IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දෙනෙත් අඳ ‘විෂන්‘ ඩුබායි යයි

දෘෂ්‍යාබාධිත සංගීත ශිල්පීන් පස්දෙනෙකු ගෙන් යුත් " විෂන් " සංගීත කණ්ඩායමේ ඉදිරි සුබසාධක කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය කරන මූල්‍යමය ස්ථාවරය ශක්තිමත් කරවනු පිණිස සංවිධානය කෙරෙන " ගී නෙත් සත්සර වින්දනය " සංගීත ප්‍රසංගය සිකුරාදා (18) ඩුබායිහි රශීඩ් රෝහල් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

එදින " විෂන් "  සංගීත කණ්ඩායම කීර්ති පැස්කුවෙල්, ඇනස්ලි මාලේවන සහ ලක්මිණි උඩවත්ත යන ගායක ගායිකාවෝ ගී ගයති.

එක්සත් අරාබි එමීරයේ ඩුබායි හි වෙසෙන ජෝර්ජ් හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ සමාජසේවා කටයුතු වලට උරදෙන ලාංකික පිරිසක් ප්‍රසංගය සංවිධානය කරයි.

සුමේධ, චන්දන, ලලිත්, චූලරත්න, සමග ප්‍රසන්න ගේ නායකත්වයෙන්  යුතු  විෂන් සංගීත කණ්ඩායම  දෙනෙතින් ලොව සුන්දරත්වය දකින්නට වරම් නොලත් සහජ කුසලතා වලින් පිරිපුන් අතිදක්ෂ සංගීත කණ්ඩායමකි. ඔවුහු අප මව්බිමේ විවිධ දුෂ්කර පෙදෙස් නියෝජනය කරති. ඔවුන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් සියලුදෙනාම වාදනයට මෙන්ම ගායනයටද දක්ෂ ශිල්පීන් වීමයි. ඉන් එක් අයෙකු මව්බිම වෙනුවෙන් යුද බිමෙහිදී තම දෙනෙත් පුද කළ රණවිරුවෙකි. මෙම සංධ්වනිය තමන්ට හැකි අයුරින් අන් අයට අත නොපා ස්වකීය හැකියාවන්ගෙන් තම ජීවිකාව මෙහෙය වන බව එම කණ්ඩායම් නායක ප්‍රසන්න වික්‍රමසිංහ කියා සිටී.

ගායන හා වාදන දක්ෂතාවයෙන් හෙබි මෙම සංගීත කණ්ඩායම මහනුවර කේන්ද්‍ර කොටගත් කලායතනයක් බිහි කිරීමට  ගැනීමට කලක් සිට වෑයම් කරන අතර දැනට  වැඩනිමවෙමින් පවතින මෙම කලායතනයේ කටයුතු සහ ඉදිරි සුබසාධක සැලසුම්  සඳහා මෙරට සංගීත ලෝලීන් මින්පෙර දැක්වූ ත්‍යාගශීලීබව සහ සහාය තම කණ්ඩායම  ස්තුතිපුර්වකව අගය කරන බව උපාධිධාරී ගුරුවරයෙකු වන විෂන් සංගීත කණ්ඩායම් නායකයා කියා සිටියේය. විෂන් සංගීත කණ්ඩායම ගැන වැඩිදුර තොරතුරු  [email protected]  විද්‍යුත් තැපෑල හෝ 071-8072179 යන දුරකතන අංක  අමතා ලබා ගත හැක.

01 02A Vision-band2



අදහස් (0)

දෙනෙත් අඳ ‘විෂන්‘ ඩුබායි යයි

සුනිල් Friday, 18 November 2016 02:34 AM

මෙයාලා හොඳ හැකියාවන් තියෙන අය. සුබ පැතුම්! (නි)

:       0       0

ජගත් Sunday, 20 November 2016 08:09 AM

අපගේ සුබ පැතුම්.(හේ)

:       0       0

ඩලස් Sunday, 20 November 2016 08:09 AM

මේ වැඩේ කරන්න ශක්තිය ලැබේවා.(හේ)

:       0       0

නිෂානි Sunday, 20 November 2016 08:09 AM

මේ වැඩේට උදව් කරපු හැම කෙනෙක්ටම නිරෝගී සුව ලැබේවා.(හේ)

:       0       0

ආසිරි Sunday, 20 November 2016 08:10 AM

හොඳ වැඩක්.(හේ)

:       0       0

නිෂානි Sunday, 20 November 2016 08:10 AM

මේ වැඩේට උදව් කරපු හැම කෙනෙක්ටම නිරෝගී සුව පතනවා. (හේ)

:       0       0

නිශානි Sunday, 20 November 2016 08:10 AM

මේ වැඩේට උදව් කරපු හැම කෙනෙක්ටම නිරෝගී සුව පතනවා. (බ)

:       0       0

නිෂානි Sunday, 20 November 2016 10:55 AM

මේ වැඩේට උදව් කරපු හැම කෙනෙක්ටම නිරෝගී සුව පතනවා. (හේ)

:       0       0

ජගත් Sunday, 20 November 2016 10:55 AM

මෙවන් තවත් වැඩකටයුතු කරන්න ශක්තිය ලැබේවා.(හේ)

:       0       0

ඉෂාන් Sunday, 20 November 2016 10:55 AM

හොද වැඩක්.(හේ)

:       0       0

ප්‍රියානි Thursday, 17 November 2016 08:38 PM

අපි මෙහෙම එකක් ගැන දන්නෙත් අදනේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site