IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


දිරිය ලක් කතට නායකත්ව සම්මානයක්

ඩිලිජන්ට් ගෲප් ශ්‍රී ලංකා සහ ඩිලිජන්ට් ටේ‍්‍රඩින් ඇන්ඞ් කන්ට‍්‍රක්ටින් කටාර් යන සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂිකා නිශානි ජයසිංහ රණවීර මහත්මිය පසුගියදා මොරිෂස් දිවයිනේ, ලී මෙරිඩියන් හෝටලයේ පැවැති ලෝක නායකත්ව සමුළුවේදී ග්ලෝබල් ලීඩර්ෂිප් එක්සලන්ස් අවෝඩ්  සම්මානයෙන් පිදුම් ලැබුවාය.

ඩිලිජන්ට් ගෲප් හි සභාපති ප‍්‍රභාෂ් රණවීර මහතාද මේ අවස්ථාවට එක්විය.

වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිණියක් වන රණවීර මහත්මිය  ඕස්ටේ‍්‍රලියාවේ වෙස්ටන් සිඞ්නි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කලමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරිණියකි. ඇය සහතික ලත් කලමනාකරණ ගණකාධිකාරවරුන්ගේ ආයතන බි‍්‍රතාන්‍යයේ මූල්‍ය කලමනාකරුවන්ගේ ආයතනයේදී සම්මාන සාමාජිකාවකි.

ඩිලිජන්ට් ගෲප් සමූහ ව්‍යාපාරයේ කලමනාකාර අධ්‍යක්ෂකවරිය 2016 පෙබරවාරි මස ඉන්දියාවේ ටාජ් ලෑන්ඩ් එන්ඩ් හෝටලයේ පැවැති ජාත්‍යන්තර කාන්තා නායකත්ව සමුළුවේදී වර්ල්ඩ් වුමන් ලීඩර්ෂිප් ඇචීව්මන්ට්  සම්මානයෙන්ද පිදුම් ලැබීම විශේෂත්වයකි.

වෘත්තියෙන් ඉංජිනේරුවරයකු සහ ගණකාධිකාරීවරයකු වන ව්‍යාපාර කලමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරී ඩිලිජන්ට් ගෲප් සමූහ ව්‍යාපාරයේ සභාපති ප‍්‍රභාෂ් රණවීර සහ ඔහුගේ බිරිඳ වන නිශානි රණවීර මහත්මිය 2015 වසරේදී ඩිලිජන්ට් ආයතනය කුඩා පිරිවැටුමකින් ආරම්භ කළ අතර අද වනවිට ව්‍යාපාර අංශ 08ක් හරහා ව්‍යාප්තව ඇත. 

ඩිලිජන්ට් අද වනවිට සේවකයන් 300කට අධික ප‍්‍රමාණයක් සේවයේ නියුතු සමූහ ව්‍යාපාරයකි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය උදෙසා දෙන දායකත්වය වෙනුවෙන් ඩිලිජන්ට් ගෲප්, ශ්‍රී ලංකා රජය විසින් එක්සලන්ස් අවෝඩ් 2014 සම්මානයෙන්ද පුදනු ලැබීය. 

IMG_0100 IMG_2411 IMG_2415 IMG_2425



අදහස් (0)

දිරිය ලක් කතට නායකත්ව සම්මානයක්

ජයසේකර Tuesday, 03 January 2017 01:17 PM

දුව ඔබ ගැන අපට ආඩම්බර විය හැකියි.(හේ)

:       0       0

හිරන්ත භද්දිය Thursday, 29 December 2016 10:53 AM

ශ්‍රී ලාංකිකයන් ගැන ආඩම්බරයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site