නිමල කොඩිතුවක්කු
දේශීය ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය, රස කැවිලි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය ඇතුළු දේශීය නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා උපදේශන සභා පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ අනුව, රාජ්‍ය ආයතන, වාණිජ මණ්ඩල/සම්මේලන, විද්‍යායතන (විශ්ව විද්‍යාල හා පර්‌යේෂණ ආයතන) සහ අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂඥයන් නියෝජනය වන පරිදි 25 දෙනකුට නොවැඩි සාමාජික සංඛ්‍යාවකින් සමන්විතව මෙම උපදේශන සභා පිහිටුවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දේශීය ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය, රස කැවිලි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය, සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය, කුකුළු මස් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය, විසිතුරු මසුන් හා මුහුදු පැළෑටි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය, නිර්මාණාත්මක කලා ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය, ඉසව් කළමනාකරණ යන ක්ෂේත්‍ර සඳහා උපදේශක කමිටු පිහිටුවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.
ගැටලු අවම කිරීමේ අරමුණින් නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි උපදේශක සහා 20ක් මේ වන විට පිහිටුවා ඇත.
එම උපදේශක කමිටු මගින් ආවරණය නොවන තවත් විශේෂිත කර්මාන්ත ක්ෂේත්‍ර 07 ක් සඳහා උපදේශක කමිටු පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd