IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ධීවර කර්මාන්තය නැංවීමට නෝර්වේ ආධාර

(චමින්ද මුනසිංහ)

ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයේ ධීවර පර්යේෂණ කටයුතු වැඩිදියුණු කිරීම නෝර්වේ රාජ්‍යයේ සහයෝගය තවත් ඉදිරියට ගෙන යමින් ධීවර සම්පත් කළමනාකරණය, මෙවලම් වැඩිදියුණු කිරීම ඉලක්ක කර ගනිමින් ඇමෙරිකන් ඩොලර් මිලියනයක් (නෝර්වීජියානු ක්‍රෝන මිලියන 8.75ක්) ලබාදීමේ ගිවිසුමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ නෝර්වේහි සාගරික පර්යේෂණ ආයතනය ඉකුත්දා ගිවිසුමකට එළැඹියේය.

ශ්‍රී ලංකාවේ සාගර සම්පත් වඩාත් උසස් සහ තිරසර අන්දමින් කළමනාකරණය කිරීමේ අරමුණින් යුතුව මෙම ආයතන ද්විත්වය ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත පිළිබඳ පර්යේෂණ කටයුතුවල නිරතවනු ඇත.

නෝර්වේ රාජ්‍යයේ මූල්‍ය සහයෝගිතාව හේතුවෙන් 2018 වසරේදී Dr. ෆ්‍රිජොෆ් නැන්සන් නෝර්වේ පර්යේෂණ යාත්‍රාව මගින් මෙරට වෙරළබඩ මුහුදු තීරයේ පාරිසරික පද්ධති සමීක්ෂණයක් සිදු කිරීමේ අවස්ථාව උදාවිය. එම ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව අවසන් විය. 2022 දක්වා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම අවස්ථාවේදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා සහ මාලදිවයින් රාජ්‍යයේ නෝර්වේ තානාපතිනී ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් මහත්මිය මෙසේ සඳහන් කළාය. “නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කටයුතු සම්බන්ධව ද්වීපාර්ශ්වික සහයෝගීතාවට මෙන්ම සමුද්‍රීය සම්පත් සඳහා දත්ත පදනම් වූ කළමනාකරණ පද්ධති ස්ථාපනය කිරීම හරහා ශ්‍රී ලංකාවට සිය මත්ස්‍ය තොග වඩාත් හොඳින් අධීක්ෂණය කිරීමේ හැකියාව ලබාදීම සඳහා ද කැප වී සිටිනවා.” නෝර්වේ රාජ්‍යය සහ ශ්‍රී ලංකාව සමග ඇති මත්ස්‍ය සම්පත් සහයෝගිතාව 1970 දශකය දක්වා දිවෙන බවත්, ධීවර සම්පත් කළමනාකරණය, පර්යේෂණ සහ අධ්‍යාපනය සහ පෞද්ගලික අංශයේ සංවර්ධනය ද එම සහයෝගීතාවට ඇතුළත්. 2013 වසරේ සිට 2019 වසර දක්වා මෙරට ධීවර අංශය වෙනුවෙන් නෝර්වේජියානු ක්‍රෝන මිලියන 19.5ක් (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.3ක්) යොදවා තිබෙනවා.

සමුද්‍රීය සහ ධීවර කටයුතු සම්බන්ධව දැනුවත් තීරණ ගැනීම සඳහාත්, ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට නව සහ උසස් තාක්ෂණය හඳුන්වා දීමටත් මෙම පර්යේෂණ සොයා ගැනීම් ශ්‍රී ලංකාවේ අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමග ද බෙදාහදා ගැනීමේ වැදගත්කම ද තානාපතිනි එස්කෙඩල් මහත්මිය මෙහිදී අවධාරණය කර සිටියාය. සමුද්‍රීය පරිසරය සංරක්ෂණය කිරීම සහ තිරසාර අන්දමින් සමුද්‍ර, මුහුද්‍ර සහ සමුද්‍රීය සම්පත් භාවිත කිරීම සඳහා තිරසර සංවර්ධන ඉලක්ක 14 (SDG 14) වල වැදගත්කම ද, ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථික සංවර්ධනයට ධීවර අංශයේ දායකත්වය ලබාදීමේ වැදගත්කම ද ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියාය.

NARA ආයතනයේ සභාපති මහාචාර්ය නවරත්නරාජා මහතා ද මෙහිදී සිය අදහස් පළ කරමින් මෙසේ පැවසීය. “IMR ආයතනයේ විද්‍යාඥයන්ගේ තාක්ෂණික සහයෝගය, විද්‍යාත්මකව නිසි සමුද්‍රීය දත්ත එකතු කිරීමේ හැකියාව ලබාදෙන අතරම ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන්ගේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා මහඟු සහයෝගයක් ලබා දෙනවා.” අතීතයේ පටන් නෝර්වේ රාජ්‍යය මෙරට ධීවර අංශය සඳහා සුවිශේෂී සහයෝගයක් ලබාදී ඇති බවත්, ධීවර කටයුතු අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධිත ආයතනවල මගපෙන්වීම යටතේ NARA ආයතනය අනාගතයේදී IMR ආයතනය සමග තාක්ෂණික සහයෝගීතාව ශක්තිමත් කරන අතර දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරනවා.

 



අදහස් (0)

ධීවර කර්මාන්තය නැංවීමට නෝර්වේ ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 77 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 69 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 30 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 80 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 16 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 18 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1104 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1456 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 379 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site