දෘෂ්‍යාබාධිත සංගීත ශිල්පීන් පස්දෙනෙකු ගෙන් යුත් " විෂන් " සංගීත කණ්ඩායමේ ඉදිරි සුබසාධක කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය කරන මූල්‍යමය ස්ථාවරය ශක්තිමත් කරවනු පිණිස සංවිධානය කෙරෙන " ගී නෙත් සත්සර වින්දනය " සංගීත ප්‍රසංගය සිකුරාදා (18) ඩුබායිහි රශීඩ් රෝහල් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
එදින " විෂන් " සංගීත කණ්ඩායම කීර්ති පැස්කුවෙල්, ඇනස්ලි මාලේවන සහ ලක්මිණි උඩවත්ත යන ගායක ගායිකාවෝ ගී ගයති.
එක්සත් අරාබි එමීරයේ ඩුබායි හි වෙසෙන ජෝර්ජ් හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ සමාජසේවා කටයුතු වලට උරදෙන ලාංකික පිරිසක් ප්‍රසංගය සංවිධානය කරයි.
සුමේධ, චන්දන, ලලිත්, චූලරත්න, සමග ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුතු විෂන් සංගීත කණ්ඩායම දෙනෙතින් ලොව සුන්දරත්වය දකින්නට වරම් නොලත් සහජ කුසලතා වලින් පිරිපුන් අතිදක්ෂ සංගීත කණ්ඩායමකි. ඔවුහු අප මව්බිමේ විවිධ දුෂ්කර පෙදෙස් නියෝජනය කරති. ඔවුන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් සියලුදෙනාම වාදනයට මෙන්ම ගායනයටද දක්ෂ ශිල්පීන් වීමයි. ඉන් එක් අයෙකු මව්බිම වෙනුවෙන් යුද බිමෙහිදී තම දෙනෙත් පුද කළ රණවිරුවෙකි. මෙම සංධ්වනිය තමන්ට හැකි අයුරින් අන් අයට අත නොපා ස්වකීය හැකියාවන්ගෙන් තම ජීවිකාව මෙහෙය වන බව එම කණ්ඩායම් නායක ප්‍රසන්න වික්‍රමසිංහ කියා සිටී.
ගායන හා වාදන දක්ෂතාවයෙන් හෙබි මෙම සංගීත කණ්ඩායම මහනුවර කේන්ද්‍ර කොටගත් කලායතනයක් බිහි කිරීමට ගැනීමට කලක් සිට වෑයම් කරන අතර දැනට වැඩනිමවෙමින් පවතින මෙම කලායතනයේ කටයුතු සහ ඉදිරි සුබසාධක සැලසුම් සඳහා මෙරට සංගීත ලෝලීන් මින්පෙර දැක්වූ ත්‍යාගශීලීබව සහ සහාය තම කණ්ඩායම ස්තුතිපුර්වකව අගය කරන බව උපාධිධාරී ගුරුවරයෙකු වන විෂන් සංගීත කණ්ඩායම් නායකයා කියා සිටියේය. විෂන් සංගීත කණ්ඩායම ගැන වැඩිදුර තොරතුරු [email protected] විද්‍යුත් තැපෑල හෝ 071-8072179 යන දුරකතන අංක අමතා ලබා ගත හැක.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා හොඳ හැකියාවන් තියෙන අය. සුබ පැතුම්! (නි)
අපගේ සුබ පැතුම්.(හේ)
මේ වැඩේ කරන්න ශක්තිය ලැබේවා.(හේ)
මේ වැඩේට උදව් කරපු හැම කෙනෙක්ටම නිරෝගී සුව ලැබේවා.(හේ)
හොඳ වැඩක්.(හේ)
මේ වැඩේට උදව් කරපු හැම කෙනෙක්ටම නිරෝගී සුව පතනවා. (හේ)
මේ වැඩේට උදව් කරපු හැම කෙනෙක්ටම නිරෝගී සුව පතනවා. (බ)
මේ වැඩේට උදව් කරපු හැම කෙනෙක්ටම නිරෝගී සුව පතනවා. (හේ)
මෙවන් තවත් වැඩකටයුතු කරන්න ශක්තිය ලැබේවා.(හේ)
හොද වැඩක්.(හේ)
අපි මෙහෙම එකක් ගැන දන්නෙත් අදනේ!