ශ්රී ලංකාවේ ස්වභාවික දියර ගෑස් පර්යන්තයක් හා බලශක්ති යන්ත්‍රාගාරයක් පිහිටුවීම සදහා ශ්‍රී ලංකාව එනර්ජි වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් නම් හොංකොං සමාගමට ඇමෙරිකා ඩොලර් කෝටි 135ක් ආයෝජනය කිරීමට අවසර දෙයි.
හම්බන්තොට වරායේ මෙම යන්ත්‍රාගාරය පිහිට වෙයි.
මෙම ගෑස් හම්බන්තොටින් අපනයනය කිරීමටත්, සම්පීඩනය කළ ගෑස් වාහන හා නැව්වලට සැපයීමටත් ශ්‍රී ලංකා රජය සැරැසෙයි.
ලංකා විදුලිබල මණ්ඩලය මිලට ගැනීමට එකඟවෙතොත් ස්වභාවකි දියර ගෑස් උපයෝගී කරගනිමින් මෙගාවොට් 1200ක විදුලි බලාගාරයක් ඉදි කිරීමට ද එන්ර්ජි වර්ල්ඩ් යෝජනා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය ගෙවන්නේ කොහොමද ඕවට? (නි)
සිල්වා.මොකද සිල්වා වයර් මාරු වෙලාවත්ද?පිස්සුද නැතිනම් හැටිද? (දී)
දැන් ලංකාව ලබල තියෙන දියුණුව හොදටෝම ඇති
මම දන්නවා මට කට්ටිය බනිනවා. රට දියුනු කරනවා කියා ඔය යන ක්‍රමය වැරදියි. කෙටියෙන් කියනවා නම් රට උගසට තියල කරන සංවර්දනේ තේරුම් මොකක්ද? ඔය නය බර කාගේ පිටද වැටෙන්නේ අහිංසක ජනතාවගේද? පාලකයෝද? අනික ඔය පාරවල් හෝ බලාගාර සදාකාලිකද? ඉස්සරලම හැදුව අදිවේග පාරේ වගකීම අවරුදු 20 නය කාලය අවරුදු 120 යි. එතකොට ඔය බලාගාර වලත් අවසානේ යකඩ ගොඩ හා නය විතරයි. එළියෙන් පේන තාවකාලික සුන්දරත්වයට වඩා ඇතුලේ තියන භයානක කම හිතන්න.(නදී)
දේශප්‍රේමී නිමල් මහතාගේ අදහසට මාත් අවංකවම එකඟ වෙමි. එහෙත් මෙවැනි දේ අප රටේ බහුතරයක් පිළිගන්නේද නැත. එය තේරුම් ගැනීමේ ශක්තියක්ද නැත. ඉතාමත් කණගාටුයි.(නදී)
දැන් හම්බන්තොටට එල්ලුම් ගස පමණි අඩු (නි)
අන්න පුතේ හම්බන්තොට තවත් එකක් හදනවා (නි)
හම්බන්තොට අපි දෙපාරක් ගියානේ වරාය බලන්නයි ගුවන් තොටුපොල බලන්නයි. තවපාරක් යන්න වෙන හැඩයි. බස් කුලිය තමයි? (නි)
ඌව පළාතේ කදු නිසා වරායවල් ගුවන් තොටුපොළවල් හදන්න අමාරුයි. ඒ නිසා බස් හෝල්ට් විතරයි හදන්න පුළුවන්.(නදී)
අනේ මේ රතුපස්වල එකත් ගෙනියන්නකෝ, හම්බන්තොටට (නි)
වරායට සු... ගාල නව එනව.ගුවන් තොටුපොළට සූ..... ගාල ප්ලේන් එනව. නොරෝච්චෝලෙන් ඉන්දියාවටත් විදුලිය දෙනවා.තවමොනවද? (දී)
අපි ණයකාරයෝ කරන්න එපා. (නි)
අයියෝ! (නි)
අනේ අහිංසක හොරොව්පොතාන! (නි)
සිල්වාට යකෙක් ගහලාද කොහෙද..(නදී)
මෙය රජයේ අනාගතයට හොඳ පියවරක් ලෙස මම දකිමි. මෙමගින් විදුලි බලගාරයටත් අනුමැතියක් දුන්නොත් හොදයි. මම යෝජනා කරනවා කවුරු කළත් හොඳ වැඩ. (නි)
ඔය පැත්තේ මගේ හිතවතෙක් කිවුවා, එයාලා මළපහ කරන්න ඕනෑ වුණහම වනගත වෙනවලු තවම. මට නම් තේරුනේ නැහැ (නි)
මේ යන විදිහට අපිට ඉස්සරහට ආසාවටවත් විදුලි බිලක් ගෙවන්න නැතිවෙයි. දැන් කී පාරක් නම් අඩු කළාද? (නි)
මේ වගේ දේවල් රටක දියුණුවට අවශ්‍ය වෙනවා. අපේ රටේ ගොඩක් මිනිස්සු අහන්නේ බංකොලොත් දේශපාළුවෝ කියන කතාවක් පිළිඅරගෙන මොන හොඳ දේ කළත් වැරදි විදියට දකින්න සහ බනින්න විතරයි. ඔය ණය ගන්නවා කියන කතාවත් ඒ වගේ තමයි. මේ වගේ හොඳ දේවල් මොන පක්ෂයක රජයක් කළත් හොඳ වැඩ. ඒවා අපි අගය කරන්න ඕනෑ. හරි දේ හරි විදියට දකින්න (නි)
මේ වගේ දේවල් වලට සුභ පතන අය අඩුයි (නි)
ඇයි හොංකොං, චීනෙ නැද්ද? (ස)
හම්බන්තොට කලාපය අද ව්ශාල දියුණුවක් කරාපිය නංවයි. එය රටේ ඉදිරි දැක්මේ සුබ ලකුණකි. අපට රටේ තිබෙන්නාවූ සම්පත් වලින් උපරිම දේ අරගෙන රට ගොඩ නැගීම පවතින රජයේ වගකීමකි. ජනතාවගේ ජයග්‍රහණයකි. ජාතියක් වශයෙන් ඉදිරියට යාමට අධිෂ්ඨාන කර ගනිමු. අප සතු කුසලතා සහ දක්ෂතා පෙන්වීමට කාලය එලබ ඇත.(නදී)
ලංකාවට අද බොරතෙල් පිරිපහදුවක අත්‍යවශ්‍යයි , දිනකට පැට්‍රොල් ඩීසල් රටින් ගෙන්වන නිසා කොටි ගණනක පාඩුවක් ලබනවා , බොරතෙල් පිරිපහදුවක් ලංකාවේ ඉදි නොකරන්නේ , පැට්‍රොල් , ඩීසල් ගෙන්වීමේදී කට හෝ විසල කොමිස් එකක ලැබෙන නිසාද කියල මට සැකයක් තිබෙනවා , විදුලි බල මණ්ඩලය මේ සමාගම් සමග ගිවිසුම්මකට යන්න ඉස්සරවෙලා මිල ගණන් සහ කොන්දේසි සහිත කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අවසර අරගන්නවා නම් හොඳි , නැත්නම් අර අසන්ත ද මේල් මහතය අත්සන් කරපු හෙද්ජින් ගිවිසුම වගේ උනොත් ඔක්කොම පවු වලට වන්ධි ගෙවන්න වෙන්නේ දුපත් විදුලි පාරිභෝගිකයන්ට තමයි. සභාපතිලා ඇමතිලා කොමිස් එකත් සාක්කුවේ දා ගෙන හොදින් ඉදිවී.(නදී)
අන්න හොඳ වැඩ. පුලුවන් තරම් ආයෝජකයන්ට අවස්ථාව දෙන්න ඕන. අපේ සල්ලි හොල්ලන්නැතුව. අපේ ශ්‍රමය විකුණන ගමන්, අපි ඔවුන්ගේ තාක්ෂණය උපරිම ගන්න ඕන. හොඳ වැඩේ කවුරු කලත් හොඳයි. ඒකට පාට, පක්ෂ නෑ. (ස)
පාලිත ගොඩක් ආයෝජකයෝ කරලා තිබෙන්නේ ආයෝජන මණ්ඩල හරහා ව්‍යාපාර පටන් අරගෙන , 20% විතර මුදලක් ආයෝජනය කරලා ඉතුරුව ආයෝජන මණ්ඩලය හරහා රාජ්‍ය බැංකුවකින් අඩු පොලියට නයට අරන් ලාභය පිට රට යවන එක , ඊට පස්සේ ආයතනය පාඩු ලබුවොතින් තිබෙන යන්ත්‍ර සුත්‍ර ටිකත් විකුණා දමා පිටරට යනවා , බැංකු නය නිකන්ම බොල් නය වෙනවා , මේවැනි ක්‍රියා නිසා සුළු පරිමාණ ශ්‍රී ලංකික ව්‍යාපාරිකයකුට දේපලක් ඇපයට තබා සහනදායි පොලියකට ව්‍යාපාරික ණයක් රාජ්‍ය බැංකුවකින් ලබාගැනීමට අපහසු වී තිබෙනවා . (නදී)
සිල්වා, බොරුවට කෑගහන්නෙ නැතුව ඉන්න (නි)
ප්‍රසන්න බොරුවට කෑගහනවා නොවේ, මේ තමයි ඇත්ත තත්වය. පිටරට ආයෝජකයෝ තමන්ගේ රටවලින් මුදල් ගෙනවිත් අපේ රටට හානියක් නැති විදියට කර්මාන්ත ආරම්භ කරනවා නම් අපි සියලු දෙනාම කැමතියි. නමුත් ලාභය පිටරට යැවීමෙන් අපිට ඇති ඵලක් නොමැත (නි)
පාට කණ්නාඩි ගලවලා රට දියුණු වෙන හැටි බුද්ධිමත්ව බලන්න. කවුරු කලත් හරි දේ හරි. ධනවාදීව හිතන්න පුරුදුවන්න. හැම දෙයක්ම ලැබෙන්නේ ජනතාවට ලංකාවේ මිනිස්සු හැමදාම ලිඳේ ඉන්න මැඩියා වගේ ලෝකේ ගැන අවබෝධයක් නැහැ කයිවාරු විතරයි !! (ස)
හරි හරි කොරේ පිටට මරේ (දී)
රතුපස්වල වගේ මේ ගෑස් නිසා මිනිස් පෙනහළුවලට හානිකරද දන්නේ නැහැ , කමක් නැහැ මොනවා වුනත් , ඕව බලන්න ගියොත් ඉතින් අපට දියුණු වෙන්න හම්බවෙන්නතිවෙයි .වැඩේ තියෙන්නේ කෝටි $135ක් ආයෝජනය කර සැමදේම ඉදිවුනට පස්සේ තමා ළඟ තියෙන විහාරයෙන් උද්ගෝෂණයක් දියත් කරන්නේ .ඒකත් හොඳ උපක්‍රමයක් . (දී)
ඔය තින්නේ ආයෝජන තව අවුරුදු 10 ලංකාව තියන තැන බලාගන්න පලුවන් හැම කෙනුකුටම. ලංකාව දියුණුව කරා ගමන් කරනවා ජනාදිපතිතුමා දුර දකිනවා හොද පෙර නිමිති සැමට ජය! රටේ ජනතාවගේ යුතුකමක් තියනවා රටේ නම සහ කිර්ති නාමය ආරක්ෂා කිරීම. බුද්දීමත්විම විනයක් ඇතුව වැඩ කිරීම.(නදී)
අතීතය නැවත නැවත සිදු වෙනවා පරිස්සමෙන් (දී)
ඩොලර් කෝටි 135ක්? ලංකාවේ වාර්ෂික ආදායමත් ඩොලර් බිලියන 25යි. (නි)
අනේ සබරගමුවේ අපිත් හම්බන්තොට ඉපදුනා නම්..... (ස)
මේක තවත් ණයක් නම්, කරන්න යන්නේ චීන්නු නම් (හොං කොං කියන්නෙත් චීන) තව පොඩ්ඩක් කල්පනා කලා නම් තමයි හොඳ. (ස)
මේක හොඳ අදහසක්. හොඳට බැලුවොත් ගෑස් සමාගම් දෙක අපිව හුරගෙන කනවා. බොරු ගිණුම් වියදම් පෙන්නලා ගෑස් මිල ඉහල දානවා. ස්වභාවික ගෑස් තමා හොඳම විකල්පය. මෙයට අපි සුභ පතනවා. (ස)
දැන් හැම දෙයක්ම හම්බන්තොටට විතරයි වගේ. කමක් නැහැ පස්සේ ඕකත් නොරෝච්චෝලයක් වගේ කරච්චලයක් කරන්න එපා හොදේ.(නදී)
දියර කිරි බලාගාරයක් දාන්න බැරිද (අ)
සිල්වා ට මොකක්ද මේ වෙලා තියෙන අපරාදය.ඉස්සර හොදට හිටිය නේද (දී)
ඔය ව්‍යාපෘතියෙන් කියක් කොමිස් ගහලාද කියල බලන්න අර්තර්ජාලයේ පිහිට පතමි. (දී)