භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගම සිය විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස දමින්ද නිෂාන්ත පෙරේරා මහතා පත් කරගත් බව පවසයි. 2025 මැයි 21 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ.
දමින්ද පෙරේරා මහතා සතුව වසර 21 කට අධික කාලයක් පුරා ඖෂධ, වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ, කෘෂිකාර්මික, නිෂ්පාදන සහ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසකම සන්නාම සංවර්ධනය, උපායමාර්ගික සැලසුම්, මෙහෙයුම් නායකත්වය ඇතුළු අත්දැකීම් රැසක් පවතින බව සඳහන් වෙයි. මීට පෙර ඒ මහතා යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ කටයුතු කරද්දී සම්මාන රැසකින්ම පිදුම් ලබා ඇතැයිද සඳහන්ය. දමින්ද පෙරේරා මහතා ලංකා ටයිල්ස් සමාගමේ සමූහ අලෙවිකරණ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd