(හර්ෂණ තුෂාර සිල්වා)
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසු ත්‍රස්තවාදී උවදුරු ආවරණය කෙරෙන රක්ෂණාවරණ සඳහා ඇති ඉල්ලුම වැඩි වී ඇතැයි ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති මංජුල ද සිල්වා මහතා ලංකාදීපයට අද (29) පැවැසීය.
රක්ෂණ ප්‍රතිලාභීන් ඉකුත් ඉරිදා (21) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසු අදාළ රක්ෂණාවරණය ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇතැයි ද මංජුල ද සිල්වා මහතා කීවේය.
ත්‍රස්තවාදී උවදුරු ආවරණය කෙරෙන රක්ෂණාවරණය සඳහා ඇති ඉල්ලුම වේගයෙන් වැඩි වී ඇති බව රක්ෂණ සමාගම් ද දැනුම් දී ඇතැයි හෙතෙම කීය.
ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ ද සඳහන් කළේය.
“මේ රක්ෂණාවරණය යුද්දේ කාලෙත් තිබුණා. ඊට පසුවත් තිබුණා. එහෙත් මිනිස්සු පසුගිය කාලයේදී ඒකට ඉල්ලුම් කළේ නැහැ. එහෙත් පසුගිය දා එල්ල වූ ප්‍රහාරයත් සමඟ ඊට තිබෙන ඉල්ලුම් වැඩි වෙලා. ජාතික රක්ෂණ භාර අරමුදලේ, වැඩවර්ජන, සිවිල් කලකෝලහාල, ත්‍රස්තවාදී ක්‍රියා යන්න යටතේ තමයි මේ ආවරණය එන්නේ.
වාහන රක්ෂණ ලබාගැනීමේදී අතිරේක රක්ෂණයක් ලෙස තමයි මෙය හිමිවන්නේ. ජාතික රක්ෂණ භාර අරමුදල මෙය කෙළින්ම අලෙවි කරන්නේ නැහැ. රක්ෂණ සමාගම්වලින් තමයි මෙය අලෙවි කරන්නේ.
වාහනවලට අමතරව, ගොඩනැගිලි, නිවාස, කාර්යාල යනාදියට මේ රක්ෂණාවරණය ලබාගන්න පුළුවන්.”
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ත්‍රස්තවාදී උවදුරු ආවරණය කෙරෙන රක්ෂණාවරණ ඉල්ලුම ඉහළට