IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් සමාගම SLIA විශිෂ්ටතා සම්මාන දිනයි

ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය (SLIA) සංවිධානය කළ වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී (Annual Product Awards) දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් ආරක්ෂාව පිළිබඳ ඉහළ ප්‍රමිතිවලට අනුකූලව නිපදවන, ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන දොරවල් සඳහා විශිෂ්ටතා සම්මානයක් දිනා ගත්තේය. කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත එම සම්මානය පිරිනමන ලදී.

කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු ත්‍රී සිංහ සමාගම වර්තමානයේදී මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයක් බවට පත් වී තිබේ. ගුණාත්මකභාවය, නව්‍යකරණය සහ විශ්වාසනීයභාවය පිළිබඳව ප්‍රමුඛ අවධානය යොමු කරන එම සමාගම දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද විශාල කීර්තියක් දිනා ඇත. ඉහළ ප්‍රමිති අනුගමනය කිරීම වෙනුවෙන් තත්ත්ව සහතික රැසක් ලබා ඇති එම සමාගම දෙස් විදෙස් සම්මාන රැසක්ද දිනා තිබේ.

ත්‍රී සිංහ සමාගම පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන සහ සේවා සපයයි. ඒ අතර රෝලර් ඩෝ, ෂටර් සහ ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන දොරවල් ප්‍රධාන වේ. උපරිම ආරක්ෂාවක් ලැබෙන පරිදි ඉහළ ප්‍රමිතිවලට අනුව එම දොරවල් නිපදවා ඇත. ඇලු‍මිනියම් සැකැසුම්, සංවේදක දොරවල් සහ ස්වයංක්‍රීය බාධක එම සමාගමේ අනෙකුත් නිෂ්පාදන අතර වේ. බල ශක්ති ක්ෂේත්‍රයේ වර්තමාන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් තිරසාර බල ශක්තිය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති එම සමාගම ඔන්-ග්‍රිඞ්, ඕෆ්-ග්‍රිඩ්, හයිබ්‍රිඩ් යන වර්ග තුනට අයත් සූර්ය බල ශක්ති පද්ධති ස්ථාපනය කිරීමේ සේවාද සපයයි. ත්‍රී සිංහ සමාගමට අනුබද්ධ IKLO Industries සමාගම වානේ ඉදි කිරීම් සහ ඒ ආශ්‍රිත සේවා සපයයි. 



අදහස් (0)

ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් සමාගම SLIA විශිෂ්ටතා සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 277 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 804 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site