IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ත්‍රිපෝෂ සමාගම ඈවර නොකරන තීරණයක්

 

  • නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට අවධානය

නිමල කොඩිතුවක්කු


ත්‍රිපෝෂ සමාගම ඈවර නොකර රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ. මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් ත්‍රිපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

කඳාන පිහිටි ත්‍රීපෝෂ සමාගමේ වත්මන් තත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් 'සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේය.

ත්‍රිපෝෂ සමාගමේ අමුද්‍රව්‍ය ගබඩාව, පුර්ණ සහ අවසන් නිෂ්පාදන කටයුතු, යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකාරීත්වය සහ ඇසුරුම් කටයුතු, තත්ව කළමනාකරණ කටයුතු මෙන්ම සමාගමේ නව නිෂ්පාදන ද මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පරීක්ෂාවට ලක්කළේය. ත්‍රිපෝෂ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, නව නිෂ්පාදන හඳුන්වාදීම හා ප්‍රවර්ධනය පිළිබඳවද එහිදි අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය.

ත්‍රීපෝෂ සමාගම රටේ ජනතාවගේ උන්නතිය සහ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ලාභ ලබන ආයතනයක් බවට පත් කරමින් විධිමත් සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ රජය සතු දියුණු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

ත්‍රිපෝෂ සමාගම ඈවර නොකරන තීරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site