IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


දියර ගෑස් බලාගාරයක් හම්බන්තොට

 ශ්‍රී ලංකාවේ ස්වභාවික දියර ගෑස් පර්යන්තයක් හා බලශක්ති යන්ත්‍රාගාරයක් පිහිටුවීම සදහා ශ්‍රී ලංකාව එනර්ජි වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් නම් හොංකොං සමාගමට ඇමෙරිකා ඩොලර් කෝටි 135ක් ආයෝජනය කිරීමට අවසර දෙයි.

හම්බන්තොට වරායේ මෙම යන්ත්‍රාගාරය පිහිට වෙයි.

මෙම ගෑස් හම්බන්තොටින් අපනයනය කිරීමටත්, සම්පීඩනය කළ ගෑස් වාහන හා නැව්වලට සැපයීමටත් ශ්‍රී ලංකා රජය සැරැසෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය මිලට ගැනීමට එකඟවෙතොත් ස්වභාවකි දියර ගෑස් උපයෝගී කරගනිමින් මෙගාවොට් 1200ක විදුලි බලාගාරයක් ඉදි කිරීමට ද එන්ර්ජි වර්ල්ඩ් යෝජනා කරයි.

 

 



අදහස් (0)

දියර ගෑස් බලාගාරයක් හම්බන්තොට

ද සිල්වා බෙර්ලින් Sunday, 08 September 2013 08:18 PM

ලංකාවට අද බොරතෙල් පිරිපහදුවක අත්‍යවශ්‍යයි , දිනකට පැට්‍රොල් ඩීසල් රටින් ගෙන්වන නිසා කොටි ගණනක පාඩුවක් ලබනවා , බොරතෙල් පිරිපහදුවක් ලංකාවේ ඉදි නොකරන්නේ , පැට්‍රොල් , ඩීසල් ගෙන්වීමේදී කට හෝ විසල කොමිස් එකක ලැබෙන නිසාද කියල මට සැකයක් තිබෙනවා , විදුලි බල මණ්ඩලය මේ සමාගම් සමග ගිවිසුම්මකට යන්න ඉස්සරවෙලා මිල ගණන් සහ කොන්දේසි සහිත කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අවසර අරගන්නවා නම් හොඳි , නැත්නම් අර අසන්ත ද මේල් මහතය අත්සන් කරපු හෙද්ජින් ගිවිසුම වගේ උනොත් ඔක්කොම පවු වලට වන්ධි ගෙවන්න වෙන්නේ දුපත් විදුලි පාරිභෝගිකයන්ට තමයි. සභාපතිලා ඇමතිලා කොමිස් එකත් සාක්කුවේ දා ගෙන හොදින් ඉදිවී.(නදී)

:       0       0

රංගන Wednesday, 11 September 2013 07:38 PM

දැන් හැම දෙයක්ම හම්බන්තොටට විතරයි වගේ. කමක් නැහැ පස්සේ ඕකත් නොරෝච්චෝලයක් වගේ කරච්චලයක් කරන්න එපා හොදේ.(නදී)

:       0       0

දිසානායක Tuesday, 01 October 2013 12:10 AM

ඔය පැත්තේ මගේ හිතවතෙක් කිවුවා, එයාලා මළපහ කරන්න ඕනෑ වුණහම වනගත වෙනවලු තවම. මට නම් තේරුනේ නැහැ (නි)

:       0       0

රණා Wednesday, 11 September 2013 08:39 AM

අනේ සබරගමුවේ අපිත් හම්බන්තොට ඉපදුනා නම්..... (ස)

:       0       0

මහී Saturday, 21 September 2013 07:31 PM

අයියෝ! (නි)

:       0       0

අජිත් Saturday, 21 September 2013 11:10 AM

අනේ මේ රතුපස්වල එකත් ගෙනියන්නකෝ, හම්බන්තොටට (නි)

:       0       0

මහින්ද - හොරොව්පොතාන Saturday, 21 September 2013 07:32 PM

අනේ අහිංසක හොරොව්පොතාන! (නි)

:       0       0

චන්ද්‍ර Wednesday, 11 September 2013 02:48 PM

මේක හොඳ අදහසක්. හොඳට බැලුවොත් ගෑස් සමාගම් දෙක අපිව හුරගෙන කනවා. බොරු ගිණුම් වියදම් පෙන්නලා ගෑස් මිල ඉහල දානවා. ස්වභාවික ගෑස් තමා හොඳම විකල්පය. මෙයට අපි සුභ පතනවා. (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 11 September 2013 09:57 AM

මේක තවත් ණයක් නම්, කරන්න යන්නේ චීන්නු නම් (හොං කොං කියන්නෙත් චීන) තව පොඩ්ඩක් කල්පනා කලා නම් තමයි හොඳ. (ස)

:       0       0

නිමල් Saturday, 14 September 2013 10:55 PM

මම දන්නවා මට කට්ටිය බනිනවා. රට දියුනු කරනවා කියා ඔය යන ක්‍රමය වැරදියි. කෙටියෙන් කියනවා නම් රට උගසට තියල කරන සංවර්දනේ තේරුම් මොකක්ද?  ඔය නය බර කාගේ පිටද වැටෙන්නේ අහිංසක ජනතාවගේද? පාලකයෝද? අනික ඔය පාරවල් හෝ බලාගාර සදාකාලිකද? ඉස්සරලම හැදුව අදිවේග පාරේ වගකීම අවරුදු 20 නය කාලය අවරුදු 120 යි. එතකොට ඔය බලාගාර වලත් අවසානේ යකඩ ගොඩ හා නය විතරයි. එළියෙන් පේන තාවකාලික සුන්දරත්වයට වඩා ඇතුලේ තියන භයානක කම හිතන්න.(නදී)

:       0       0

වසන්ත Tuesday, 10 September 2013 03:32 PM

අතීතය නැවත නැවත සිදු වෙනවා පරිස්සමෙන් (දී)

:       0       0

හර්ෂ Saturday, 12 October 2013 09:13 AM

මේ වගේ දේවල් රටක දියුණුවට අවශ්‍ය වෙනවා. අපේ රටේ ගොඩක් මිනිස්සු අහන්නේ බංකොලොත් දේශපාළුවෝ කියන කතාවක් පිළිඅරගෙන මොන හොඳ දේ කළත් වැරදි විදියට දකින්න සහ බනින්න විතරයි. ඔය ණය ගන්නවා කියන කතාවත් ඒ වගේ තමයි. මේ වගේ හොඳ දේවල් මොන පක්ෂයක රජයක් කළත් හොඳ වැඩ. ඒවා අපි අගය කරන්න ඕනෑ. හරි දේ හරි විදියට දකින්න (නි)

:       0       0

සාලින්ද Saturday, 21 September 2013 12:01 PM

ණය ගෙවන්නේ කොහොමද ඕවට? (නි)

:       0       0

සමීර Saturday, 21 September 2013 12:01 PM

අපි ණයකාරයෝ කරන්න එපා. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Wednesday, 18 September 2013 12:27 AM

අන්න පුතේ හම්බන්තොට තවත් එකක් හදනවා (නි)

:       0       0

පාලිත Monday, 09 September 2013 01:58 PM

අන්න හොඳ වැඩ. පුලුවන් තරම් ආයෝජකයන්ට අවස්ථාව දෙන්න ඕන. අපේ සල්ලි හොල්ලන්නැතුව. අපේ ශ්‍රමය විකුණන ගමන්, අපි ඔවුන්ගේ තාක්ෂණය උපරිම ගන්න ඕන. හොඳ වැඩේ කවුරු කලත් හොඳයි. ඒකට පාට, පක්ෂ නෑ. (ස)

:       0       0

දසුනි Friday, 04 October 2013 11:51 PM

මේ යන විදිහට අපිට ඉස්සරහට ආසාවටවත් විදුලි බිලක් ගෙවන්න නැතිවෙයි. දැන් කී පාරක් නම් අඩු කළාද? (නි)

:       0       0

ටිකිරි Saturday, 21 September 2013 09:48 PM

සිල්වාට යකෙක් ගහලාද කොහෙද..(නදී)

:       0       0

සිල්වා Tuesday, 10 September 2013 11:39 AM

පාට කණ්නාඩි ගලවලා රට දියුණු වෙන හැටි බුද්ධිමත්ව බලන්න. කවුරු කලත් හරි දේ හරි. ධනවාදීව හිතන්න පුරුදුවන්න. හැම දෙයක්ම ලැබෙන්නේ ජනතාවට ලංකාවේ මිනිස්සු හැමදාම ලිඳේ ඉන්න මැඩියා වගේ ලෝකේ ගැන අවබෝධයක් නැහැ කයිවාරු විතරයි !! (ස)

:       0       0

ලෙස්ලි Thursday, 26 September 2013 05:59 AM

මෙය රජයේ අනාගතයට හොඳ පියවරක් ලෙස මම දකිමි. මෙමගින් විදුලි බලගාරයටත් අනුමැතියක් දුන්නොත් හොදයි. මම යෝජනා කරනවා කවුරු කළත් හොඳ වැඩ. (නි)

:       0       0

කටා මාමා Saturday, 21 September 2013 02:32 AM

ඌව පළාතේ කදු නිසා වරායවල් ගුවන් තොටුපොළවල් හදන්න අමාරුයි. ඒ නිසා බස් හෝල්ට් විතරයි හදන්න පුළුවන්.(නදී)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Friday, 20 September 2013 04:08 PM

හම්බන්තොට අපි දෙපාරක් ගියානේ වරාය බලන්නයි ගුවන් තොටුපොල බලන්නයි. තවපාරක් යන්න වෙන හැඩයි. බස් කුලිය තමයි? (නි)

:       0       0

සිල්වා Sunday, 08 September 2013 05:58 PM

ඔය තින්නේ ආයෝජන තව අවුරුදු 10 ලංකාව තියන තැන බලාගන්න පලුවන් හැම කෙනුකුටම. ලංකාව දියුණුව කරා ගමන් කරනවා ජනාදිපතිතුමා දුර දකිනවා හොද පෙර නිමිති සැමට ජය! රටේ ජනතාවගේ යුතුකමක් තියනවා රටේ නම සහ කිර්ති නාමය ආරක්ෂා කිරීම. බුද්දීමත්විම විනයක් ඇතුව වැඩ කිරීම.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 09 September 2013 02:45 PM

පාලිත ගොඩක් ආයෝජකයෝ කරලා තිබෙන්නේ ආයෝජන මණ්ඩල හරහා ව්‍යාපාර පටන් අරගෙන , 20% විතර මුදලක් ආයෝජනය කරලා ඉතුරුව ආයෝජන මණ්ඩලය හරහා රාජ්‍ය බැංකුවකින් අඩු පොලියට නයට අරන් ලාභය පිට රට යවන එක , ඊට පස්සේ ආයතනය පාඩු ලබුවොතින් තිබෙන යන්ත්‍ර සුත්‍ර ටිකත් විකුණා දමා පිටරට යනවා , බැංකු නය නිකන්ම බොල් නය වෙනවා , මේවැනි ක්‍රියා නිසා සුළු පරිමාණ ශ්‍රී ලංකික ව්‍යාපාරිකයකුට දේපලක් ඇපයට තබා සහනදායි පොලියකට ව්‍යාපාරික ණයක් රාජ්‍ය බැංකුවකින් ලබාගැනීමට අපහසු වී තිබෙනවා . (නදී)

:       0       0

නිදුල චිත්මල් සිල්වා Sunday, 08 September 2013 06:53 PM

හම්බන්තොට කලාපය අද ව්ශාල දියුණුවක් කරාපිය නංවයි. එය රටේ ඉදිරි දැක්මේ සුබ ලකුණකි. අපට රටේ තිබෙන්නාවූ සම්පත් වලින් උපරිම දේ අරගෙන රට ගොඩ නැගීම පවතින රජයේ වගකීමකි. ජනතාවගේ ජයග්‍රහණයකි. ජාතියක් වශයෙන් ඉදිරියට යාමට අධිෂ්ඨාන කර ගනිමු. අප සතු කුසලතා සහ දක්ෂතා පෙන්වීමට කාලය එලබ ඇත.(නදී)

:       0       0

මොහාන් Saturday, 14 September 2013 11:29 AM

දියර කිරි බලාගාරයක් දාන්න බැරිද (අ)

:       0       0

මෙරිල් Tuesday, 17 September 2013 02:17 AM

දැන් හම්බන්තොටට එල්ලුම් ගස පමණි අඩු (නි)

:       0       0

දම්මික Tuesday, 10 September 2013 01:02 PM

හරි හරි කොරේ පිටට මරේ (දී)

:       0       0

ඩෙනම් Tuesday, 10 September 2013 12:56 PM

රතුපස්වල වගේ මේ ගෑස් නිසා මිනිස් පෙනහළුවලට හානිකරද දන්නේ නැහැ , කමක් නැහැ මොනවා වුනත් , ඕව බලන්න ගියොත් ඉතින් අපට දියුණු වෙන්න හම්බවෙන්නතිවෙයි .වැඩේ තියෙන්නේ කෝටි $135ක් ආයෝජනය කර සැමදේම ඉදිවුනට පස්සේ තමා ළඟ තියෙන විහාරයෙන් උද්ගෝෂණයක් දියත් කරන්නේ .ඒකත් හොඳ උපක්‍රමයක් . (දී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 14 September 2013 11:54 AM

සිල්වා ට මොකක්ද මේ වෙලා තියෙන අපරාදය.ඉස්සර හොදට හිටිය නේද (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 14 September 2013 11:55 AM

ඔය ව්‍යාපෘතියෙන් කියක් කොමිස් ගහලාද කියල බලන්න අර්තර්ජාලයේ පිහිට පතමි. (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 14 September 2013 11:56 AM

වරායට සු... ගාල නව එනව.ගුවන් තොටුපොළට සූ..... ගාල ප්ලේන් එනව. නොරෝච්චෝලෙන් ඉන්දියාවටත් විදුලිය දෙනවා.තවමොනවද? (දී)

:       0       0

වර්ණ Thursday, 05 December 2013 01:51 AM

මේ වගේ දේවල් වලට සුභ පතන අය අඩුයි (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 14 September 2013 11:58 AM

සිල්වා.මොකද සිල්වා වයර් මාරු වෙලාවත්ද?පිස්සුද නැතිනම් හැටිද? (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 14 September 2013 11:59 AM

දැන් ලංකාව ලබල තියෙන දියුණුව හොදටෝම ඇති

:       0       0

පෙරේරා Tuesday, 10 September 2013 06:06 PM

ඩොලර් කෝටි 135ක්? ලංකාවේ වාර්ෂික ආදායමත් ඩොලර් බිලියන 25යි. (නි)

:       0       0

චමී Tuesday, 10 September 2013 01:17 PM

ඇයි හොං‍කොං, චීනෙ නැද්ද? (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 10 September 2013 05:44 AM

ප්‍රසන්න බොරුවට කෑගහනවා නොවේ, මේ තමයි ඇත්ත තත්වය. පිටරට ආයෝජකයෝ තමන්ගේ රටවලින් මුදල් ගෙනවිත් අපේ රටට හානියක් නැති විදියට කර්මාන්ත ආරම්භ කරනවා නම් අපි සියලු දෙනාම කැමතියි. නමුත් ලාභය පිටරට යැවීමෙන් අපිට ඇති ඵලක් නොමැත (නි)

:       0       0

ඩෙනම් Sunday, 15 September 2013 12:04 PM

දේශප්‍රේමී නිමල් මහතාගේ අදහසට මාත් අවංකවම එකඟ වෙමි. එහෙත් මෙවැනි දේ අප රටේ බහුතරයක් පිළිගන්නේද නැත. එය තේරුම් ගැනීමේ ශක්තියක්ද නැත. ඉතාමත් කණගාටුයි.(නදී)

:       0       0

ප්‍රසන්න Monday, 09 September 2013 05:29 PM

සිල්වා, බොරුවට කෑගහන්නෙ නැතුව ඉන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 115 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 179 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 120 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 256 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 49 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 430 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 636 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2136 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1857 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site