වැඩිම බලපෑම ගම්මිරිස්, සාදික්කා සහ කරාබු නැටි නිෂ්පාදනයට
භානුක අමරසිංහ
දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ආපදා තත්වය හේතුවෙන් ඉදිරි කන්නවලදී මෙරට කුළු බඩු නිෂ්පාදනයේ සියයට 15ත් 20ත් අතර අඩුවීමක් සිදු වනු ඇතැයි කුළු බඩු සහ ඊට සම්බන්ධ නිෂ්පාදන නිෂ්පාදකයන්ගේ සහ වෙළෙදුන්ගේ සංගමය (SAPPTA) පවසයි.ලංකා වාණිජ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක සංගමයක් වන එහි සභාපති රයන් රඹුක්වැල්ල මහතා වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් මෙම කරුණු සඳහන් කර සිටියි. අද වනවිට මෙරට කුළු බඩු වගාකරුවන්, නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් ඇතුළු සමාගම් 193ක් මෙම සංගමයේ සාමාජිකත්වය දරයි.
විශේෂයෙන්ම මෙම ආපදාවෙන් ගම්මිරිස්, සාදික්කා සහ කරාබු නැටි යන වගාබිම් වෙත ඇතිව තිබෙන දැඩි හානි ඒ සඳහා හේතු වනු ඇති බවත් ඔහු පවසයි. “මෙම බෝගවල මල් පිපෙන කාලයේදී තමයි මෙම දිට්වා බලපෑම ඇති වුණේ. මේ නිසා ජනවාරි මාසයේදී නිෂ්පාදනය වීමට නියමිතව තිබුණු මහනුවර ගම්මිරිස් වගාව සම්පූර්ණයෙන්ම බලපෑමට ලක්වෙලා තිබෙනවා. ඒ වගේම අප්‍රේල් සිට අගෝස්තු දක්වා කාලය තුළ සිදු කරන ප්‍රධාන කුළු බඩු නිෂ්පාදන සියයට 15ත් - සියයට 20ත් අතර ප්‍රතිශතයකින් අඩු වේවි කියලා ඇස්තමේන්තු කර තිබෙනවා.”
මූලිකවම කුඩා ප්‍රමාණයේ ගොවීන් මෙහිදී දැඩි බලපෑමට ලක්ව තිබෙන බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කරයි. ඒ අනුව රජය දක්වන සහාය මත ඔවුන් නැවත නැගී සිටීම වේගවත් වනු ඇති බවත් ඔහුගේ අදහස වී තිබේ. කෙසේ වෙතත් මෙම තත්වය අපනයන සඳහා කැපී පෙනෙන ලෙස බලපෑමක් එල්ල නොකරනු ඇතැයිද සභාපතිවරයා මෙහිදී සඳහන් කරයි.
“කුළු බඩු නිෂ්පාදනය වෙත එල්ල වූ මෙම බලපෑමත් සමගින්ම අපනයනය වෙත එල්ල වූ බලපෑම ඉක්මනින්ම යථාවත් වේවි කියන අපේක්ෂාව තිබෙනවා.
ඒ වගේම මෙම කුළුබඩු අංශය ඉදිරි මාස තුනත් හයත් අතර කාලයේදී යළිත් ස්ථාවර තත්වයකට පත්වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd