලන බලය සහිත මහා පරිමාණ බහුජාතික හෝටල් සමාගම්වලට මේ ප්‍රශ්න මොකුත් නොමැත. ඔවුන් ලංකාවේ බැංකුවලින් නය අරන් හෝටල් හදා ලාභය පිට රටවලට රැගෙන යනවා. මෙම කරුණු නිසා දකුනු පලාතේ සංචාරක ව්‍යාපාරය මෙම වසරේ පසුබෑමක් පෙන්නුම් කරනවා. ලංකාවට සංචාරකයන් වැඩිය ආවාට සංචාරක ව්‍යාපාරයෙන් රටට ලැබෙන විදේශ විනිමයේ අඩුවක් පෙන්නුම් කරනවා (මහබැංකු වාර්තාව) ඉන්දියාව, චීනය, තායිලන්තය වැනි රටවලින් සංචාරකයෝ ආවට ඔවුන් යුරෝපයේ සංචාරකයෝ වගේ මුදල් වියදම් කරන්නේ නැත. අපි අපේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ගැටළු හදුනාගත යුතුය. නැත්නම් තායිලන්තය, මාල දිවයින වැනි රටවල් සමග අපේ සංචාරක කර්මාන්තයට තරගයක් දිය නොහැක. (නදී)
නරකද මුලින් රටට අවශ්‍ය ආයෝජන මොනවාද,රටේ හා ජනතාවගේ සුබ සිද්ධියට ඒවා පලදායි වෙන අයුරු සහ කොපමණ කලක් සදහාද මෙම ආයෝජන ක්‍රියාත්මක කළ යුත්තේ සහ එම ව්‍යාපෘතීන්ට වඩාත්ම උචිත රටවල් මොනවාදැයි හඳුනාගෙන ඔවුන්ට ඒ සදහා ආරාධනා කළොත්? රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න එතනමයි. රටේ පලදායි ආර්ථික ආයෝජනයක් පෙනෙන මානයක නැහැ. (නි)
ලංකාවට ආයෝජනය කරන්න එන්න කිවුවාට (දේශපාලන සම්බන්ධකම් නැති සුළු පරිමාණ ) ආයෝජකයන්ට දී තිබෙන පහසුකම් මොනවාද? විදේශ වල ජිවත්වන ශ්‍රී ලාංකිකයන් වන අපිටත් ලංකාවේ ව්‍යාපාර කරගෙන යන්න හරිම අපහසුයි. මාසයෙන් මාසයට භාණ්ඩ සහ සේවා වලට අයකරන බදු ඉහළ දමනවා. රජයේ ආයතන වලින් වැඩක් කරගන්න ගියහම හරියට රස්තියාදුව. ශ්‍රී ලාංකිකයන් වන අපිටත් අමාරුකොට කොහොමද විදේශිකයෝ මෙහෙ මුදල් ආයෝජනය කර ලාභ ලබන්නේ? (නි)
අපේ රටෙන් ගෙනගිය වාරි ශිෂ්ටාචාරයයි විස්තර ටිකයි නැවත දෙන්න කියන්න මෙයාලට. (නි)
කෝ මේ කවුරුත් නැද්ද? නෙදර්ලන්තය අවට පගා ගැනනම් මොනවට කියනවද කමල්? (නි)
දැන් කෝ මත්තල ගුවන් තොටුපල??හැමෝම එන්නේ කටුනායක හරහා.අයියෝ සල්ලි (දී)
මම හිතුව බටහිර රටවල ආයෝජන වලට අපි කැමති නැහැ කියල. (අ)
කව්රු හරි නෙදර්ලන්තයෙන් පගාවක් වත් ඉල්ලලද?(නදී)
මෙයාලට ලංකා සවාරියට ඔක්කොම ගෙවීම් කරන්නේ නෙදෙර්ලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්, ඔහොම අරන් යනවා කිව්වම අපේ රටට එන්න ලක්ෂ ගණන් අය බලාගෙන ඉන්නවා,බලමුකෝ මෙයාල මොනවද ලංකාවේ පටන් ගන්නේ කියල (දී)