- සමාගම සතු හැටන් ප්ලාන්ටේෂන් හි කොටස් ප්‍රතිශතය සියයට 12.50ක් දක්නා ඉහළට
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි තවත් කොටස් මිලියන 10ක් (10,245,384ක්) මිලදී ගැනීමට දුර්ගා ඉන්ෆ්‍රා (පෞද්) සමාගම පසුගියදා කටයුතු යොදා තිබේ. එම සමාගම සහ DFCC බැංකුව එක්ව පවත්වාගෙන යන ගිණුමක් හරහා මෙම මිලදී ගැනීම සිදු කර ඇත.
මෙය හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 4.33කි. මෙහිදී කොටසක් රුපියල් 25.60ක් බැගින් මිලදී ගැනීම සිදු කර ඇති අතර, ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 211 ක් (රුපියල් 211,054,910ක්) ලෙස සටහන්ව තිබේ.
හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි මව් සමාගම වන M/s. ලෝටස් රිනීවබල් එනර්ජි (පෞද්) සමාගම මගින් මෙම කොටස් අලෙවිය සිදු කර තිබේ. මෙම මිලදී ගැනීමට පෙරාතුව දුර්ගා ඉන්ෆ්‍රා (පෞද්) සමාගම සතුව හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සීහි කොටස් 19,337,950ක් පැවතී තිබේ. ඒ අනුව එම කොටස් සංඛ්‍යාව 29,583,334ක් දක්වා ඉහළ ගොස් ඇත. එය සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය වන 236,666,671න් සියයට 12.50 ක ප්‍රතිශතයක් ගනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd