සෙන්සෝ වොච් හිමිකරු උපාලි දළුගොඩ
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට මොලබේ වෙළෙඳ නගරයට ගිය ගමනේ දී අපි ගොඩවැදුනේ අත් ඔරලෝසු සහ බිත්ති ඔරලෝසු ව්‍යාපාර කටයුතුවල නියුතු සෙන්සෝ වොච් වෙළෙඳ ආයතනයටය. එහි හිමිකරුවන උපාලි දළුගොඩ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
මේ දවස්වල බිස්නස් කොහොමද?
මෙම දිනවල බිස්නස් ගැන කිව්වොත් බිස්නස් සාමාන්‍ය මට්ටමකට තමයි තියෙන්නේ. කොරෝනා කාලයේ බිස්නස්වල යම් කඩා වැටීමක් වෙලා තිබුණා. දැන් දැන් නැවතත් බිස්නස් එකක් ගොඩනැගෙමින් තියෙනවා.
බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
මම මීට කලින් තොග වෙළෙඳාම තමයි කළේ. මෙම ව්‍යාපාරය ආරම්භ කළේ 2017 වර්ෂයේ. ව්‍යාපාරය සඳහා අවශ්‍ය කරන භාණ්ඩ ආනයනය කරනවා වගේම අපි ගිහිනුත් භාණ්ඩ මිලදී ගෙන එන අවස්ථා තියෙනවා. චීනය, මැලේසියාව සහ ඉන්දියාව වගේ රටවලින් තමයි මෙම භාණ්ඩ ආනයනය කරගන්නේ.
අප්‍රේල්, දෙසැම්බර් මාසවල සීසන් එකේ තමයි අපිට හොඳ බිස්නස් එකක් තියෙන්නේ. අපේ ඉලක්කගත පාරිභෝගික කණ්ඩායම තමයි මධ්‍යම පාන්තික පාරිභෝගික පිරිස. ඒ අයට දරන්න පුළුවන් මිල ගණන් යටතේ භාණ්ඩ අප ආයතනයේ අලෙවි කරන්නේ. සාමාන්‍යයෙන් රුපියල් 750 මුදලක සිට රුපියල් 25000 මිල ගණන් යටතේ අත් ඔරලෝසු, බිත්ති ඔරලෝසු මිලදී ගන්න පාරිභෝගිකයාට අවස්ථාව සලසා දී තියෙන්නේ. අපි ඉහළ පාන්තිකයා වෙනුවෙන් භාණ්ඩ අලෙවි කරන්නේ නැහැ. ඒ අයට භාණ්ඩ වෙළෙඳපොළට ගේන්න විශාල මුදලක් වැය කරන්න සිදුවෙනවා.
භාණ්ඩයක් ගන්න පාරිභෝගිකයෙක් ආවොත් තමයි අපිට බිස්නස් එකක් තියෙන්නේ. පවතින ආර්ථික මට්ටමත් එක්ක පාරිභෝගිකයන්ට මූලික අවශ්‍යතාවලට අමතරව තවත් දෙයක් මිලදී ගන්න හැකියාවක් නෑ. මාසෙට රුපියල් පනස්දාහක පඩියක් ගන්න කෙනෙක් මාසික ආහාර අවශ්‍යතාව, ජල බිල්, විදුලි බිල් ගෙව්වම අතේ මුදලක් ඉතිරි වෙන්නේ නැහැ. එහෙම තත්වයක් තියෙද්දී කොහොමද පාරිභෝගිකයෙක් ඇවිත් අමතර මුදලක් යොදවලා අත් ඔරලෝසුවක්, බිත්ති ඔරලෝසුවක් මිලදී ගෙන යන්නේ. තවත් සමහරුන් දවසකට එක වේලක් හරි කන්නේ හරිම අමාරුවෙන්. මිනිස්සු අතේ සල්ලි නැතිකම තමයි බිස්නස් කඩාවැටෙන්න මූලිකම හේතුව.
මුදල් හිඟකමත් එක්ක අද වෙද්දී මිනිස්සු අලුතෙන් දෙයක් ගන්නවට වඩා තියෙන දෙය කුමන හෝ විදිහකින් අලුත්වැඩියා කරලා නැවත පරිහරණය කරන්න උත්සාහ කරන්නේ. අද වෙද්දී මිනිස්සු මුදලක් වියදම් කරන්න කලින් දහ දොළොස්වතාවක් හිතලා අත්‍යවශ්‍යම නම් විතරයි භාණ්ඩයක් මිලදී ගන්න එන්නේ. අපේ බිස්නස් සාමාන්‍ය මට්ටමකට හරි රඳා පැවතිලා තියෙන්නේ පාරිභෝගිකයාට දරන්න පුළුවන් මුදල යටතේ තෝරා ගැනීමට අවස්ථා තිබීම නිසයි.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ගයාන් අමරසේකර
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දැන් දැන් බිස්නස් ගොඩනැගෙමින් තිබෙනවා