මෙවර අම්පාරේදී පැවැත්වීමට නියමිත දැයට කිරුළ 2013 ප්‍රදර්ශනයට සමගාමීව සංවර්ධන ව්‍යාපෟතීන් රැසක් පොළොන්නරුව, මඩකළපුව, අම්පාර හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල ආරම්භ කිරීමට ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය සැරසේ.
කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍යය, පානීය ජලය, විදුලිය යන අංශ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිත මේ ව්‍යාපෘතීන් වලට වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 10650 කි.
දැයට කිරුළ ප්‍රදර්ශනය මෙම මස 23 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර ප්‍රදර්ශනයේ තේමාව වී ඇත්තේ ‘නැගෙනහිර ආශ්චර්යය‘ යන්නයි.ප්‍රදර්ශනයේදී ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙන දිවි නැගුම වැඩසටහනේ මෙතෙක් සාර්ථකත්වය හා ඉදිරියේදී
සිදුකිරීමට නියමිත වැඩකටයුතු ගැන ජනතාව දැනුම්වත් කිරීමටද ආර්ථික සංවර්ධන අමාත්‍යංශය බලාපොරොත්තු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ගම් උදාව පටන් ගත්තෙත් 23 වෙනිදාවක.(නදී)
මේ වගේ මිනිස්සු මුලා කරන වෙන දෙයක් නැහැ. මේකෙන් සංවර්ධනය වෙන්නේ ලොකු තැන්වල අයයි.(නදී)
අපි අපේ පාලකයින්ට සදා ණයගැති වියයුතුයි. (නි)
ප්‍රාදේශීය මට්ටමෙන් දියුණු වෙනවා මේ ක්‍රියාවෙන් (දී)
වාර්ෂිකව පැවැත්වෙන මේ ප්‍රදර්ශනය මගින් අපේ රට දියුණු වෙනවා (දී)
සුභ පැතුම්! (නි)
අපේ සුභ පැතුම් (දී)
දැයට කිරුළ අපේ බෙල්ලට තොණ්ඩුව... (නි)
දයට කිරුළ වෙනුවෙන් විශාල වශයෙන් ගස් කැපෙන එක නම් මට අනුමත කළ නොහැකියි. (නි)
දිල්රූ, තෙල් මිළ නෙමෙයි. අවසන් වුනාට පස්සේ ඔය තොරන් යටින් යන්න එපා.(නදී)
කිරුල කෙසේ වෙතත් බඩු මිල වැඩිවීමේ "තොන්ඩුව" නම් වැටෙනවා අපිට. (නි)
කොහොම කොහොම හරි සංවර්ධනය වෙනවානම් (ස)
කොමිස් මුදල සියයට පහද විස්සද?(නදී)
මට දෙසේතර නෝනව මතක් වුනා.(නදී)
ඕක අවසන් වුණායින් පස්සේ තෙල් මිළ ඉහළ යයිද? (නි)
දැයට කිරුළට සුභපැතුම් (දී)
ඉතා හොදයි (දී)
ලංකාව දැන් හරි දියුනුයි (දී)
සුභපැතුම් (දී)
කලින් කිරුළ තිබුණ බුත්තල දැන් කොච්චර දියුණුද? (නි)
ජනාධිපති තුමාට බොහොම ස්තුති අපිට මෙවන් දේවල් ලබා දෙනවට (දී)
දැයට කිරුල, නමුත් බඩු මිළ දැක්කම රටටම තොප්පිය.(නදී)
දැයට කිරුල කෙසේ වෙතත් මේ බඩුමිළ ඉහල යන විදියට අපිට ඉදිරියෙදි දකින්න ලැබෙන්නේ බඩ ගෙඩිය ඉදිරියට නෙරලා ආරපු මන්ද පෝෂිත දරු පරමිපරාවක්.(නදී)
වීරසේකරගේ, ඔය මොනවා කතා කළත් සියයට අසූවක්ම ගසා කනවා.(නදී)