ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය (SLIA) සංවිධානය කළ වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී (Annual Product Awards) දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් ආරක්ෂාව පිළිබඳ ඉහළ ප්‍රමිතිවලට අනුකූලව නිපදවන, ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන දොරවල් සඳහා විශිෂ්ටතා සම්මානයක් දිනා ගත්තේය. කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත එම සම්මානය පිරිනමන ලදී.
කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු ත්‍රී සිංහ සමාගම වර්තමානයේදී මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයක් බවට පත් වී තිබේ. ගුණාත්මකභාවය, නව්‍යකරණය සහ විශ්වාසනීයභාවය පිළිබඳව ප්‍රමුඛ අවධානය යොමු කරන එම සමාගම දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද විශාල කීර්තියක් දිනා ඇත. ඉහළ ප්‍රමිති අනුගමනය කිරීම වෙනුවෙන් තත්ව සහතික රැසක් ලබා ඇති එම සමාගම දෙස් විදෙස් සම්මාන රැසක්ද දිනා තිබේ.
ත්‍රී සිංහ සමාගම පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන සහ සේවා සපයයි. ඒ අතර රෝලර් ඩෝ, ෂටර් සහ ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන දොරවල් ප්‍රධාන වේ. උපරිම ආරක්ෂාවක් ලැබෙන පරිදි ඉහළ ප්‍රමිතිවලට අනුව එම දොරවල් නිපදවා ඇත. ඇලුමිනියම් සැකැසුම්, සංවේදක දොරවල් සහ ස්වයංක්‍රීය බාධක එම සමාගමේ අනෙකුත් නිෂ්පාදන අතර වේ. බල ශක්ති ක්ෂේත්‍රයේ වර්තමාන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් තිරසාර බල ශක්තිය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති එම සමාගම ඔන්-ග්‍රිඩ්, ඕෆ්-ග්‍රිඩ්, හයිබ්‍රිඩ් යන වර්ග තුනට අයත් සූර්ය බල ශක්ති පද්ධති ස්ථාපනය කිරීමේ සේවාද සපයයි.
2025 දෙසැම්බර් මස 18
541
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
273
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් සමාගමට SLIA විශිෂ්ටතා සම්මාන