IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ධම්මිකගේ වැලිබල් සමග ලාෆ්ස් එක්වෙයි

  • පැවරීමෙන් පසුව ලාෆ්ස් ගෑස් කොටසක් සියයට 55.97 කින්ද, ලාෆ්ස් පවර් කොටසක් සියයට 63.22 කින්ද ඉහළට 

 භානුක අමරසිංහ 

ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමූහයේ කොටස් ප්‍රමාණයක්, මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් වැලිබල් ත්‍රී (පෞද්) සමාගම වෙත හුවමාරු කර ඇතැයි පවසයි. 

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලාෆ්ස් ගෑස් පීඑල්සී සහ ලාෆ්ස් පවර් පීඑල්සී යන සමාගම් ඊයේ දිනයේදී ලිපියක් මගින් දැනුම් දෙමින් කොළඹ කොටස් හුවමාරුව වෙත මේ පිළිබඳව අනාවරණය කර තිබේ. 
ඒ අනුව ලාෆ්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සතුව තිබූ කොටස් 1‍,708,798ක් වැලිබල් ත්‍රී (පෞද්) සමාගම වෙත පවරා තිබේ. එය එම සමූහය නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් අතරින් සියයට 39.58 කි. 

මෙම කොටස් ලාෆ්ස් හෝල්ඩිංග්ස්හි සම නිර්මාතෘවරයකු මෙන්ම, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන තිලක් ද සිල්වා මහතා යටතේ පැවැති කොටස් බව ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමාගම පවසයි. ඒ අනුව මෙම කොටස් පැවරීමත් සමගින්ම ඒ මහතා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන්ද ඉවත් වන බවත් සමාගම් පවසයි. 

ධම්මික පෙරේරා මහතාගේ වැලිබල් සමූහය යටතේ ස්ථාපිත කර ඇති මෙම වැලිබල් ත්‍රී (පෞද්) සමාගම එහි ආයෝජන හස්තය ලෙස ක්‍රියා කරයි. කොළඹ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලු‍ණේ 27 වැනි මහලේ එහි කාර්යාලය පිහිටා ඇතැයි ද සඳහන් වෙයි. 

මේ අතරින් ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම මෙරට වෙත එල්පී ගෑස් ආනයනය කර බෙදාහැරීම සිදුකරන අතර, ලාෆ්ස් පවර් පීඑල්සී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. 

ධම්මික පෙරේරා සිදුකිරීමට නියමිත මෙම ආයෝජනය ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමූහය වෙත වැදගත් අවස්ථාවක් ලෙස ද අදහස වී තිබේ. කෙසේ වෙතත් මෙම කොටස් හුවමාරුවේ වටිනාකම කොපමණද යන්න මෙතෙක් අනාවරණය වී නැත. 

මෙම කොටස් පැවරීමෙන් අනතුරුව ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු අවසානයේදී ලාෆ්ස් ගෑස් කොටසක මිල රුපියල් 37.90 ක් දක්වා පෙර දිනයේ පැවැති රුපියල් 24.30ට සාපේක්ෂව රුපියල් 13.60කින් එනම් සියයට 55.97කින්ද, ලාෆ්ස් පවර් පීඑල්සී කොටසක් රුපියල් 14.20ක් දක්වා පෙර දිනයේ පැවැති රුපියල් 8.70ට සාපේක්ෂව රුපියල් 5.50 කින් එනම් සියයට 63.22 කින් ඉහළ නැග්ගේය. 

 



අදහස් (0)

ධම්මිකගේ වැලිබල් සමග ලාෆ්ස් එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 708 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site