තුන් වැනි දිනයටත් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු දුබල කරන ආකාරයේ මිල දී ගැනීමේ රටාවක් පැවැතිණ. එහෙත් ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳ දර්ශක තරමක ස්ථාවර බවක් වාර්තා කළේය. මිල දී ගැනීම් අවම කර අඩු මිලට කොටස් ගැනීමේ පීඩනයක් නිර්මාණය වූ බවක් නිරීක්ෂණය කළ හැකි නමුත් දෙස් විදෙස් ආයෝජකයන් විකිණීම් පමණක් නොව මිල දී ගැනීම් ද පාලනය කරන ලද බව පෙනිණ.
සියලු කොටස් මිල දර්ශකය 15,854.26 ක් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 23.96 ක අඩුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,802.21 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 2.37 ක සුළු පිරිහීමකි’. ඊයේ ගනුදෙනු ආරම්භයේ සිට දර්ශක පහත වැටිණ. ගනුදෙනු ආරම්භවන විට සැලකිය යුතු පිරිහීමක් වාර්තා කරන ලද අතර එය සියලු කොටස් මිල දර්ශක 15,586 ක් දක්වා තියුණුවීම කැපී පෙනිණ. එහෙත් පසුව මධ්‍යහ්නය වන විට වෙළෙඳ පොළ ක්‍රමයෙන් යථා තත්වයට පත්වන බවක් නිරීක්ෂණය කළ හැකිවිය. අඩු මිල ගණන්වලට කොටස් මිල දී ගත් පිරිස් ඒවා වාසි සහිතව විකිණීමට උත්සාහ කළ අතර අඩු ඉල්ලුම හේතු කොටගෙන දර්ශක උච්චාවචනයක් සිදුවිය. කෙසේ වෙතත් ගනුදෙනු අවසන් වන පසු අඩුම මිලට පත් කොටස් මිල දී ගැනීමට ආයෝජකයන් නැඹුරු වූ අතර දිනය අවසානයේ දී බිඳ වැටීම පාලනය කරගැනීමට සමත් වූ බව නිරීක්ෂණය කළ හැකි විය.
පිරිවැටුම රු. බිලියන 4.56 කට සීමා විය. මෙම පිරිවැටුම මෑත සති කිහිපය තුළ අඩුම පිරිවැටුම වශයෙන් වාර්තා කළ හැකිය. මෙයින් රු. මිලියන 66.9 ක් ඩීමෝ කොටස් හුවමාරුව සඳහා විය. ලංකා අශෝක් ලේලන්ඞ් කොටස් සඳහා තවත් රු. මිලියන 6.94 ක් විය. කොන්විනියන්ස් ෆයින්ෑන්ස්රු. මිලියන 4.66 ක කොටස්, සතොස මෝටර්ස් රු. ලක්ෂ 5.6 ක කොටස් හා සෙලින්කෝ ඉන්ෂුවරන්ස් රු. ලක්ෂ 4.4 ක වටිනාකමැති කොටස් දිනයේ පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද බව සටහන්ය.
මෙදින ගනුදෙනු 33,460 ක් සිදුවී තිබේ. කලින් දිනයේ ගනුදෙනුවල මිලට සාපේක්ෂව සමාගම් 97 ක කොටස් මිල පහත වැටී තිබුණි. සමාගම් 141 ක කොටස් මිල ඉහළ ගියේය. බ්‍රවුන්ස් ඉන්වෙස්ටමන්ට්, සම්පත් බැංකුව, ෆස්ට් කැපිටල් සහ ජෝන් කීල්ස් යන සමාගම්වලට වැඩිම ඉල්ලුමක් තිබුණි.
ෆස්ට් කැපිටල් සමාගම සිය කොටස් හිමියන්ට ලාභාංශ ප්‍රකාශයට පත් කරයි. කොටසකට රු. 2.60 ක ප්‍රතිලාභ ලැබෙන අතර ජනවාරි 20 වැනිදා වන විට කොටස් හිමියන්ට එය පිරිනැමෙන බව නිවේදනය වී තිබේ. සමාගමේ කොටස් ගනුදෙනුවල දී කොටසක මිල ඊයේ දිනයේ දී රු. 27.40 තෙක් ඉහළ නැගීම විශේෂත්වයක් විය. මේ අතර මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ටට් ෆිනෑන්ස් ආයතනය සිය කොටස් හිමියන්ට එක කොටසක් සඳහා රු. විසි පහක ලාභාංශ ප්‍රකාශයට පත් කොට තිබේ. ඊයේ ගනුදෙනුවල දී සිය කොටස් විකිණීමට ගනුදෙනුකරුවෝ සූදානම් වූයේ නැත. ලක්ෂ ගණනක් කොටස් සඳහා පොරොත්තු ඉල්ලුමක් සටහන්වීම විශේෂත්වයකි.
මෙම සතිය ආරම්භයේ සිට ලාභ අරමුණු කොටගෙන කොටස් විකිණීම සඳහා වැඩි පීඩනයක් තිබුණි. කෙසේ වෙතත් විකිණීම සඳහා ද තියුණු උනන්දුවක් තිබුණේ නැත. බැංකු හා රක්ෂණ, වැවිලි සමාගම් කෙරෙහි ආයෝජන අංශය තවමත් මිල දී ගැනීමට උන්නදුවක් දක්වන කොටස් අතර තිබේ. ආණ්ඩුවේ අය වැය ඉදිරිපත් කර ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්වන තෙක් ගනුදෙනු පවතින රාමුව තුළ සිදුවීමට ඉඩ තිබේ.
ගවේෂක
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දර්ශක පහත වැටුණු තවත් දවසක්