IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තරඟකාරී විකිණීම් වෙළඳපොළ වර්ධනය සීමා කරයි

ගනුදෙනු ආරම්භයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ ක්‍රියාකාරීත්වයේ වර්ධනයකට අවස්ථාව තිබෙන බවක් පෙන්වන ලද නමුත් කෙටි කාලයකට පසු තරමක් සීමාවීම ඊයේ නිරීක්ෂණය කළ හැකි විය. ලාබ සහිතව විකිණීම සඳහා දරන ලද ප්‍රයත්නය එයට බලපෑ බව පෙනේ. ඉකුත් සතියේ අවසානය වන විට විදේශ මිල දී ගැනීම් වර්ධනය වන බවක් පෙන්වන ලද අතර මෙම සතිය තුළ තෝරාගත් සමාගම්වල ආයෝජනය වෙනුවෙන් විදේශික ගනුදෙනුකරුවන් ඉදිරිපත්වීමට ඉඩ තිබේ. එවැනි ප්‍රවණතාවක් තුළ වර්ධනයක් අපේක්ෂා කළ හැක. මේ අතර ඒෂියා ඇසෙස්ට් කොටසක් සඳහා රුපියල් තිස් හයක ලාභාංශ ප්‍රකාශයට පත් කොට තිබේ. 
අද දිනයේ ද ගනුදෙනු ලිහිල් භාවයක් සහිතව පවතිනු ඇත. බැංකු හා මුල්‍ය, වැවිලි සමාගම් සහ තෝරාගත් ඉසුරුමත් සමාගම්වල කොටස් මිල දී ගැනීමේ උනන්දුවක් පැවැතිය හැකිය. 
ඊයේ (මැයි 19) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,397.68 ක් වූ අතර එය දර්ශක 18.29 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,835.04 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 14.37 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 18,926 ක් වාර්තා වූ අතර සමාගම් 118 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 111 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 2,609.97 කි. 
කොමර්ෂල් බැංකුව රු. මිලියන 113 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිං රු. මිලියන 113 ක්, සම්පත් රු. මිලියන 88 ක, සී. අයි.සී. නිශ්ඡන්ද රු. මිලියන 86 ක, රෝයල් සෙරමික් රු. මිලියන 78 ක, වැලිබල් වන් රු. මිලියන 68 ක, සිංගර් ෆිනෑන්ස් රු. මිලියන 49 ක, ලංකෙම් ඩිවෙලොප්මන් රු. මිලියන 46 ක, ආගරපතන වැවිලි රු. මිලියන 46 ක, ස්වස්තික් රු. මිලියන 45 ක, සෙරන්ඩිබ් හොටෙල් රු. මිලියන 43 ක, පෑන් ඒෂියා බැංකුව රු. මිලියන 39 ක, සහ පීපල්ස් ලීසිං රු. මිලියන 38 ක වශයෙන් කොටස් වැඩිම 
ප්‍රමාණයකින් හුවමාරු වූ අවස්ථා වශයෙන් දැක්වේ.
නිරීක්ෂක



අදහස් (0)

තරඟකාරී විකිණීම් වෙළඳපොළ වර්ධනය සීමා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 88 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site