කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඉසුරුමත් සමාගම්වල කොටස් කෙරෙහි අඩු ඉල්ලුම තවමත් පවතී. ප්‍රමාද වී වර්ධනය වන දෙවැනි පෙළ කොටස් සඳහා යම් වාර්තාගත ඉල්ලීමක් සනිටුහන් කළේය. මධ්‍යහ්නය වන විට දර්ශක තරමක පිරිහීමක් වාර්තා කරන ලද නමුත් පසුව එය ආවරණය කරගත හැකි විය. වැඩි ගනුදෙනු ප්‍රමාණයක් හා ඉහළ පිරිවැටුමක් පෙන්නුම් කළ නමුත් කොටස් විකිණීමට දක්වන නැමියාව පැවැතිණ. වෙළෙඳපොළ වාර්තා අනුව මිල දී ගැනීමේ ප්‍රවණතාව සියයට 82.00 ක වැනි ඉහළ අගයක තිබිය දී අවිනිශ්චිත පසුබිමක තිබුණ බව දැක්විය හැකිය.
අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ යම් ආකාරයකට උච්ඡාවචන සහිතව හැසිරෙනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලි කරන ලද ආයෝජන ලබාගැනීමේ හා ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමේ වැඩපිළිවෙළ කෙරෙහි රජය දක්වන ප්‍රතිචාරය දෙස ආයෝජන අංශ බලාසිටින බවක් පෙනේ. අද දිනයේ දී ද උපායශීලී මිල දී ගැනීම් නිර්දේශ කළ හැකිවේ.
ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,174.74 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 76.75 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,162.38 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 0.84 ක සුළු පහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 13.30 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 42,866 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 918.2 ක් විය. සමාගම් 130 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 137 කි.
කොමර්ෂල් බැංකුව මෙරට ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවන වත්කම් සහිත බැංකුව බවට පත්ව ඇති අතර ඊයේ දිනයේ දී කොමර්ෂල් බැංකුවේ කොටස් සඳහා ඉහළ ඉල්ලුමක් වාර්තා විය. පිරිවැටුමෙන් සැලකිය යුතු කොටසක් කොමර්ෂල් බැංකුවේ කොටස් නියෝජනය කළ බව දැක්විය හැකිය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 04
582
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
499
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
424
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තරඟකාරී මිලදී ගැනීම් සදහා කල්ගන්නා පසුබිමක