(ඉන්දික අරුණ කුමාර)
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගා කර ඇති ‘ටොම් ඇන් ඊජේසී’ (TomEJC) අඹ විශේෂයේ පැළ වගාවන්හි දිලීර රෝගයක් හටගෙන ඇතැයි ගොවීහු කියති.
උසින් අඩි දෙකත් - තුනත් අතර වන, දහස් ගණනක අඹ පැළවල දලු මේ හේතුවෙන් පිළිස්සී ගොස් ඇති බව ඔවුහු කියති.
මාස කිහිපයකට ඉහත දී නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් රැසක ‘ටොම් ඇන් ඊජේසි’ නම් අඹ විශේෂයට අයත් පැළ වගා කර තිබිණි. දිලීර රෝගය හේතුවෙන් නාඋල වගාබිම් රැසකට හානි සිදුවී ඇත.
වැසි තත්ත්වය සමඟ මෙම දිලීර තත්ත්වය හටගෙන ඇති බවද, වෙළඳපොළේ පවතින දිලීර නාශක දියර මීට පිළියම් වශයෙන් භාවිත කිරීම වඩාත් සුදුසු බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල්බෙහෙත් කාරයින්ගෙන් වගාව පරිස්සම් කරගන්න ඕනේ... තෙල් ටික විකුණගන්න ඕනේදෙයක් කරනවා..
මම ඇමරිකාවේ කරනදේ ගැන ලියන්නේ මෙරට කෘෂිකර්මය දියුණු නිසයි. මේ රටේ දැන් දිලීර පාලනයට සුළු ගොවියෝ පාවිච්චි කරන්නේ කොහොඹ තෙල්, වතුර සමග මිශ්‍රණය කර ඉසීමයි. අපේ ගෙවත්තේ තිබෙන සියලුම දිලීර ව්‍යාප්තිය පාලනය කරන්නේ මේ ආකාරයටයි. කොහොඹ තෙල් වලට මේ රටේ කියන්නේ "නීම් ඔඉල්" කියලා. කොලකන කෘමීන් කොලකන එක නතර කරනවා.